hit counter code

අම්මයි බබයි 01- උපේකා නිර්මාණි

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

උපේකා නිර්මාණි නව පරපුරේ දක්ෂ ගායිකාවක්. රසිකයන් අතර ජනප්‍රිය උපේකාගේ ගීත විතරක් නෙවෙයි. ඇය පවුලේ අය සමඟ සතුටින් ඉන්න වීඩියෝ පට සමාජ ජාලා වල නිතරම ජනප්‍රිය වෙනවා. අම්මා කෙනෙක් ලෙස ගෙවන ජීවිතය ගැන උපේකා එක්ක කතා කරන්න අපි හිතුවා.

උපේකාට බබාලා කී දෙනෙක් ඉන්නවද?

මම එක පුතෙකුගේ අම්මා කෙනෙක්.

නම කියමු ද?

තීව්‍ර

බබා ඉපදුණ ගමන් හිතට දැනුණේ මොනවද?

හැම අම්මා කෙනෙක්ට ම වගේ මම අම්මා කෙනෙක් වුණා නේද කියලා හිතෙනවා. ඒක ඇත්තට ම මාසයක් දෙකක් විතර යන කල් හිටි හැටියේ හිතට ආව හැඟීමක් වුණා.

ඒ කාලෙදි ගෙදරින් ලැබුණ උදව් ගැන මතක් කරමු.

ඇත්තට ම මට තිබුණේ බබාට කිරි ටික දෙන්න විතරයි. අම්මා මට උපරිමයෙන් උදව් කළා. කෑම බීම හදලා ළඟටම දුන්නා. මට තිබුණේ ඒවා කාලා කිරි ටික දෙන්න විතරයි. ඒවගේම හස්බන්ඩ් මට සෑහෙන්න උදව් කළා. මට සීස සැත්කමත් එක්ක ටිකක් අමාරු වුණා. දරුවගෙ නාවන ඒවගෙ ඉඳන් දේවල් බලමින් එයා මට උපරිම උදව් කළා. ඉස්සර වගේ නිදහසක් නැති බව ඇත්ත. නමුත් එයාලගෙ සහයෝගය නිසා මට මගේ වැඩ බැලන්ස් කරගන්න පුලුවන් වුණා.

මියුසික් වැඩත් එක්ක බබාගෙ වැඩ බැලන්ස් කරන්නේ කවුද ?

බබාගෙ කවන, නාවන සේරම මම තමයි කරන්නේ. හස්බන්ඩ් උදව් කරනවා. නමුත් මට දිනපතාම වැඩ නැති හින්දා මම තමයි ඇත්තට ම බබාගෙ වැඩ ගොඩක් වෙලාවට කරන්නේ.

හදිසියේ උපේකාට වැඩ යෙදෙනකොට දරුවාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්නේ කොහොමද?

මම හෝ හස්බන්ඩ් නැත්නම් අම්මලා තමයි බබාව බලන්නේ. නර්සරි එකෙන් වුණත් කිසිම පිට කෙනෙක්ට බබාව ගන්න දෙන්නේ නෑ. ඇත්තට ම අම්මලා අපි වගේ ම බබා ව ආදරෙන් පරිස්සමින් බලාගන්නවා. ඇත්තට ම දරුවාගේ ආරක්ෂාව ගැන ඉතාම තදින් හිතනවා.

වැඩ කරන අම්මා කෙනෙක් විදියට අම්මලාට දෙන පණිවිඩය මොකක්ද ?

අම්මා කෙනෙක්ට තියෙන වගකීම කාටවත් කරන්න බෑ. පොඩි කාලෙ ඉඳන් දරුවා බැලුවෙ නැත්නම් තාත්තාට ඒ අත්දැකීම් නැහැ. ඒ වගකීම අම්මෙක්ට මග හරින්න බැහැ.

අලුත් පරම්පරාවේ අම්මලාට උපේකාගේ මේ අදහස් වලින් ලබා ගන්න බොහෝ දේ ඇති. උපේකාට ආදරය සහ සතුට පිරුණු ජීවිතයකට Babynmom.lk අපේ ආදරණීය සුබ පැතුම්!

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

පුතාලට අඬන්න හොඳ නැද්ද?

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?” පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

Related Posts

Stories

පුතාලට අඬන්න හොඳ නැද්ද?

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?” පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ පුදුමයෙන්.පිරිමි ළමයින්ට අඬන්න නරක බව එයා දැනගෙන හිටියේ නෑ.ඇත්තටම පිරිමි ළමයි ඇඬුවම මොකද?

Read More »
Stories

බෝලෙට යාළුවෙක්……..

කහ පාට ප්ලාස්ටික් බෝලෙ ගෙදර මුල්ලක තනිවෙලා හිටියා.දැන් එයා පරණයි.සීරිලා.තැලිලා.කැත වෙලා.ඒ නිසා කවුරුත් එයාට ආස නැහැ.බබාට අම්මා අලුත්ම අලුත් බෝලයක් ගෙනත් දීලා.බබා ඒ බෝලෙ එක්ක

Read More »
Stories

ලෝකෙ ඉන්නෙ අපි විතර ද?

“මේ ලෝකෙ ඉන්නෙ අපි විතරයි නේද?වලස්සු විතරයි නේද?මම කැමතිම වලස්සුන්ට.” පුංචි බෙනී එයාගෙ අම්මටයි,තාත්තටයි කිව්වා. බෙනී කියන්නෙ පුංචිම පුංචි වලස් පැටියෙක්.එයා අද මුලින්ම ඉස්කෝලෙ යන දවස.බෙනී දන්නෙ එයාගෙ ගෙදර අයවයි,නෑදෑයින්වයි විතරයි.මොකද එයා තාම හරිම පොඩියිනෙ.අද තමා ඉතින් ඉගෙන ගන්න පටන්

Read More »
Stories

ආන්‍යාට අමුතු තෑග්ගක්

ආන්‍යාගේ අම්මාගේ බන්ඩි ගෙඩිය ටික ටික ලොකු වෙන්න පටන් ගත්තා.අම්මාට මොකද වෙන්නේ?ආන්‍යාට හොඳටම බය හිතුණා.අම්මා නිතර නිතර බඩ පෙන්වන්න දොස්තර මාමා ගාවට ගියා.එතකොට ආන්‍යාව බලාගන්න

Read More »