hit counter code

ගර්භනී සමයේ වමනයට ආයුර්වේද විසඳුම්

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

දරුවෙකු පිළිසිද ගත් විට කාන්තාවන්ට ඇතිවන උදෑසන අපහසුතා අතරින් ඔක්කාරය,වමනය ප්‍රධාන ස්ථානයක් ගන්නවා. අද අපි කතා කරන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඔබ මුහුණ දෙන උදෑසන ඔක්කාරයට කළ හැකි ප්‍රතිකාර ගැනයි.

දරුවකු පිළිසිඳ ගත් විට උදෑසන ඇති වන ඔක්කාරය අයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ආම්ලෝද්ගාරය ලෙස හදුන්වයි. මවගේ සිරුරෙහි ඇති වන හෝමෝන වෙනස්වීම නිසා මේ රෝග ලක්ෂණය ඇති වේ. සැබවිනිම එය රෝග ලක්ෂණයක් නොව කාන්තාවකගේ ගැබ තුල කළලයක් මෝරන බවට එක් සාධකයකි.

ගැබිණි මවකට ඔක්කාරය ඇති වීමට හේතු මොනවාද?

H G C (Human Chorionic Gonadotrophic)  හෝමෝනය දරුවකු පිළිසිඳ ගැනීමට පෙර කාන්තාවකගේ සිරුරෙහි වර්ධනය නොවේ.ගැබ තුල දරුවකු පිළිසිඳ ගත් විට සිරුර තුළ සෑදෙන්නකි. දරුවා නිසාම ඇති වන මේ හෝමෝනය අලූතින් සිරුර තුළ නිපදවෙන නිසා ඔක්කාරය ඇති වේ.  H G C හෝමෝනය මුල් මාස තුන තුලදී සිරුර තුළ වැඩි වශයෙන් නිපද වේ. එවිට මුඛයට කෙළ මිශ‍්‍රිත පිත ශ‍්‍රාවය වීම , උගුරට ඒම වැනි දේ සිදු වේ.  ආමාෂයේ සිට උගුරට ඔක්කාරය ඒම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව උරෝදාහය ලෙස හදුන්වයි.

ඔක්කාරය සමග මවට ඇතිවන අපහසුතා

පපුවේ දැවිල්ල ඇති වීම මෙහිදී සිදු වේ. සීතල, මදුර ද්‍රව්‍යයන් ලබා දීම මගින් මේ දැවිල්ල සහිත ගතිය තරමක් දුරට පාලනය කර ගත හැක. කිරි බීවත් එය ඔක්කාරයට පැමිණිය හැක.

 මේ කාලය තුලදී ඔක්කාරය වැඩි වීම නිසා මවගේ සිරුරට වැඩිපුර ඡලය අවශ්‍ය වුවත් ඔක්කාරය නිසා ඡලය සහිත පාන වර්ග බීමට අප‍්‍රිය ගතියක් ඇති කරයි. එවැනි අවස්ථා වලදී මවගේ සිරුරට ඡලය ලබා දීම සඳහා අපට විවිධ උපක‍්‍රමයන් අනුගමනය කල හැක. දෙළුම්, නාරං, දෙහි වැනි යුෂ අයිස් කැට ලෙස සකසා  ඇයට ලබා දීමෙන් මේ ඔක්කාර ගතිය අඩු කර ගැනීමට හැකි වේ.

ගර්භනී කාලයෙහි මුල් මාස තුළදී ඔක්කාරය ඇති වීම නිසා පෝෂණ ඌනතාවයන් පවා මවට ඇති විය හැකිය

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව ඔක්කාරය මගහරවා ගැනීමට කළ හැකි පිළියම්   

 නිරායාසයෙන්ම ඇති වන වමනය නිසා සිරුරෙහි ග්ලූකෝස් මට්ටම අඩු වේ. උදෑසන අවදි වන විට රාත‍්‍රිය පුරාම නිරාහාරව සිටීම නිසාද ඔක්කාරය ඇති වේ. ග්ලූකෝස් සාන්ද්‍රණය මොළය ප‍්‍රදේශයට ගමන් කිරීම අඩු නිසා එසේ සිදු වේ. එවැනි අවස්ථාවකදී එක්වරම ඇදෙන් නැගිටින්නේ නැතිව සීනි අඩංගු පානයක් , හකුරු සමඟ ඉඟුරු තේ එකක් ,ක‍්‍රීම් ක‍්‍රැකර් යනාදිය ආහාරයට ගෙන සෙමෙන් අවදි වීමෙන් ඔක්කාරය අඩු කර ගත හැකිය.

ග්ලූකෝස් සිරුරට ලැබීම මඟින් වමනය ඇති වීම පාලනය වේ. දෙහි, සෝඩා වතුර, ළපටි තැඹිලි යනාදී පානයක් සමඟ ග්ලූකෝස් දිය කර ලබා දිය යුතුය.රාත‍්‍රී නිදා ගැනීමෙන් පසුව රාත්‍රියේ මැද අවදි වී කිරි වීදුරුවක් හෝ පැණි රස මිශ‍්‍ර දෙයක් ආහාරයට ගැනීමෙන් රුධිරයෙහි සීනි අඩු වීමද නතර කර ගත හැකිය.

 දරු පිළිසිඳ ගැනීමකදී අනෙක් අයගේ අවධානය, වැඩිපුර ආදරය ලබා ගැනීම සඳහාද වමනය දැමීම සිදු කරයි. ඒ කෙසේ වෙතත් දරු පිළිසිඳ ගැනීමක් තිබේනම් එවැනි අවස්ථාවකදී පවුලේ සෙසු පුද්ගලයන්ගේ ආදරය, කරුණාව මවට ලබා දිය යුතු බව ආයුර්වේදයෙහි සඳහන් වේ. වමනය නිසා ගර්බය ඉවත් වේ යැයි අනිසි බියක් ඇති කර නොගත යුතුයි. ආදරය, කරුණාව මවට ලබා දීමෙන් සිදු වන මානසික උත්තේඡනය ඔස්සේද ඔක්කාර ගතිය ඇතැම් විට අඩු කර ගත හැකිය. දිනකට වැඩිපුර ඔක්කාරය සිදු වේ නම් එය බහු ගර්භණීත්වයේ ලක්‍ෂණයක් වීමට පුළුවන. එවැනි විටකදී වෛද්‍යවරයෙකු හමු වීම සුදුසු වේ.

ඔක්කාර ගතිය පාරම්පරිකවද ඇති වේ. මවට දරුවා ලැබෙන්නට සිටින කාලයේ අධික ලෙස ඔක්කාරය ඇති වූවේ නම් දුවටද එසේම විය හැක. මේ ලක්‍ෂණ හදුනාගෙන ගැබිනි මවට උපකාර කිරීම අනිවාර්‍ය වේ.

නාරං දොඩම් ඡම්බෝල බික් වල ඇති රේණු ගැබිනි මවට සපන්නට දීමෙන් ඔක්කාරය පාලනය කර ගත හැකිය. වෙරළු, මසං, නෙල්ලි යනාදියද ලබා දිය හැකිය. ඒවා අච්චාරු ලෙස  මවට ලබා දෙන්නේ නම් විනාකිරි අඩුවෙන් දමා ලබා දිය යුතුය.

 ලවන ගතිය අඩු වීම වලක්වා ගැනීමට ළපටි තැඹිලි ගෙඩියක් දවස පුරා වරින් වර බීමට ලබා දිය හැකිය.

උක් යුෂ, මිදි යුෂ දවසේ  ඕනෑම වේලාවක ලබා දීමට පුළුවන. පැපොල් වැනි පළතුරු මුල් මාස තුළදී  ලබා දීමෙන් කළලය විනාශ විය හැකිය. එම නිසා ගැබ් ගත් විට එම පළතුරු ආහාරයට නොගත යුතුය.

එමෙන්ම  වරකා, දූරියන් වැනි පළතුරු ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි අඩු වීම වලක්වා ගත හැකිය.

මවක් ගැබ් ගැනීමෙන් පසුව මුල් මාස තුන තුලදී ඇති වන ඔක්කාර ගතිය අවම කර ගැනීමට ඇයට උදව් කිරීමෙන් මානසිකව විශාල සහනයක් ඇයට ලබා දීමට හැකි වේ.

(ගම්පහ වික‍්‍රමාරච්චි ඇයුර්වේද විද්‍යායතනයේ කථිකාචාරිනී වෛද්‍ය එච්. ඒ. රේණුකා ප‍්‍රියදර්ශණී පෙරේරා මහත්මිය සමග කරන ලද සාකච්ඡාවක්   අනුව “ආදරණීය අම්මි” සඟරාවේ පළ කරන ලද  ලිපියක් ඇසුරින් මේ ලිපිය සකසා ඇත )

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

දරුවගේ ප්‍රතිශක්තය වැඩි කිරීමට කළ හැකි දේවල්

පොඩි දරුවෙක් ඉන්න අම්මලා තාත්‍තලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දරුවො නිතරම ලෙඩ...

Read More

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ...

Read More

කිරි දෙනකොට කොණ්ඩෙ යන්නෙ ඇයි?

බබා හම්බුනාට පස්සෙ එහෙමත් නැත්නම් කිරි දෙනකොට කොණ්ඩෙ යනඑක ඉතාම සුලබයි. මේකට...

Read More

Related Posts

Post-pregnancy

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න පුලුවන් උත්තරය තමයි ඔව් කියන එක. සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පස්සෙ මේ තත්වය අතිශය

Read More »
Pregnancy

ගර්භනී අම්මා කෙනෙක්ට ආහාර වේලක් දෙනවිට සැලකිලිමත් විය යුතු ම දේවල්

අපේ ලාංකික සංස්කෘතිය ඇතුළේ ගර්භනී මවකට හිමිවන්නේ සුවිශේෂී තැනක්. යාලුවෙක් හරි නෑදෑයෙක් හරි සමහර වෙලාවට වැඩිය නොදන්න කෙනෙක් වුණත් ගර්භනී වුණාම අපි කෑම එකක් හදලා

Read More »
Intimacy

යෝනි ශ්‍රාවවලින් ගැබ් ගැනීමෙන් තොර ලිංගික එක්වීමකට සුදුසු දින හඳුනාගන්නේ කොහොමද?

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් ඇසුරෙන් සරු දින හඳුනාගෙන, ඒවා මග හැර ලිංගික ව එකතු වීමෙන් ගැබ්

Read More »
Post-pregnancy

ප්‍රසූතියෙන් පසු බඩ අඩු කරගන්නා නිවැරදි ක්‍රම

දරු ප්‍රසූතියෙන් පස්සෙ හැම අම්මෙක්ම වදවෙන දෙයක් තමයි ආපහු තමන්ගෙ ශරීරය පරණ තත්වයටම ගන්නෙ කොහොමද කියන එක. බඩ අඩුකරගන්න එක තමයි ඒ අතරින් අමාරුම දේ.

Read More »