hit counter code

ආදර අප්පච්චි – රත්න ශ්‍රී විජේසිංහ

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

ඝන කළුවරට අපි පෙම් කළොත්

ඉර හඳ තරුවලට ණයගැතියි

ලොව දුන්නු දේවල් අද අපිට

හෙට ලොවට පෙරළා දිය යුතුයි

ඔබ මේ ලොවට ආදරෙයි නම්

මුළු ලොවම ඔබටත් ආදරෙයි.”

එසේ ලියූ ආදර තාත්තා “රත්න ශ්‍රී විජේසිංහ” මහතා බව ඔබ හොඳින්ම දන්නවා ඇති. දියණියක වෙනුවෙන් එවැනි සුන්දර පද පෙළක් ලියූ ඔහුගේ ආදර වැඩිමහල් දියණිය සම්මානි විජේසිංහ සාහිත්‍යවේදිනිය තමන්ගේ ආදර තාත්තා ගැන කියන්නේ මෙවැන්නක්.

පවුලේ වැඩිමහල් දියණිය ලෙස ඔබ තාත්තාට සමීප වූයේ කොහොමද?

අපේ අම්මා හැම දෙයකටම වගේ ආදරේ වැඩිකමට “එපා” කියනවා. ඒත් තාත්තා එහෙම නෑ. මම ඒ අම්මා එපා කියන හැම දෙයකම සහනය සහ අස්වැසිල්ල වෙනුවෙන් තාත්තා ගාවට යන්න පුරුදු වෙලා හිටියා. ඒ නිසාම තාත්තා මට වැඩියෙන් සමීප වෙන්න ගත්තා.

කොහොමද කුඩා දියණියකට තාත්තා අවවාද සහ රැකවරණය ලබා දුන්නේ? 

තාත්තා මං කරන වැඩවල වගකීම මට ගන්න ඉඩ දුන්නා. අනතුර ගැන තේරුම් ගන්න ඉඩ දුන්නා. මං පොඩි කාලේ දැඩි ලෙස ඇදුම රෝගයෙන් පීඩා වින්ද දරුවෙක්. අම්මා කැමති නෑ මම අයිස් ක්‍රීම් එහෙම කනවට. ඒත් තාත්තා “ටිකක් කන්න” කියලා කියනවා. අන්න ඒ වගේ දේවල් ගැන මටම මං ගැන අවබෝධ කරගන්න ඔහු ඉඩ දුන්නා. ඒවා ඇත්තටම මනෝ විද්‍යාත්මක ක්‍රම කියලා දැන් මට හිතෙනවා.

ළාබාල දැරියක් කාලයේ ඔබට ඕනෑම දෙයක් තාත්තගෙන් අහන්න පුලුවන්කම තිබුණාද?

ඔව්! මට අපූරු උදාහරණයක් මතක් වෙනවා. අපි හිටපු පළාතේ විවිධ ජාතීන්ට අයත් උදවිය හිටියා. අපි හරි සහයෝගෙන් ජීවත් වුණා. මුස්ලිම් පිරිමි දරුවන්ට සුන්නත්කිරීමේ උත්සවයක් තියනකොට මට හරිම ප්‍රශ්නයක් දැනෙනවා ඒ උත්සවේ ගැන. මම ඒක අහන්න තෝරා ගත්තේ මට ළඟම කෙනා, තාත්තා. ඔහු මට ඒ ගැන දැරියකට ගැළපෙන මට්ටමට කියලා දුන්නා. මං ඔහුගෙන් ජීවිතේ ගැන මහා ලොකු ප්‍රශ්නත් ඒ කාලේ අහනවා. ඔයාට දැන්ම ඕවා තේරෙන්නේ නෑ. මං කියලා දෙන්නම් ඉස්සරහට කියලා එතකොට ඔහු මට විශ්වාසය ඇති කරනවා. කුතුහලය එක්ක වැඩෙන දැරියකට ඒ විශ්වාසය හරිම වටිනවා. මගේ තාත්තා හැම දෙයක්ම දන්නවා කියන විශ්වාසයත් මම ඒ එක්කම ඇති කරගත්තා. ඔහු සාහිත්‍යධරයෙක් ලෙස කතාබහ කරන දේවලින් මම උකහා ගත්තු දේ සෑහෙන තරම්. ඒවා නිසා මම තාත්තා ගැන හරි ගෞරවයක් ඇති කරගත්තා. රටටම අයිති තාත්තා ගැන මම ඇති කරගත්තු ආදරය සහ භක්තිය ඇත්තටම දවසින් දවස වැඩි වෙනවා. ඇත්තටම මට ඔහුගෙන් ලැබෙන රැකවරණයත් තවම එහෙමමයි.

තරුණියක් ලෙස ජීවිතය තුළ යම් යම් කඩා වැටීම් වලට ලක් වෙනකොට ඔහු ඔබ අසල හිටියේ කොහොමද?

ඇත්තටම තාත්තා නැත්නම් ඒ සිදුවුණු සමහර සිදුවීම් නිසා මම නැති වෙන්නත් තිබුණා. අද දක්වාම මට ඉන්නේ ඔහු. මගේ කඩාවැටීම්,බිඳ වැටීම්, මෝඩකම්, මුරණ්ඩුකම් නිසා තාත්තා අදටත් දුක් විඳිනවා. ඔහු දැන් වියපත්. මම ඔහුව බලා ගත යුතු කාලය ඇවිත්. නමුත් තවම ඔහු මාව බලා ගන්නවා. ඔහු උගත් බුද්ධිමත් තාත්තා කෙනෙක් ලෙස මට කඩා වැටෙන්නට නොදී මාව රැක බලා ගත්තා.

ඔබට සාහිත්‍යවේදිනියක් වෙන්නට තාත්තා ලබා දුන්නු පිටුවහල මොන වගේද?

ඔහු දක්ෂ සාහිත්‍යවේදියෙක් නිසා මට උප්පත්ති වාසනා ගුණයක් ද ලැබුණු බව ඇත්තක්. ඒවා ප්‍රගුණ වුණේ ඔහුගේ සාහිත්‍ය කටයුතු දෙස බලා හිඳීමෙන්. ඔහු මට නිදහසේ ලියන්න ඉඩ දුන්නා. හැබැයි සිංහල භාෂාව සම්බන්ධයෙන් වැරදි වෙනකොටනම් අප්‍රමාණව දොස් නගලා තියනවා. හොඳ නිර්මාණයක් බිහි වෙනතුරු ඒවා පිටතට දාන්න අවශ්‍ය නැති බව මට කියාදුන්නේ තාත්තා. මම ඔහුගෙන් ඉගෙන ගන්න ඕනෑ කියලා තාත්තා විශ්වාස කරෙත් නෑ.  මට ළමා සාහිත්‍ය සම්බන්ධයෙන් සිබිල් වෙත්තසිංහ නැන්දා හරහා ඉගෙන ගෙන සාහිත්‍ය ලෝකයට ප්‍රවිෂ්ඨ වෙන්න ඔහු ඉඩ දුන්නා. නිතරම හොඳ දේවල් ලියන්න, හදාරන්න එහෙම නැත්නම් නොලියා ඉන්න කියලයි තාත්තා මට කියන්නේ.

ඔබ අම්මා කෙනෙක් වුණාම ඔබේ තාත්තා කොහොමද සීයා කෙනෙකුගේ භූමිකාවට අවතීර්ණ වුණේ?

ඇත්තටම මගේ පුතා ඉපදුණු දවසේ ඉඳන් මේ මොහොත දක්වාම ඔහුට මටත් වඩා ආදරේ කරන්නේ මගේ තාත්තා කියන එක පැහැදිලි ඇත්තක්.

රටක් ආදරය කරන තාත්තා කෙනෙකු ලැබීමේ සතුට සම්මානි විජේසිංහ මහත්මිය අපි එක්ක බෙදා ගත්තේ ඒ ආකාරයෙන්. “හැම මිහිරි දෙයක්ම ” ඇයට දුන් තාත්තාට අපිත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.

නිබන්ධිකා

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Stories

මල් මල් මල්…..

සමනල පුංචා ගෙ නම බූබි.බූබි අදඋදෙන්ම නැගිට්ටා.ඇත්තම කිව්වොත් හිතලා නැගිට්ටා නෙවෙයි,ඇහැරුණා.ඉස්සර වගේ නෙවෙයි.දැන් පැණි බොන්න මල් හරිම අඩුයි.මල් ගහක් හොයා ගන්න ගොඩාක් දුර පියාඹලා යන්න

Read More »
Stories

හරිම ලස්සන යාළුවා

ලහිරු වයස අවුරුදු අටක පොඩි පිරිමි ළමයෙක්.එයා හරිම ආසයි සරුංගල් යවන්න.ඒ විතරක් නෙවෙයි සරුංගල් හදන්නත් ලහිරු හරිම දක්ෂයි.ලහිරුට හරිම ලස්සන සරුංගලයක් තිබුණා.දිග වරලක්,ලස්සන පාට පාට

Read More »
Stories

පුතාලට අඬන්න හොඳ නැද්ද?

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?” පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ පුදුමයෙන්.පිරිමි ළමයින්ට අඬන්න නරක බව එයා දැනගෙන හිටියේ නෑ.ඇත්තටම පිරිමි ළමයි ඇඬුවම මොකද?

Read More »
Stories

බෝලෙට යාළුවෙක්……..

කහ පාට ප්ලාස්ටික් බෝලෙ ගෙදර මුල්ලක තනිවෙලා හිටියා.දැන් එයා පරණයි.සීරිලා.තැලිලා.කැත වෙලා.ඒ නිසා කවුරුත් එයාට ආස නැහැ.බබාට අම්මා අලුත්ම අලුත් බෝලයක් ගෙනත් දීලා.බබා ඒ බෝලෙ එක්ක

Read More »