hit counter code

ගර්භණී සමයයි දන්ත සෞඛ්‍යයයි

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

ගර්භණී සමය සමඟ සුලබව ඇතිවන නමුත් වැඩිකතාබහට යොමුනොවන රෝගී තත්වයක් ලෙස මුඛ කුහරය ආශ්‍රිත රෝග දැක්විය හැකිය. මෙම ඇතැම් ගැටළු සඳහා ප්‍රතිකාර නොගෙන සිටියහොත් අඩු බර උපත්, අඩු මාසයෙන් දරුවා බිහිවීම, ගර්භණී සමය ආශ්‍රිත පරිදන්ත ප්‍රදාහය වැනි තත්ව ඇතිකිරීමේ හැකියාවක් ඇත. තවද විදුරුමස් රෝග සහ දියවැඩියාව අතර ඉතා කිට්ටු සබඳතාවක් ඇතිබැවින් ගර්භණී දියවැඩියාව ඇතිවීමේ අවධානමක් ද පවතියි.

ගර්භණී සමය ආශ්‍රිතව හඳුනාගෙන ඇති ප්‍රධාන ගැටළු ලෙස විදුරුමසින් ලේ ගැලීම සහ විදුරුමස් ඉදිමුම දැක්විය හැකිය. මෙම තත්වයන් ඇතිවීමට ප්‍රධාන හේතූන් ලෙස ගර්භණී සමය තුළ ඇතිවන හෝමෝනමය වෙනස්කම්, මුඛ සෞඛ්‍ය පුරුදු වල සිදුවන වෙනස්කම් සහ අයහපත් මුඛ සෞඛ්‍යය දැක්විය හැකිය. මෙම ගැටළු සඳහා ප්‍රතිකාර ගැනීම වැදගත් අතර එහිදී එක් එක් කාල සීමාව තුළ සිදුකරන ප්‍රතිකාර තත්වයන් වෙනස් වන බැවින් ගර්භණී ඔබ ගතකරමින් පසුවන කාල වකවානුව නිවැරදිව පැවසීම ඉතා වැදගත් ය.

පළමු ත්‍රෛමාසිකය තුළ උදෑසන කාලය තුළ බොහෝදෙනෙකුට ඔක්කාර තත්වය, වමනය ඉතා සුලබය. වමනය ඔක්කාරය ඇති වී පැය භාගයක් පමණ යනතුරු දත් මැදීම සිදු නොකළ යුතුය. මන්ද යත් වමනය හේතුවෙන් දියවීමේ අවදානමට හසුවන එනැමලයේ මතුපිට ස්ථරයට යළි එනැමලය මත තැන්පත් වීමට පෙර ඉවත් වීම ඉන් සිදුවන බැවිනි. උදෑසන රෝගී තත්වය වළක්වා ගැනීමට සහ අවම කරගැනීමට උදෑසන දත් මැදීම වෙනුවට ආහාර ගැනීමෙන් අනතුරුව දහවල් කාලයේ දත් මැදීම වැදගත් ය. තවද සෑම ඔක්කාරයකින් /වමනය දැමීමකින් අනතුරුව හොඳින් කට සෝදා දැමිය යුතුය. ඒ සඳහා ඔබගේ දන්ත වෛද්‍යවරයා සුදුසු පරිදි ෆ්ලෝරයිඩ් අඩංගු භාෂ්මික මුඛ සේදුම් දියරයක් ( mouth wash ) නිර්දේශ කරනු ඇත.

මුඛ කුහරය තුළ අහිතකර බැක්ටීරියාවන් වර්ධනය වළක්වනු පිණිස ආහාර ගැනීමෙන් අනතුරුව එම ආහාර මුඛයේ නොරැදෙන පරිදි ඉවත් කිරීමට දිනකට දෙවරක් දත් මැදීම අනිවාර්‍ය වේ. මෙහිදි සිනිඳු (soft ) සහ පැතලි කෙඳි සහිත දත් බුරුසුවක් භාවිතා කිරීමද ගර්භණී සමය ආශ්‍රිතව දත් කුහර ඇතිවීම වැළැක්වීම සඳහා ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප භාවිතා කිරීමද වැදගත් ය. මුඛ පරීක්ෂාවෙන් අනතුරුව අවශ්‍ය වේ නම් ඔබගේ දන්ත වෛද්‍යවරයා සුදුසු පරිදි ෆ්ලෝරයිඩ් අඩංගු මුඛ සේදුම් දියර නිර්දේශ කරනු ඇත.

නිසි පරිදි දත් මැදීමෙන්, එමඟින් දත් සහ මුඛය තුළ වර්ධනය වන ව්‍යාධිජනක ක්ෂුද්‍රජීවින්ගේ ක්‍රියාකාරීත්වයට බාධා වීමෙන් විදුරුමස් ඉදිමුම සහ ලේ ගැලීම අවම වනු ඇත. මැලියම් ඝණවී දත් සහ විදුරුමස් අතර බැඳී ඇත්නම් (calculus) ඒවා ඉවත් කිරීම සඳහා දත් සුද්ධ කළ යුතුය. ඉන්පසුව යළි මැලියම් ඇතිවීම වැළැක්වීම සහ අවම කිරීමට ලබාදෙන උපදෙස් ඔබ පිළිපැදිය යුතුය.

විදුරුමස් ආශ්‍රිතව කුඩා ගැටිති, බිබිලි ඇතිවීම ගැබිණි සමය තුළ සමහරුන් මුහුණ පාන ගැටළුකාරී තත්වයකි. මේවා pregnancy epulis නමින් හැඳින්වේ. යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වාගැනීමෙන් මෙය ඇතිවීම වළක්වාගත ඇති අතර බොහෝ දෙනෙක් සඳහා ගැබිණි සමය අවසානයේදි මෙම තත්වය ඉබේ සුවවී යනු ඇත. එසේ නොවුණහොත් කුඩා කැපුමක් මගින් මෙය ඉවත් කළ හැකි අතර ගර්භණී සමය තුළදීම මවගේ ඉල්ලීම මත ඉවත් කරන්නෙහි නම් දෙවන ත්‍රෛමාසිකය තුළදි මෙය ඉවත් කරන නමුත් හෝමෝනමය බලපෑම් නිසා දරු උපත තෙක් මෙය යළි ඇතිවීමේ අවධානම ඇත.

එසේම මෙම සමය තුළ ඔබ ආම්ලික ආහාර අනුභවයට වැඩියෙන් නැඹුරු විය හැකිය. ඇඹුල් සහිත ආහාර ගැනීමෙන් අනතුරුව කට සෝදා දැමීමෙන් හෝ වතුර පානය කිරීමෙන් එනැමලය දියවී යාම දන්ත සංවේදිතාවය වැන අහිතකර තත්ව මඟ හරවා ගත හැකිය.

ගර්භණී ඔබ දන්ත වෛද්‍ය ප්‍රතිකාර සඳහා උදෑසන සහ සවස් කාලයට වඩා දහවල් කාලයේදි යොමුවීම ඔබටත් දන්ත වෛද්‍යවරයාටත් වඩා පහසුදායක වේ. මෙය අනිවාර්‍යය තත්වයක් නොවන අතර බොහෝ ගර්භණී මවුවරුන්ට උදෑසන අපහසුතා ඇතිවීම සහ සවස් කාලයේදි හදිසි අවස්තාවක් ඇතිවුවහොත් වෙලාවන්හි ගැටළුකාරී තත්තවයන් මතුවීම ඊට හේතුවයි. තවද දත් ගැලවීම, කෘතිම දත් ඇඳි දැමීම වැනි වෙනත් ප්‍රතිකාර බලාපොරොත්තුව හිඳියි නම් දෙවනි ත්‍රෛමාසිකය තුළ ඒවා සිදුකරගැනීම වැදගත් ය. අවශ්‍යතාවය සහ අවධානම සලකා බලා කළ යුතු ප්‍රතිකර්මය නිසි අයුරින් කරන අයුරු දන්ත වෛද්‍යවරයා විසින් සලකා බලනු ඇත.

ඔබ දැනටත් දත් බොහෝ සංඛ්‍යාවක කුහර සහිත මවක් නම්, දත් කුහර ඇති වීමේ වැඩි සම්භාවිතාවක් දරන මවක් නම් ඉතා ඉක්මණින් දන්ත වෛද්‍ය උපදෙස් කරා යොමුවීම වැදගත් ය.

දරුගැබ දරන කාලය තුළ ඔබ නිරෝගී දන්ත සෞඛ්‍යයක් පවත්වාගැනීම යනු ඔබගේ දරුවා සංකූලතා රහිත නීරෝගි දත් දෙපළක උරුමකරුවෙකු වීමයි.

එම නිසා ගර්භණී කාල සීමාව තුල පළමු මාසයේදීම ඔබේ දන්ත වෛද්‍යවරයා හමුවී නිසි උපදෙස් ලබාගැනීමට කටයුතු කරන්න.

Reference:
Tilakaratne A, Soory M, Ranasinghe AW, Corea SMX, Ekanayake SL and De Silva M (2000).Periodontal disease status during pregnancy and 3 months post partum in a rural population of Sri Lankan women. J. Clin. Periodontol. 27: 787-792.

සටහන – රවීෂා ජයසේකර

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Pregnancy

මාස තුන සපිරුණු ගර්භණී ඔබ මේ විටමින් වර්ග ගන්නවද ?

ගර්භණී කාලයේ මවකට ලැබෙන පෝෂණය අනුව තමයි දරුවාගේ වර්ධනය තීරණය වෙන්නෙ. නීරෝගී දරුවෙක් පතන ඔබ අනිවාර්යයෙන්ම ඔබේ පෝෂණය ගැන සැලකිලිමත් වෙන්නම ඕනෙ. ගර්භණී සමයේ එක

Read More »
Intimacy

ඔසප් අක්‍රමවත් වීමට හේතු

සාමාන්‍ය ඔසප් චක්‍රයක් කියන්නෙ දින 28 ක්. සමහර වෙලාවට මේ දින ගණන අඩු වැඩි වෙන්න පුලුවන්. අක්‍රමවත් ඔසප් චක්‍රයක් කියන්නෙ මේ දින ගණන දින 21ට

Read More »
Post-pregnancy

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න පුලුවන් උත්තරය තමයි ඔව් කියන එක. සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පස්සෙ මේ තත්වය අතිශය

Read More »
Pregnancy

ගර්භනී අම්මා කෙනෙක්ට ආහාර වේලක් දෙනවිට සැලකිලිමත් විය යුතු ම දේවල්

අපේ ලාංකික සංස්කෘතිය ඇතුළේ ගර්භනී මවකට හිමිවන්නේ සුවිශේෂී තැනක්. යාලුවෙක් හරි නෑදෑයෙක් හරි සමහර වෙලාවට වැඩිය නොදන්න කෙනෙක් වුණත් ගර්භනී වුණාම අපි කෑම එකක් හදලා

Read More »