hit counter code

Pregnancy Due Date Calculator

මේ කැල්කියුලේටරය මගින් ඔබේ දරුවා ලැබෙන දිනය ගැන දළ අදහසක් ඔබට ම තනිවම ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

  1. මේ සඳහා පළමුව Calculation Method යන ස්ථානයේ ඔබේ පසුගිය මාසයේ ඔසප් චක්‍රයේ ආරම්භක දිනය තෝරා ගන්න.
  2. ඉන්පසු පහළ ඇති කැලැන්ඩරයේ අදාළ දිනය ඇතුළත් කරන්න.
  3. ඉන්පසු ඔසප් චක්‍රයේ සාමාන්‍ය දින ගණන ඇතුළත් කරන්න.
  4. Calculate My Due Date මත ක්ලික් කරන්න.
  5. දැන් ඔබේ ප්‍රසූත දිනය ආසන්න වශයෙන් නිවැරදිව ලැබී තිබෙනවා.

ඔබ සැලකිලිමත් විය යුතු කරුණු

දරුවා සති 38 ක් පමණ ගර්භාෂය තුළ ගත කරයි. නමුත් ගැබ්ගැනීමේ (ගර්භණීභාවය) සාමාන්‍ය කාලය සති 40 ක් ලෙස ගණන් ගනු ලැබේ.

මක්නිසාද යත්, ගැබ් ගැනීම ගණනය කරනු ලබන්නේ කාන්තාවගේ අවසාන ඔසප් වීමේ පළමු දිනයේ සිට මිස, සති දෙකකට පසුව එන සරු කාලය අනුව නොවේ.

ගැබ් ගැනීම ත්‍රෛමාසික තුනකට බෙදා ඇත. 

  • පළමු ත්‍රෛමාසිකය – පිළිසිඳ ගැනීම සිට සති 12 දක්වා
  • දෙවන ත්‍රෛමාසිකය – සති 12 සිට 24 දක්වා
  • තුන්වන ත්‍රෛමාසිකය  – සති 24 සිට 40 දක්වා.

මෙම කාර්තු තුනෙහි දී ම ඔබේත් දරුවාගේත් සෞඛ්‍යය පිළිබඳ ඔබට අවශ්‍ය සියලු විස්තර හා මග පෙන්වීම ඔබේ වෛද්‍යවරයා හා පවුල් සෞඛ්‍ය උපදේශිකාවගෙන් ලබා ගැනීමට හැකි අතර මෙම වෙබ් අඩවිය හරහා ද ඔබේ දැනුමට අවශ්‍ය සියලු තොරතුරු ලබා ගත හැක.