hit counter code

ඔබේ දරුවාට Potty Training කිරීමේදී සැලකිලිමත් විය යුතු ම කරුණු

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

ගයනි සහ  මේනකා ඥාති සොහොයුරියන්. දෙන්නගෙම බබාලා එකම වයසක. ගයනි තම දරුවාට Potty training කාර්‍යයන් ක්‍රමානූකූලව කරගෙන ගියත් මේනකාගේ දරුවා සිටින්නේ තවමත් ඒ සඳහා මානසිකව සුදානමකින් නොවේ. ඉතින් ගයනිගෙ දරුවා ක්‍රමානුකූලව වැසිකිලි කටයුතු වල යෙදෙද්දී මේනකාගේ දරුවා එසේ නොකිරීම ගැන  පවුලේම චෝදනාව එල්ල වුනේ මේනකාට. ඉතින් ඔබ දරුවන් සිටින මවක් නම් මෙවැනි අත්දැකීම් රැසක් ඔබ සතුව  ඇති බව අප දන්නවා.

ඉතින් දරුවෙකුට Potty training කිරීමේදී සැලකිලිමත් වියයුතු  දේවල් ගැන සියලුම දෙනා දැනුවත් වියයුතු දේ රැසක් තිබෙනවා. මේ ලිපිය ඒ ගැනයි.

දරුවෙකුට Potty Training කිරීම සඳහා වඩාත් සුදුසු ම වයස 

Potty Training, එහෙමත් නැත්නම් වැසිකිළි යාම සඳහා ක්‍රමානුකූල පුහුණුවක් ලබා දීම දරුවකුගේ ජීවිතයේ සුවිශේෂ අවස්ථාවන්ගෙන් එකක්. ඉතින් වැඩෙන මිනිසෙකු ලෙස සමාජ ගත වීමේ ප්‍රධාන කාර්‍යයක් ලෙස දරුවාගේ ජීවිතයට එය සුවිසල් වෙනසක් ඇතිකරනවා. බොහෝ දරුවන් මාස 18-36 අතර කාලයේදී ඒ සඳහා සුදුසු බවට ඉඟි පළ කරනවා.
එහෙත් සමහර දරුවන් වයස අවුරුදු 3 පමණ වන තෙක් ඒ සඳහා හුරු කිරීම කිරීම තරමක් අපහසුයි. ඔවුන් තවමත් ඒ සඳහා සූදානම් නැහැ. දරුවාගෙන් දරුවාට මේ කාලසීමාව වෙනස් වෙන්නට පුළුවන්.

රුවා Potty training  වලට හුරු කරවීමට පෙර ඔබ ඔබෙන්ම අසා දැනගත යුතු ප්‍රශ්න කිහිපයක් තිබෙනවා.

  • මගේ දරුවාට  කිසියම් වේලාවක් වාඩිවී සිටිය හැකි ද?
  • දරුවා වෙහෙසකින් තොරව එම ක්‍රියාවේ යෙදෙනවා ද?
  • දරුවාට සරල විධිවිධාන තේරුම් ගැනීමේ හැකියාවක් තිබෙනවා ද ?
  • තම අවශ්‍යතාවය කියාපෑමට දරුවා දන්නවා ද?
  • වැඩිහිටියන් අනුගමනය කිරීමට ඔහු හෝ ඇය පෙළඹමින් සිටිනවා ද ?

ඔබේ පිළිතුරු අතර “ඔව්” බහුල නම් දැන් දරුවා පොටි ට්‍රේනින් සඳහා සුදුසු වයසට එළඹ තිබෙනවා.

මෙන්න මේ විදියට පුරුදු වෙන්න.

  • නියමිත වේලාවක් තෝරාගන්න.
  • දරුවාට අදාල ක්‍රියාව කිරීම සඳහා කතා කිරීමට සුදුසු වචන පෙළක් තෝරාගන්න.හැමදාම එම වචන ඔස්සේ එම ක්‍රියාවට ආරාධනා කිරීම කළ යුතු බව මතක තබාගන්න. එය සුන්දර, නෙගටිව් නොවන වචන පෙළක් වීම හරිම වැදගත්.
  • අදාල සුදුසු උපකරණ සූදානම් කරගන්න.
  • දරුවාව වාඩිකර ඔබ ද ඔහු සමග අසලටම වී සිටින්න.පොතක් කියවීම හෝ කතා කරමින් හෝ සිටීමට හැකියි.
  • මෙම ක්‍රියාව පලමු දවසින්ම සාර්ථක වන්නේ නැහැ.ඉවසීමෙන් දින කිහිපයක් සිදුකරන්න.
  • දරුවාට වැසිකිලි අවශ්‍යතාවයන් එනබව කියන මොහොතේම ඉක්මනින්ම අදාළ උපකරණ වෙතට රැගෙන යන්න.
  • ක්‍රම ක්‍රමයෙන් දරුවා කරුණු තේරුම් ගන්නා විට සිදුවන්නේ කුමක්ද කියා ඔහුට/ ඇයට පැහැදිලි කර දෙන්න.
  • නිසි පරිදි පිරිසිදු කිරීමේ වැදගත්කම ගැන ද කියාදෙන්න.

ඒ වගේම රාත්‍රී කාලයේ දී පෙර මුත්‍රා කර නින්දට යාමෙන් පසු ඇඳ නොතෙමා සිටීමට දරුවා තරමක් වර්ධනය විය යුතු වනවා.

මෙන්න මේ දේවල් වලින් කිසිසේත්ම  නොකිරීමට වගබලා ගන්න.

1.අනෙක් දරුවන් හා සංසන්දනය කරමින් බලහත්කාරයෙන් පුරුදු කරවීමට යාම.
2.දරුවා කෙරෙහි අනවශ්‍ය පීඩනයක් එල්ල කිරීම.
3.එම අවස්ථාව අප්‍රසන්න දෙයක් ලෙස නොසැලකීම.
4.දරුවාට පොටි ට්‍රේනින් කිරීම පිළිබද   අධ්‍යයනයකින් තොරව කටයුතු කිරීම.

ඔබේ දරුවා Potty training සදහා සුදුසු වයසට පැමිණ ඇති බව ඔබට තහවුරු නම් මේ පිලිබදව නිසි දැනුවත් කමකින් යුතුව මේ පුහුණුව ආරම්භ කිරීම වැදගත් යැයි අපි ඔබට යෝජනා කරන්නේ මේ පුහුණුව දරුවාගේ කායික හා මානසික සෞඛ්‍යයට ඉතාම වැදගත් බලපෑමක් කරන නිසයි. ඔබ හා දරුවාගේ සබඳතා වලට හානියක් කර නොගනිමින් මේ සඳහා යොමු වීම වැදගත් බව නිතර සිහිතබා ගන්න.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර...

Read More

දුර්ලභ රෝගයක් නිසා ප්‍රසූතියේදී දෙපා අහිමි වූ මව

ඔබ දරු ප්‍රසූතිය සඳහා රෝහලක සිටින විට ලබා ගන්නට යන මුළු අත්දැකීම...

Read More

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර...

Read More

Related Posts

Nutrition

බබාගෙ බර ඉක්මනින් වැඩි කරන සීරියල් එකක් ගෙදර හදමු

බබාලගෙ බර වැඩි කරගන්න අම්මලා නොකරන දෙයක් නෑ. කෑම කවන එක යුද්ධයක් බවට පත් වෙන්නේ පවා ඒකයි. නියමිත ක්‍රියාකාරකම් කරනවා නම් බරෙහි කුඩා වෙනස්කම් නොසැලකිය

Read More »
Mental Development

අවුරුදු දෙකෙන් පසුත් දරුවා රාත්‍රිය පුරා කඩින් කඩ අවදි වන්නේ ඇයි?

දරුවා කුඩා කාලයේදී රාත්‍රියේදී කිහිපවිටක් අවදිවෙමින් කිරි බීම හෝ හැඬීම සාමාන්‍ය දෙයක්. නමුත් වයසින් වැඩෙත්ම එම පුරුද්ද මග හැරෙනවා. එසේ නොවන විට මව හෝ පියා

Read More »