hit counter code

අම්මා කෙනෙක් වෙන්න දරුවෙක් වදන්නම ඕනෙද

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

අම්මා කෙනෙක් වෙන්න දරුවෙක් කුසින් වදන්න ඕනෑ ද? එහෙම හිතපු හිතමින් තැවුණු දවස් මට අනන්ත වාරයක් තිබුණා. ඒ එයා මගේ ලෝකයට එනකම්.

වෛද්‍ය පරීක්ෂණ ගණනාවකට පස්සේ මම අම්මා කෙනෙක් වෙන්නේ නෑ කියන කටුක සත්‍යය මම දරා ගන්න පටන් ගත්තා. “බබෙක් නැද්ද” අහන මිනිස්සුන්ගෙන් ගැලවෙන්න මම ගේ අස්සෙම ජීවත් වෙන්න පටන් ගත්තා.

ගොළුබෙලි කටුවක් ඇතුළේ ජීවිතයක්!

ඔව්, මම බොහොම තනිකමින් පිරුණු ජීවිතයක් එයා එනතුරුම ගෙවන්න ගත්තා.

පුංචි රාජන් අපේ අසල්වැසි අපාට්මන්ට් එකට පදිංචියට ඒමත් එයා මාත් එක්ක ටික ටික යාළු වීමත්, ඉස්කෝලේ ඇරුණම එයාව ඩේ කෙයා එකේ නතර නොකර අපේ ගෙදර නවත්තන්න එයාගේ අම්මා තීරණය කිරීමත් දෛවය මට දුන්නු තෑගි.

මම හිතුවේ එහෙම.

මම දවසේ පැය ගාණකට එයාට අම්මා වුණා. රාජන් පාසල් වෑන් රථයෙන් අරගෙන එයාට වොෂ් දාන එක, රස රස කෑම හදලා කොහොමහරි එයාට කවන එක, හෝම් වර්ක් සේරම කරවන එක, එයා එක්ක හති වැටෙනකම් සෙල්ලම් කරන එක, මගේ උණුසුමේ නින්දට යන රාජන්ව තුරුළු කරගෙන ඉන්න එක මට සුවදායක අත්දැකීමක්.

පැය කිහිපයකට එයාගේ අම්මා වීම හරිම සනීපදායක සතුටු හිතෙන හැඟීමක්.

හැබැයි රාජන්ගේ අම්මාට මට ස්තූතියි කියන්න තරමටවත් ඉස්පාසුවක් තිබුණේ නෑ. හවසට ඇවිත් “පුතා අපි යං..” කියලා රාජන්ට අඬගහන එයා මට සමු නොදීම පිටව ගියා.

“මිනිස්සු එහෙමයි.ස්තූතියි කියන්න බැරි තරමටම කාර්යබහුලයි..”

මට ඒ විදියට හිත හදා ගන්න පුලුවන් වුණා.

මව්වරුන්ගේ දවස උදා වෙන්නේ ඒ අතර.ඒ මට තව එක දවසක්.මේ ජීවිතය තුළ කවදාවත්ම සමරන්න බැරි දවසක්.එහෙම හිතමින් මම රාජන් එනතුරු බලාගෙන හිටියා.

මල් පොකුරක් එක්ක හිනා කටකින් රාජන් මගේ තුරුලට ආවේ ඒ වෙලාවේ.

“Happy Mother’s Day!”

එයා එහෙම කියනකොට මම නාඬා ඉන්නේ මොකටද? දිගු ඇඟිලි තුඩුවලින් මගේ කඳුළු පිස දැමෙද්දී මට ඒ කවුද බලන්න සිහිපත් වුණා.

“රාජන්ගේ අම්මා..”

ඔව් ඒ ඇය. මව්වරුන්ගේ දිනයට සුබ පැතුම් සහිත කේක් ගෙඩියකුත් අරගෙන

“මට ඔයාට ස්තූතියි කියන්න වෙලාවක්වත් හොයා ගන්න නෑ.මං ගෙවන්නේ ඒ තරම් බිසී ලයිෆ් එකක්.රාජන්ට හොඳ අනාගතයක් හදන්න සල්ලි හොයද්දී මට එයාට ආදරේ දෙන්න මඟ ඇරෙනවා. ඒත් ඔයා එයාට අම්මා කෙනෙක් වෙලා ඉවරයි. ඉතිං අපි දෙන්නම රාජන්ගෙ අම්මලා..”

ඈ මාව උණුසුම් හැඟීමකින් වැලඳ ගන්නේ එහෙම කියමින්.

“මේ මදර්ස් ඩේ එක මට තරමටම ඔයාට අයිතියි..” රාජන්ගේ පුංචි අතින් දිගු වෙන කේක් කැබැල්ල ඉස්සරලම මට කවමින් ඇය ආයෙම කියනවා.

ඇය රාජන්ව කුසෙන් දරා ගත් මව. මම රාජන්ව හදවතින් දරා ගත් මව.

ඉතින් අපි දෙන්නම අම්මලා තමයි.

නිබන්ධිකා වන්නිනායක

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

පුතාලට අඬන්න හොඳ නැද්ද?

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?” පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

Related Posts

Stories

පුතාලට අඬන්න හොඳ නැද්ද?

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?” පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ පුදුමයෙන්.පිරිමි ළමයින්ට අඬන්න නරක බව එයා දැනගෙන හිටියේ නෑ.ඇත්තටම පිරිමි ළමයි ඇඬුවම මොකද?

Read More »
Stories

බෝලෙට යාළුවෙක්……..

කහ පාට ප්ලාස්ටික් බෝලෙ ගෙදර මුල්ලක තනිවෙලා හිටියා.දැන් එයා පරණයි.සීරිලා.තැලිලා.කැත වෙලා.ඒ නිසා කවුරුත් එයාට ආස නැහැ.බබාට අම්මා අලුත්ම අලුත් බෝලයක් ගෙනත් දීලා.බබා ඒ බෝලෙ එක්ක

Read More »
Stories

ලෝකෙ ඉන්නෙ අපි විතර ද?

“මේ ලෝකෙ ඉන්නෙ අපි විතරයි නේද?වලස්සු විතරයි නේද?මම කැමතිම වලස්සුන්ට.” පුංචි බෙනී එයාගෙ අම්මටයි,තාත්තටයි කිව්වා. බෙනී කියන්නෙ පුංචිම පුංචි වලස් පැටියෙක්.එයා අද මුලින්ම ඉස්කෝලෙ යන දවස.බෙනී දන්නෙ එයාගෙ ගෙදර අයවයි,නෑදෑයින්වයි විතරයි.මොකද එයා තාම හරිම පොඩියිනෙ.අද තමා ඉතින් ඉගෙන ගන්න පටන්

Read More »
Stories

ආන්‍යාට අමුතු තෑග්ගක්

ආන්‍යාගේ අම්මාගේ බන්ඩි ගෙඩිය ටික ටික ලොකු වෙන්න පටන් ගත්තා.අම්මාට මොකද වෙන්නේ?ආන්‍යාට හොඳටම බය හිතුණා.අම්මා නිතර නිතර බඩ පෙන්වන්න දොස්තර මාමා ගාවට ගියා.එතකොට ආන්‍යාව බලාගන්න

Read More »