hit counter code

Pregnancy Weight Gain Calculator

මේ කැලැන්ඩරය හරහා ඔබේ ගර්භණීභාවයේ සති ගණනට අදාළ ව තිබිය යුතු උපරිම බර සහ අවම බර පිළිබඳ දැනුවත් වීමේ හැකියාව ඇත.

මෙම කැල්කියුලේටරය ක්‍රියාත්මක කළ යුතු ආකාරය

  • පළමුව ගර්භණී වන්නට පෙර උස Height යන්නෙහි cm වලින් සටහන් කරන්න.
  • ගර්භණී වන්නට පෙර බර Weight යන්නෙහි kg වලින් සටහන් කරන්න. 
  • එවිට BMI හි ඔබේ නිවැරදි BMI අගය ලැබේ. 
  • ඉන්පසු Week යන්නෙහි ඔබේ ගර්භයෙහි සති ගණන යොදන්න. 
  • එවිට Min. weight හි ඔබට තිබිය යුතු අවම බර පෙන්වයි.
  • Max. weight හි ඔබට තිබිය යුතු උපරිම බර පෙන්වයි. 
  • Min. weight gain හි ඔබට වැඩි කරගත හැකි අවම kg ප්‍රමාණයත් , Max. weight gain හි ඔබට වැඩි කරගත හැකි උපරිම kg ප්‍රමාණයත් පෙන්වයි. 

ගර්භණී සමයේදී ඔබ වැඩිවන බර ප්‍රමාණය ඔබේ ගර්භණී සෞඛ්‍යයට සහ ඔබේ දරුවාගේ දිගුකාලීන සෞඛ්‍යයට වැදගත් වේ. එම නිර්දේශිත බර ප්‍රමාණයන් නිසි ලෙස පවත්වා ගැනීමට සුදුසු පියවර අනුගමනය කරන්න.

බර වැඩි වීමට අමතර ව ගර්භනී කාලයේ සිදු විය හැකි වෙනස්කම්

බොහෝ කාන්තාවන්ට ගැබ් ගැනීම සහ ඒ හේතුවෙන් ඔවුන්ගේ ශරීරයේ සිදුවන වෙනස්කම් ගැන බියක් දැනේ. ඔවුහු ස්ට්‍රෙච් මාර්ක්, මුත්‍රා ආසාදන, ශරීරයේ වේදනාව මෙන් ම ප්‍රසව වේදනාවලට බිය වෙති. නමුත් ගර්භනී කාන්තාවකගේ ශරීරයේ සිදුවන වෙනස්කම් මේවා පමණක් නොවේ. පියයුරුවල වෙනස්කම් සිදුවේ.ඒවා විශාල වන අතර ඇරියෝලාව අඳුරු වේ. හෝමෝන සමතුලිතතාවයේ සැලකිය යුතු වෙනස්කම් ඇති වේ. හෘද ස්පන්දන වේගය 25% කින් වැඩි වේ. රුධිර පරිමාව 45% කින් පවා වැඩි විය හැක. මෙම සියලු වෙනස්කම්වලට ප්‍රධාන හේතු තුනකි.

  • දරුවාට හොඳ වර්ධනයක් ඇති වීමට
  • ප්‍රසූතිය සඳහා සූදානම් වීමට
  • දරු ප්‍රසූතියෙන් පසු මව්කිරි දීම සඳහා සූදානම් වීමට