hit counter code

ජිරාෆ් දත් මැදපු හැටි

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

අම්මා මට කතාවක් කියන්නකෝ…..ඔබ අම්මා කෙනෙක් නම් මේ ආදරණීය ඉල්ලීම ඔබට නුපුරුදු එකක් නොවන බව අප දන්නවා. ඉතින් ඔබේ සිඟිත්තා ට කියා දෙන්නට ඇති තරම් කතාන්දර අප ඔබට සොයා දෙන්නම්. ඔබට තියෙන්නේ ඔබේ ආදරණීය  මුදු හඬින් ඒ කතා ඔහුට/ඇයට කියා දෙන්නට විතරයි. රසම රස කතාවන්‍ රැසක් ඔබේ දරුවා වෙනුවෙන් පුබුදුවන්නට අප සූදානම්!

කතාන්දර, දරුවන්ගේ පරිකල්පනය, නිර්මාණශීලී බව, බුද්ධිමත් බව  විශ්මිත ලෙස සංවර්ධනය කිරීමට සමත් වනවා. ආදරේ නම් හැමදාමත් එකම එක  කතාවක් හෝ ඔබේ දරුවාට කියා දෙන්න. සුන්දර ලෝකයක දොරගුලු විවර කරන්න.

ජිරාෆ් දත් මැදපු හැටි

කැලේ ඉස්කෝලෙ අද අලුත් පාඩමක්.ඒ මොකද්ද දන්නවද?  අද   කැලේ යාලුවෝ ඔක්කොටම දත් මදින්න කියා දෙනවා.ඒ ඒ අයගෙ ප්‍රමාණයට ගැළපෙන දත් බුරුසු ගොඩක් අරගෙන දොස්තර මහත්තයා උදෙන්ම ආවා.

කැලේ යාලුවො හැමෝම එකතු වුණා.තම තමන්ට ගැලපෙන දත් බුරුසු තෝර ගන්න දොස්තර මාමා උදව් දුන්නා.

ඒත් හරිම වැඩේ.ජිරාෆ් යාලුවාගේ දත් බුරුසුවේ මිට හරිම දිගයිනෙ.ඒක එලියට ගන්න නම් ලොකු පිට්ටනියකට යන්න ඕනි.ඒ නිසා ඔන්න ඔක්කොම පිට්ටනියක් හොයාගෙන ගියා.ඔන්න දැන් හරි.දැන් නම් දත් මදින්න පුලුවන්.හැමෝම සතුටින් හිතුවා.

“හැමෝම පේළියට හිටගන්න”දොස්තර මාමා කිව්වා.දත් මදින්නේ මෙහෙමයි.බුරුසුව කටේ හැම පැත්තටම යවමින් මදින්න ඕනි කියලා එයා හොඳට විස්තර කලා විතරක් නෙවෙයි එයාගෙ දත් ටික මැදලත් පෙන්නුවා.යාලුවෝ ඔක්කොම වැඩ පටන් ගත්තා.හැමෝටම දත් බෙහෙත් ලැබුනා.ඒත් ජිරාෆ්ගෙ දත් බුරුසුවට කොහොමද දත් බෙහෙත් දාන්නෙ.හරිම ප්‍රශ්නයක්.ගිරා යාලුවගෙන් ඒකට උදව් ලැබුණා.ඔන්න හැමෝම දැන් දත් මදිනවා.

දොස්තර මාමා හැමෝම ලඟට ගිහින් හරියට දත් මදිනවද කියලා බැලුවා.ජිරාෆ්ගේ බෙල්ල ගොඩක් උඩ තියෙන නිසා පේන්නෙ නැහැනෙ.ඉතින් දොස්තර මාමා මුලින්ම දුරේක්ශයෙන් බැලුවා.හරියට පේන්නෙ නැති නිසා එයා බුරුසු මිට දිගේ උඩට නගින්න තීරණය කළා.

ඔන්න දොස්තර මාමා දැන් ජිරාෆ් ගේ කට ගාවමයි. ජිරාෆ් අනික් ඔක්කොටම වඩා හොඳට බුරුසුව දත් අතරින් රිංගවමින් දත් මදිනවා. දොස්තර මාමා නිකන්ම නෙවෙයි බුරුසුව දිගේ නැග්ගෙ. ස්පීකරයකුත් අරගෙන. එයා පහළ ඉන්න හැමෝටම කිව්වා ජිරාෆ් කොච්චර හොඳට දත් මදිනවද කියල. අනික් අයටත් ඒක බලන්න ඕනවුණා . ඔන්න හැමෝම බුරුසු මිට දිගේ ඉහළට නගින්න පටන් ගත්තා. බුරුසු මිට දිගේ නගින්න එපා!අනතුරුදායකයි! දොස්තර මාමා කොච්චර කෑ ගැහුවත් කාටවත් ඒක ඇහුණේ නැහැ. අලි රාළටත් ඕන වුනා දත් මදින හැටි බලන්න. ඉතින් මොකද වුණේ කියලා හිතා ගන්න පුලුවනි නේද?

මේ මුකුත්ම නොදන්න ජිරාෆ් යාලුවා ආසාවෙන් දත් මදිනවා. එයාට පහළ වෙන දේ පේන්නෙත් නැහැ. ඇහෙන්නෙත් නැහැනේ. එයාගෙ කන්,ඇස් ඔක්කොම උඩ තියෙන නිසා එයාට පේන්නෙ ටිකක් ඈත නෙ. දත් මදින උනන්දුව නිසා පහළ බලන්නත් ඕනි කමක් නැහැනෙ ඉතින්. පොඩ්ඩ පොඩ්ඩ බුරුසුව බර වෙනවා කියලා එයාට තේරුණා. ඒත් එයා මේ ජීවිතේ පළවෙනි වතාවටනෙ දත් මදින්නෙ. ඒ නිසා හොඳට ම දත් මදිද්දී එහෙම වෙනව ඇති කියලා එයාට හිතුණා. ඒත් අල්ලගෙන ඉන්න බැරිවෙන තරමට බර වෙන්නත් එක පාරටම සැහැල්ලු වෙන්නත් පටන් ගත්තා.

දත් බුරුසුවෙන්  පොඩි ම පොඩි කොටසක් ජිරාෆ් ගේ අතේ ඉතිරි වුණා. වැටුණු අය ඔක්කොම තැන් තැන්වල පත බෑවීලා ඉද්දි ජිරාෆ් වටපිට බැලුවා. හැමෝගෙම දත් බුරුසු තැන් තැන්වල විසිරිලා තියෙනවා එයා දැක්කා. හැමෝම හොඳට දත් මැදලා වගේ. බුරුසු කැඩිලා,වීසි වෙලා. එහෙම හිතපු ජිරාෆ් එයාගෙ දිළිසෙන දත් පෙන්වල සතුටින් හිනාවුණා. අපේ සිඟිත්තන් දත් මදිද්දී ජිරාෆ් දත් මැදපු හැටි මතක් වේවි නේද?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර...

Read More

දුර්ලභ රෝගයක් නිසා ප්‍රසූතියේදී දෙපා අහිමි වූ මව

ඔබ දරු ප්‍රසූතිය සඳහා රෝහලක සිටින විට ලබා ගන්නට යන මුළු අත්දැකීම...

Read More

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර...

Read More

Related Posts

Stories

පුතාලට අඬන්න හොඳ නැද්ද?

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?” පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ පුදුමයෙන්.පිරිමි ළමයින්ට අඬන්න නරක බව එයා දැනගෙන හිටියේ නෑ.ඇත්තටම පිරිමි ළමයි ඇඬුවම මොකද?

Read More »
Stories

බෝලෙට යාළුවෙක්……..

කහ පාට ප්ලාස්ටික් බෝලෙ ගෙදර මුල්ලක තනිවෙලා හිටියා.දැන් එයා පරණයි.සීරිලා.තැලිලා.කැත වෙලා.ඒ නිසා කවුරුත් එයාට ආස නැහැ.බබාට අම්මා අලුත්ම අලුත් බෝලයක් ගෙනත් දීලා.බබා ඒ බෝලෙ එක්ක

Read More »
Stories

ලෝකෙ ඉන්නෙ අපි විතර ද?

“මේ ලෝකෙ ඉන්නෙ අපි විතරයි නේද?වලස්සු විතරයි නේද?මම කැමතිම වලස්සුන්ට.” පුංචි බෙනී එයාගෙ අම්මටයි,තාත්තටයි කිව්වා. බෙනී කියන්නෙ පුංචිම පුංචි වලස් පැටියෙක්.එයා අද මුලින්ම ඉස්කෝලෙ යන දවස.බෙනී දන්නෙ එයාගෙ ගෙදර අයවයි,නෑදෑයින්වයි විතරයි.මොකද එයා තාම හරිම පොඩියිනෙ.අද තමා ඉතින් ඉගෙන ගන්න පටන්

Read More »
Stories

ආන්‍යාට අමුතු තෑග්ගක්

ආන්‍යාගේ අම්මාගේ බන්ඩි ගෙඩිය ටික ටික ලොකු වෙන්න පටන් ගත්තා.අම්මාට මොකද වෙන්නේ?ආන්‍යාට හොඳටම බය හිතුණා.අම්මා නිතර නිතර බඩ පෙන්වන්න දොස්තර මාමා ගාවට ගියා.එතකොට ආන්‍යාව බලාගන්න

Read More »