hit counter code

ආන්‍යාට අමුතු තෑග්ගක්

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

ආන්‍යාගේ අම්මාගේ බන්ඩි ගෙඩිය ටික ටික ලොකු වෙන්න පටන් ගත්තා.අම්මාට මොකද වෙන්නේ?ආන්‍යාට හොඳටම බය හිතුණා.අම්මා නිතර නිතර බඩ පෙන්වන්න දොස්තර මාමා ගාවට ගියා.එතකොට ආන්‍යාව බලාගන්න ආවෙ අත්තම්මා.අම්මාට මොකද වෙන්න යන්නෙ?ආන්‍යා අත්තම්මාගෙන් ඇහුවා.අම්මා ඔයාට තෑග්ගක් ගේන්න යන්නේ.අත්තම්මා කිව්වා.එතකොට තෑග්ග තියෙන්නෙ බඩ ඇතුලෙද?ආන්‍යාට ප්‍රශ්න ගොඩයි.ඔව්,  තෑග්ග තව ටිකක් ලොකු වුණාම බඩ කපලා තෑග්ග එලියට ගන්න අපට පුළුවන්.අත්තම්මා කිව්වා.ආන්‍යාට හරිම සතුටුයි.

එයා එයාගෙ යාළුවන්ට,දන්න දන්න හැමෝටම බඩ ඇතුලේ වැඩෙන එයාගෙ තෑග්ග ගැන කිව්වා.මේ අරුම පුදුම තෑග්ග ගැන යාළුවන්ටත් පුදුමයි.තෑග්ග කොහොම එකක්ද කියලා එයාලත් මග බලාගෙන හිටියා.නිතරම ආන්‍යාගෙන් ඒ ගැන විස්තර ඇහුවා.

ආන්‍යා අම්මාගෙන් තෑග්ග ගැන විස්තර ඇහුවා.ඒත් තෑග්ග මොන වගේ එකක්ද කියලා එයාට දැනගන්න ඕන වුණේ නැහැ.එලියට ගද්දිම බලන්න පුළුවන්නෙ.එයා හිතුවා.එතකොට තමා මට ගොඩක්ම සතුටු හිතෙන්නෙ?මොකද තෑග්ග මොකද්ද කියලා මම එතකොටනෙ දැන ගන්නෙ.ආන්‍යා තනිවම කල්පනා කරමින් හිතුවා.

තෑග්ග හරිම ඉක්මනින්ම ලොකු වෙන්න පටන් ගත්තා.සමහර වෙලාවට තෑග්ග බඩෙන් එලියට එන්න වගේ පිටතට තෙරපුණා.ආන්‍යාගේ ඇස් ඒ වෙලාවට ජම්බෝල ගෙඩි දෙකක් තරමට ලොකු වුණා.නැහැ නැහැ දැන්ම එන්න එපා.තව ටිකක් ලොකු වෙනකම් ඉන්න.මට ඕන ලොකුම ලොකු තෑග්ගක්.එයා හයියෙන් තෑග්ගට කෑ ගහලා කිව්වා.ආන්‍යාගේ උපන්දිනේට තෑග්ග ගන්නයි එයාට ඕනවුණේ.උපන්දිනේට හරියටම තව මාසයක් තියෙනවා.

හරියටම උපන්දිනේ දවසට දවස් දෙකකට කලින් අම්මා ගමනක් ගියා.තෑග්ග ගන්න යන බවයි කිව්වේ.ආන්‍යාට ත් අම්මාව බලන්න තාත්තායි අත්තම්මායි එක්ක ගිහින් ආවා.අම්මාගෙ බඩ පරිස්සමින් පලලා,අම්මාට රිද්දන්නෙ නැතිව තෑග්ග එලියට ගන්න දොස්තර මාමාත් ආන්‍යාට පොරොන්දු වුණා.

ඔන්න ආන්‍යාගේ උපන්දිනේ දවස ආවා.අම්මා බලන්න තාත්තාට නිතරම යන්න වුණ නිසා ආන්‍යා අත්තම්මාත්,අනෙක් නෑයොත් උපන්දින සාදයට සූදානම් වුණා.ලස්සන ලොකුම ලොකු කේක් එකක් නැන්දා ගෙනාවා.මාමලා,නැන්දලා,අක්කලා අයියලා ඔක්කොම වේලාසනින්ම තෑගි බෝග අරන් ආවා.ඒ එක තෑග්ගක්වත් ආන්‍යාට විශේෂ වුනේ නැහැ.මොකද ලොකුම ලොකු තෑග්ගක් අම්මා අරන් එනවානෙ.අනික ඒක අනික් තෑගි වගේත් නෙවෙයි.ඒක වැඩෙන තෑග්ගක්.

කේක් කපන වෙලාව ළං වෙද්දීම වාහනයක් ආවා.අම්මා ලස්සනට ඔතපු තෑග්ග එක්ක වාහනයෙන් බැස්සා.තාත්තාත් හිනාවෙවී ඒ ලඟින්ම ආවා.හැමෝම ආන්‍යාට හැපී බර්ත්ඩේ ටූ යූ කියලා කියලා සුබ පැතුවා.අත්තම්මා ආන්‍යාව පරිස්සමින් පුටුවකින් වාඩි කෙරෙව්වා.අම්මා හිනාවෙවී තෑග්ග ආන්‍යාගේ ඔඩොක්කුවෙන් තිබ්බා.

ලස්සනම ලස්සන සුවඳ තෑග්ග හීනෙන් හිනාවෙමින් සුව නින්දක හිටියා.ආනේ ශෝයි මල්ලියෙක්.මම ඔයාට ගොඩක් ආදරෙයි.ඔයා තමා මට ලැබුණ හොඳම උපන්දින තෑග්ග.ආන්‍යා මල්ලීගේ කණට කෙඳිරුවා.

කතාව චම්මි ඉරේෂා කරපුටුගල

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

පුතාලට අඬන්න හොඳ නැද්ද?

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?” පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

Related Posts

Stories

පුතාලට අඬන්න හොඳ නැද්ද?

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?” පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ පුදුමයෙන්.පිරිමි ළමයින්ට අඬන්න නරක බව එයා දැනගෙන හිටියේ නෑ.ඇත්තටම පිරිමි ළමයි ඇඬුවම මොකද?

Read More »
Stories

බෝලෙට යාළුවෙක්……..

කහ පාට ප්ලාස්ටික් බෝලෙ ගෙදර මුල්ලක තනිවෙලා හිටියා.දැන් එයා පරණයි.සීරිලා.තැලිලා.කැත වෙලා.ඒ නිසා කවුරුත් එයාට ආස නැහැ.බබාට අම්මා අලුත්ම අලුත් බෝලයක් ගෙනත් දීලා.බබා ඒ බෝලෙ එක්ක

Read More »
Stories

ලෝකෙ ඉන්නෙ අපි විතර ද?

“මේ ලෝකෙ ඉන්නෙ අපි විතරයි නේද?වලස්සු විතරයි නේද?මම කැමතිම වලස්සුන්ට.” පුංචි බෙනී එයාගෙ අම්මටයි,තාත්තටයි කිව්වා. බෙනී කියන්නෙ පුංචිම පුංචි වලස් පැටියෙක්.එයා අද මුලින්ම ඉස්කෝලෙ යන දවස.බෙනී දන්නෙ එයාගෙ ගෙදර අයවයි,නෑදෑයින්වයි විතරයි.මොකද එයා තාම හරිම පොඩියිනෙ.අද තමා ඉතින් ඉගෙන ගන්න පටන්

Read More »
Stories

පාටක් නැති දරුවෝ

ගිම්හානි හිටියේ චූටි දූට කිරි හදන ගමන්.එයාට මේ වෙලාවට කිරි එකක් ඕනෑ.නින්දකින් ඇහැරිලා ඉන්න පුංචි මෙතුලි කිරි එකක් බීලා සෙල්ලම් කරන්න පටන් ගන්නවා. “වැනේලු කළු

Read More »