අපි හැමෝම කැමතියි ලස්සනට පියකරුව ඉන්න. එයට වයස් භේදයක් නැහැ. කාන්තාවක් වශයෙන් ඔබ රූපලාවන්‍යය ගැන සැලකිලිමත් වනවා වාගෙ දෙගුණයක් ගර්භනී මවක් වශයෙන් සැලකිලිමත් විය යුතු බව ඔබ දන්නවාද? ඉතින් අපි අද ගර්භනීභාවය සහ රූපලාවන්‍යය ගැන සාකච්ඡා කරන්නට සිතුවා.
බොහෝ රූපලාවණ්‍ය ද්‍රව්‍යයන් තුළ රසායනික සංඝටක ඇතුළත්. ස්වාභාවික ද්‍රව්‍යයන් පමණක් අඩංගුයි ලෙස සටහන් වුවත් ඒවායෙ අහිතකර සංයෝග ඇතුලත් වෙන්න පුළුවන්. අපේ සම මත අපි ආලේප කරන ද්‍රව්‍ය වලින් විශාල ප්‍රතිශතයක් සම මගින් උරාගනු ලබනවා. ඉතිං මෙයාකාරයේ ඇතැම් රූපලාවණ්‍ය ද්‍රව්‍යයන් ගැබිනි සමය තුළ භාවිතා කිරීම දරුගැබට හානි පමුණුවන බවට පර්යේෂකයන් සොයාගෙන තියෙනවා. මෙම අහිතකර රසායන ද්‍රව්‍ය කළල බන්ධය ඔස්සෙ දරුගැබට ඇතුළු වෙන්නට පුළුවන්. ඒමගින් දරුවාගේ ස්නායු පද්ධතියට , ප්‍රතිශක්තියට වගේම ප්‍රජනන ඉන්ද්‍රියයන්ටත් ආබාධ ඇති කිරීමට හේතු වෙනවා.
මොනවද ඒ අහිතකර ද්‍රව්‍යයන්?
- Parabens : මේවා ෆවුන්ඩේෂන් ක්‍රීම් සහ තොල් ආලේපන වල විශාල වශයෙන් අඩංගුයි.
- රෙටිනෝල් : මෙය විටමින් A වල ආකාරයක් වුණත් විටමින් A අධික වශයෙන් ගැනීම ඕනෑම කෙනෙක්ට අහිතකරයි. “Anti aging” ලෙසින් සඳහන් රූපලාවණ්‍ය ද්‍රව්‍ය වල මෙය බහුලයි. එමෙන්ම කුරුළෑ නාශක ආලේපන වලත්.
- සැලිසිලික් අම්ලය : ක්ලෙන්සර්ස්, ටෝනර්ස් ඇතුළු ඇන්ටි ඒජින් කොස්මැටික්ස් වල අඩංගුයි. ඇස්ප්‍රින් වල ඇත්තෙත් මෙයයි. කළලයට අහිතකරයි.
- ලැක්ටික් අම්ලය සහ විවිධ සුගන්ධකාරක : ආසාත්මිකතා සහ සමේ ආසාධන ඇති කරවිය හැකියි
- කෘතිම වර්ණකාරක : තොල් ආලේපන සහ හිසකෙස් වර්ණකාරක වල අඩංගු මේවා කළලයට හානි පමුණුවන්නට සමත්
- හිසකෙස් හැඩ ගැන්වීමට යොදන රසායනික ද්‍රව්‍යයන් : ස්ට්‍රේට්, රීබොන්ඩින්, කර්ල්, ෆර්ම් කිරීමට යොදන රසායනික ද්‍රව්‍යයන් ඉතා අහිතකරයි
- ඇලුමිනියම් කුඩු : ඇස් හැඩකිරීමේ රූපලාවණ්‍ය ද්‍රව්‍යයන් වල අඩංගුයි. මේවා මවගේ සමෙන් ඇතුළු වී කළලය කරා ගොස් දරුවාට ශ්වසන සංකූලතා ඇතිකරනවා. සහ ස්නායු පද්ධතියට හානිකරනවා.
- පුයර : ඇතැම් පුයර එහෙමත් නැත්නම් පවුඩර් වල ඇස්බැස්ටොස් ඉතා සුළු වශයෙන් අඩංගුයි. මෙය පිළිකාකාරකයක්!
- යූරියා : මස්කාරා වල අඩංගුයි . මෙයින් ෆෝමැල්ඩිහයිඩ් නිකුත් කරනවා. ෆෝමැල්ඩිහයිඩ් යනු තවත් පිළිකාකාරකයක්! .
- නිය ආලේපන : ඇතැම් නිය ආලේපන වල අහිතකර සංයෝග ඇතුළත්. Ex : Dibutyl phthalate, formaldehyde , toluene.
- Oxybenzone , Avobenzone : මේවා සන්ස්ක්රීන්වල අඩංගු අහිතකර ද්‍රව්‍යයන්
- ස්ටෙරොයිඩ්ස් (steroids) : hydrocortisone ආලේපන භාවිතා කළ යුත්තෙ වෛද්‍ය නිර්දේශ මත පමණයි.
ඉතිං මේ ගැබිනි සමය තුළ මේ ද්‍රව්‍යයන්ගෙන් සම්පූර්ණයෙන්ම තොර වීම තමයි වඩාත් හොඳ..
ඒ වෙනුවට භාවිතා කරන්න පුළුවන් මොනවාද?
ගැබිනි ඔබේ සමේ නීරෝගීතාවය සඳහා ස්වභාවික මී පැණි, සුදු හඳුන්, කහ , වෙනිවැල් ආදියෙන් නිවසෙදිම සාදාගන්නා ස්ක්‍රබ් ආලේප කරන්න පුළුවන්.
ඔබ හිරු රැසින් ආරක්ෂා වීමට සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරනවානම් සින්ක් ( zinc ) අඩංගු ආලේපන භාවිතය හොඳයි.
එ වගේම ඉහත සඳහන් රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන රූපලාවණ්‍ය ද්‍රව්‍යයන් ඔබට භාවිතා කරන්න පුළුවන්. ස්වභාවික අමුද්‍රව්‍ය සහ සංයෝග වලින් සාදා ඇති රූපලාවණ්‍ය ද්‍රව්‍යයත් ප්‍රශ්නයක් නැහැ .
ඔබගේ පහසුව තකා ඔබ විසින් සම්පූර්ණයෙන් තොර විය යුතු සහ භාවිතයට අවධානම අඩු රසායනික ද්‍රව්‍යයන් පහතින් වෙන වෙනම දක්වන්නම්. ඉතිං තොල් ආලේපන ඇතුලු රූපලාවණ්‍ය ද්‍රව්‍යයන් මිලදී ගන්නා විට ලේබලය පරීක්ෂා කරන්නට වගබලා ගැනීම ඔබේ වගකීමක්…
සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු ද්‍රව්‍යයන්
Avage
Fabior
Tazorac (tazarotene)
Avita (tretinoin)
Differin (adapelene)
Panretin (alitretinoin)
Retin-A, Renova (tretinoin)
Retinoic acid
Retinol Retinyl
linoleate
Retinyl palmitate
Targretin gel (bexarotene)
Salicylic acid
Tretinoin
ඉතාමත් සුළු වශයෙන් භාවිතා කිරීමට සුදුසු සංයෝග
Alpha hydroxy acid (AHA)
Azelaic acid
Benzoyl peroxide
Beta hydroxy acids (BHA)
Beta hydroxybutanoic acid
Betaine salicylate
Citric acid
Dicarbonous acid
Glycolic acid
Hydroacetic acid
Hydroxyacetic acid
Hydroxycaproic acid
Lactic acid
Tropic acid
2-hydroxyethanoic acid
ගර්භනීභාවය සහ රූපලාවන්‍යය කතා කළ යුතු ම මාතෘකාවක්. නමුත්නී රෝගී දරුපැටියෙක්ගේ මවක් වෙන්න සිහින දකින ඔබට ඕනෑම අවස්ථාවක අසාත්මිකතාවක් ඇතිවිය හැකියි. ඉතින් යම් ආලේපයක් භාවිතා කරන්නට පෙර ඔබගේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කිරීම ඉතා සුදුසු බව අප විසින් යෝජනා කරනු ලබනවා.