සාමාන්‍ය ඔසප් චක්‍රයක් කියන්නෙ දින 28 ක්. සමහර වෙලාවට මේ දින ගණන අඩු වැඩි වෙන්න පුලුවන්. අක්‍රමවත් ඔසප් චක්‍රයක් කියන්නෙ මේ දින ගණන දින 21ට අඩු හෝ දින 35ට වැඩිවෙනවා නම් තමයි. ගොඩක් වෙලාවට ඔසප් අක්‍රමවත් වෙන්නෙ ඔසප්වීම ආරම්භ වුනාට පස්සෙ සහ අවසාන වෙන්න ළංවුනාම.
ඔබේ ඔසප් චක්‍රය ක්‍රමවත්ද කියලා හරියටම දැනගන්නෙ කොහොමද?
ඔබට පුලුවන් දිනපොතක්, කැලැන්ඩරයක් හෝ ඇප් එකක් යොදාගෙන ඔසප් චක්‍රයේ දින ගණන සටහන් කරගන්න. ඔසප් වීම ආරම්භ වූ දිනය තමයි පළමු දිනය කියලා ගන්නෙ. එතකොට එදායින් පටන්ගත්ත ඔසප් චක්‍රයේ අන්තිම දිනය වෙන්නෙ ඊළඟට ඔසප්වෙන දිනයට කලින් දිනය. මේ ක්‍රමය ඔබට පැහැදිලි ඇති කියලා හිතනවා.
ඔසප් අක්‍රමවත් වෙන්න හේතුවෙන්නෙ,
- ආර්ථවාභාවය එහෙමත් නැත්නම් තරුණියක් ඔසප්වෙන්න පටන් ගන්න කාලෙදි ඔසප් අක්‍රමවත් වීම සාමාන්‍ය තත්වයක්.
- ආර්ථවහරණය, තවත් විදියකට කිව්වොත් අවුරුදු 45-55 අතර කාලයෙදි කාන්තාවන්ගෙ ඔසප් චක්‍රය නවතින්න ආසන්න වුනාමත් අක්‍රමවත් ලෙස ඔසප්වෙන්න පුලුවන්.මේ තත්වයත් සාමාන්‍යයි.
- ගර්භණී වීම
- මව්කිරි දීම
- හෝමෝනමය උපත් පාලන ක්‍රම (උදා: ප්‍රොජෙස්ටරෝන් පමණක් අඩංගු ගිලින පෙති, එන්නත්, උපත් පාලන උපාංග (IUCD))
- බර අඩුවීම/වැඩිවීම
- මානසික ආතතිය
- අධික ලෙස ව්‍යායාමවල නිරත වීම
- තයිරොක්සින් ඌණතා
- ඩිම්භ කෝෂවල රෝග තත්ව (Polycystic Ovary Syndrome – PCOS)
ඔසප් අක්‍රමවත් වෙන හැම කෙනෙක්ටම ප්‍රතිකාර අවශ්‍යමද?
නැහැ. හැමෝටම ප්‍රතිකාර අවශ්‍ය නැහැ. මම කලින් පැහැදිලි කලා වගේ නව යොවුන් වියේ සහ වයස අවුරුදු 45-55 අතර කාන්තාවන්ට ඔසප් අක්‍රමවත් වීම සාමාන්‍යයි. නමුත් අක්‍රමවත් ඔසප් චක්‍රයක් එක්ක ඔබට වෙනත් අපහසුතා තියෙනවනම්,
උදා: අධික ලෙස රුධිර වහනය, එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන්න අපහසු තරම් උදරයේ/කොන්දේ වේදනාව, ක්ලාන්තය වගේ ලක්ෂණ තියෙනවනම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගන්න ඕනෙ.
අනිත් හේතු නිසා ඔසප් අක්‍රමවත් වීම සිදුවෙන කාන්තාවන්ට ප්‍රතිකාර විදියට කරන්නෙ ඒ ඒ ගැටලුවට ප්‍රතිකාර කරන එක.
ඔබට තයිරොක්සින් ඌණතාවයක් තියෙනවා නම් රුධිර පරීක්ෂණයකින් ඒ බව තහවුරු කරගත්තට පස්සෙ තයිරොක්සින් ගන්න වෙනවා. PCOS තත්වය නිසා ඔබට අක්‍රමවත් ඔසප්වීමක් සිද්ධ වුනානම් ගොඩක් වෙලාවට ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් දෙකම අඩංගු උපත් පාලන පෙති (Combined Oral Contraceptive Pills) තමයි ප්‍රතිකාරය ලෙස ඔබට ලැබෙන්නෙ.
සටහන –
වෛද්‍ය S. එදිරිසිංහ(MBBS (Rajarata)
(SLMC registration No:43303)
පේරාදෙණිය ශික්ෂණ රෝහල