hit counter code

ගර්භනී වුණාට පස්සෙ වෙනදට වඩා දුක හිතෙනවද? මේ ලිපිය කියවන්න.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

දරුවා ලැබුනට පස්සෙ අම්මලාට එන විශාදය එහෙමත් නැත්නම් Depression ගැන ඔබ සමහරවිට අහල ඇති. ගර්භනී කාලෙත් සමහර අම්මලට විවිධ හේතු නිසා මේ තත්ත්වය ඇතිවෙන්න පුලුවන්. සාමන්‍යයෙන් මේ තත්ත්වය කලින් හදුනගත්තොත් බෙහෙත් නැතුව මානසික ප්‍රතිකාර සහ උපකාරවලින් විතරක් සුවකරන්න පුලුවන්. එහෙම හදුනගන්න බැරිවෙලා රෝගය දිගටම තිබ්බොත් දරුවා හම්බුනාට පස්සෙ මේ තත්ත්වය උග්‍ර වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඒ හින්දා උපකාර ලබාගන්න එක හරිම වැදගත්.

ගර්භනී සමයේ විශාදය හඳුනාගන්නේ කොහොමද?

ගර්භනී කාලෙදි හෝමෝනවල සිදුවන වෙනස්කම් හින්දත් නිතරම මහන්සි ගතිය, නිතරම තරහ යන එක එන්න පුලුවන්. ඒත් දවසේ වැඩිකාලයක් ඔබ දුකින් ඉන්නවනම්, ජීවිතය ගැන කලකිරිල ඉන්නවනම්, කිසිම දේකින් ඔබට සතුටක් ලැබෙන්නෙ නැත්නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න එක වඩාත් සුදුසු වේවි. 

ඊට අමතරව විශාදය කියන රෝග තත්ත්වයේ රෝග ලක්ෂණ ඔබට පහලින් කියවන්න පුලුවන්. 

  • නිතරම දුකින්/හඩමින් සිටීම, low mood
  • ඉක්මනින් තරහ යන ගතිය 
  • කිසිම දෙයක් ගැන උනන්දුවක් නැතිකම
  • හැමවෙලේම ඍණාත්මක අදහස් ඔලුවට එන එක. (උදා: මට බබාව හරියට බලාගන්න බැරිවෙයිද වගේ දේවල්)
  • මේ ඔක්කොම මගේ වැරදි නිසා තමයි වුනේ වගේ දේවල් හිතලා තමන්ටම දොස් පවරගන්න එක.
  • කිසිම වැඩකට අවධානය දෙන්න බැරිකම. 

මේ ලක්ෂණ වලට අමතරව රෝගයේ වඩාත්ම භයානක ලක්ෂණ එහෙමත් නැත්නම් Red Flag Symptoms තමයි ඊලගට තියෙන්නෙ. මේ ලක්ෂණ ඔබට හෝ ඔබ දන්න වෙනත් ගර්භනී මවකට තියෙනවානම් වහාම ආසන්නතම රෝහලට ඇයව රැගෙන යා යුතුමයි. 

  • අනිත් අයට නොපෙනෙන දේවල් පේන එක (Visual Hallucinations)
  • අනිත් අයට නොඇසෙන දේවල් ඇහෙන එක, කටහඬවල් වගේ (Auditory Hallucinations)
  • ඇයගේ ජීවිතයට හෝ ඇයගේ පවුලේ අයට ඇගෙන් අනතුරක් වෙයි කියල සැකයක් තියෙනවනම්,

වහාම ලගම රෝහලට ඇයව අරගෙන යන්න. 

ඔබට මම මුලින්ම කියපු ලක්ෂණ තියෙනවා නම්,  ඔබේ පවුල් සෞඛ්‍ය සේවිකාවට ඒ ගැන කියලහරි එහෙමත් නැත්නම් ඔබම ගිහින් වෛද්‍යවරයෙක් හමුවෙන එක අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ. අවශ්‍ය උපකාර හා ප්‍රතිකාර ලබාදුන්නම මේ තත්ත්වය සුවකරගන්න පුලුවන්. 

මේ සදහා තිබෙන ප්‍රතිකාර ක්‍රම මොනවද කියලා අපි දැන් බලමු. 

  1. Self Help (ඔබටම කරගන්න පුලුවන් ප්‍රතිකාර!)

ඔබට කරන්න තියෙන්නෙ ඉතාම සුලු දේවල් කීපයක් විතරයි. ඔබට හිතෙන දේවල් විශ්වාසවන්ත කෙනෙක්ට කියන්න. ඔබේ සැමියා, යාලුවෙක් මේ ඕනෙම කෙනෙක් වෙන්න පුලුවන්. ඒකෙන් හිතට ලොකු සහනයක් ලැබෙනවා. 

පොඩි ව්‍යායාම ටිකක් කරන්න. ගර්භනී කාලෙ කියල ඒවා නවත්තන්න එපා. ඒ කාලෙට ගැලපෙන ව්‍යායාම තියෙනවා. යූටියුබ් එකේ වීඩියෝස් බලල කරන්න. ඔබට සුව නින්දක් ලබාගන්න ඒක උදව්වක් වේව්. ඒ වගේම මූඩ් එකත් හොඳ වේවි. ව්‍යායාම කරන එක වගේම සමබල ආහාර වේලක් ගන්නත් අමතක කරන්න එපා. 

ගර්භනී අම්මලට තියෙන සායනවලට පංතිවලට සහභාගීවෙන්න. එයාලත් එක්ක කතාකරන්න. අත්දැකීම් බෙදාගන්න. 

  1. මානසික ප්‍රතිකාර 

ඔබේ රෝග ලක්ෂණවල බරපතලකම අනුව ඔබට ලබාදෙන ප්‍රතිකාර ක්‍රම වෙනස්වෙන්න පුලුවන්. Counselling, Cognitive Behavioural Therapy වගේ ක්‍රම තමයි යොදාගන්නෙ. ඔබේ වෛද්‍යවරයා සුදුසුකම්ලත් උපදේශකයෙක් වෙත ඔබව යොමුකරාවි. 

  1. ඖෂධ වර්ග (Antidepressants)

ඔබේ රෝග තත්ත්වය ටිකක් දරුණු තත්ත්වයේ එකක්නම්, මානසික ප්‍රතිකාර වලින් සුවකරන්න අපහසු තත්ත්වයේ තියෙනවා නම ගොඩක් වෙලාවට ඔබට ඖෂධ පාවිච්චි කරන්නට වේවි. ඔබ ගර්භනී නිසා ඔබටත් දරුවටත් හානියක් නොවන ඖෂධ, වෛද්‍ය උපදෙස් මත පමණක් ලබාගන්න සැලකිලිමත්වෙන්න. 

වෛද්‍ය S. එදිරිසිංහ(MBBS (Rajarata)
(SLMC registration No:43303)
පේරාදෙණිය ශික්ෂණ රෝහල

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Pregnancy

මාස තුන සපිරුණු ගර්භණී ඔබ මේ විටමින් වර්ග ගන්නවද ?

ගර්භණී කාලයේ මවකට ලැබෙන පෝෂණය අනුව තමයි දරුවාගේ වර්ධනය තීරණය වෙන්නෙ. නීරෝගී දරුවෙක් පතන ඔබ අනිවාර්යයෙන්ම ඔබේ පෝෂණය ගැන සැලකිලිමත් වෙන්නම ඕනෙ. ගර්භණී සමයේ එක

Read More »
Intimacy

ඔසප් අක්‍රමවත් වීමට හේතු

සාමාන්‍ය ඔසප් චක්‍රයක් කියන්නෙ දින 28 ක්. සමහර වෙලාවට මේ දින ගණන අඩු වැඩි වෙන්න පුලුවන්. අක්‍රමවත් ඔසප් චක්‍රයක් කියන්නෙ මේ දින ගණන දින 21ට

Read More »
Post-pregnancy

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න පුලුවන් උත්තරය තමයි ඔව් කියන එක. සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පස්සෙ මේ තත්වය අතිශය

Read More »
Pregnancy

ගර්භනී අම්මා කෙනෙක්ට ආහාර වේලක් දෙනවිට සැලකිලිමත් විය යුතු ම දේවල්

අපේ ලාංකික සංස්කෘතිය ඇතුළේ ගර්භනී මවකට හිමිවන්නේ සුවිශේෂී තැනක්. යාලුවෙක් හරි නෑදෑයෙක් හරි සමහර වෙලාවට වැඩිය නොදන්න කෙනෙක් වුණත් ගර්භනී වුණාම අපි කෑම එකක් හදලා

Read More »