අලුත උපන් දියණියගේ ලිංගික අවයවයෙහි ඇතිවිය හැකි අසාමාන්‍යතා කිහිපයක් හඳුනා ගත හැකිය. උපතින් පසු දියණියගේ ලිංගික ප්‍රදේශය ඉදිමී ඇත්නම් එය බොහෝ විට වැදෑමහ තරලය නිසා හෝ උපතට පෙර ඇය ඔබෙන් ලබාගෙන ඇති හෝමෝනවල අතිරික්තය නිසා විය හැකිය. මෙම ඉදිමීම හානිකර නොවන අතර, දින කිහිපයකට පසු ඇගේ මුත්‍රා පිටවීමත් සමග යථා තත්ත්වයට පත්වෙයි.
සමහර විටක දියණියගේ යෝනි මාර්ගයෙන් ශ්ලේෂ්මල ස්‍රාවයක් සහ රුධිරය ස්වල්පයක් පිටවන බව ඔබ නිරීක්ෂණය කරනු ඇත. මෙය ද ඔබේ හෝමෝන නිසා ඇතිවන්නකි. ඉඳහිට දරු ප්‍රසූතියෙන් සුළු තැලීම් ඇති වේ. මේ සියල්ල හානිකර නොවන අතර දින කිහිපයකින් පහව යනු ඇත.
ඉදිමීම දිගටම පවතී නම්, එය ඔබේ දරුවාගේ වෛද්‍යවරයාට පෙන්වන්න. මක් නිසාද ඉකිලි ප්‍රදේශයේ ඉදිමුණු වසා ගැටිති සහ Classic congenital adrenal hyperplasia හේතු විය හැකිය.
Classic congenital adrenal hyperplasia වැළඳුණු විට සිදු වන්නේ ළදැරියක වැඩිපුර පිරිමි හෝමෝන නිපදවන විට, එහි ප්‍රතිඵලයක් ලෙස උපතේදීම ලිංගික අවයව අසාමාන්‍ය ලෙස පෙනෙන්නට ගැනීමයි. මෙහිදී ගැහැණු ළමයෙකු වුවත් ඇගේ ලිංගික අවයව මුලින්ම පිරිමි අවයවයකට සමාන ලෙස පෙනෙන්නේට ගනියි. උදාහරණයක් ලෙස, ඇගේ ක්ලිටෝරිසය විශාල වී තිබිය හැක. එක්සත් ජනපදයේ බොහෝ ළදැරියන් මෙම තත්වය නිසා නිතිපතා පරීක්ෂාවට ලක් කරනු ලැබේ. මෙම තත්වය බරපතල විය හැක. එනිසා අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු ය.
බේබි සෙන්ටර් වෙබ් අඩවිය ඇසුරෙනි.