hit counter code

අවුරුදු දෙකෙන් පසුත් දරුවා රාත්‍රිය පුරා කඩින් කඩ අවදි වන්නේ ඇයි?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

දරුවා කුඩා කාලයේදී රාත්‍රියේදී කිහිපවිටක් අවදිවෙමින් කිරි බීම හෝ හැඬීම සාමාන්‍ය දෙයක්. නමුත් වයසින් වැඩෙත්ම එම පුරුද්ද මග හැරෙනවා. එසේ නොවන විට මව හෝ පියා ලෙස ඔබ පීඩාවට් පත් වෙන්නට පුලුවන්. ඉතින් මේ ගැටලුව ගැන සිතා බැලීමට අලුත් කෝණයක් තමයි අද ඔබට මේ ලිපියෙන් කියන්නට යන්නේ.

දරුවා රාත්‍රිය පුරා කඩින් කඩ අවදි වන්නේ ඇයි?

ඔබේ දරුවා අනෙකුත් කුඩා දරුවන්ට හෝ වැඩිහිටියන්ට වඩා රාත්‍රියේ නින්දෙන් නිතර අවදිවනවා නොවේ. ඔබේ උදව් නොමැතිව නැවත නිදා ගන්නේ කෙසේදැයි ඔහු නොදන්නාකමයි ගැටලුව.

අපි රාත්‍රියේ අවදි වුණාම නැවත් නින්දට වැටෙන්නේ කොහොමද ?

අපි හැමෝම රෑ මැදියමේ අවදි වෙනවා. මෙම රාත්‍රී අවදිවීම් සාමාන්‍යයෙන් කෙතරම් කෙටිද යත් අපට ඒවා උදෑසන වන විටත් මතක නැත. නමුත් වරින් වර, යම් දෙයක් නිසා අපට නැවත නින්දට වැටීමේ ගැටලුවක් ඇති වේ නම් අපි  ඇඳේ එහා මෙහා පෙරළීම, වතුර වීදුරුවක් ලබා ගැනීම හෝ කියවීමට උත්සාහ කරනවා. ඒ නැවත නින්දට වැටෙන්නටයි.

නමුත්  දරුවාගේ තත්ත්වය තරමක් වෙනස්. දරුවාට නැවත නිදා ගැනීමට උපකාර කිරීමට අවශ්‍ය වන්නේ ඔබයි. ඒ නිසාම ඔබ දරුවාට එය තනිවම කරන ආකාරය කියා දිය යුතුයි.

එකම චර්‍යා රටාව මීට හේතු වන බව ඔබ දන්නවාද ?

ඔවුන් සාමාන්‍යෙන් නින්දට යාමේ ඒකාකාරී චර්යා රටාවක් පුහුණු වී තිබෙනවා. එමනිසා කුඩා දරුවන්ට බොහෝ විට නැවත නින්දට වැටීමේ ගැටළු ඇති බව  සොයා ගෙන තිබෙනවා. ඔබ සාමාන්‍යයෙන් දරුවා අල්ලාගෙන, පද්දමින් හෝ සොලවා,  කිරි දෙමින්, පිටට තට්ටු කරමින්, පොත් කිහිපයක් කියවමින්, පසුව  නින්දට යාමට පෙර සෙල්ලම් සුරතල් සතුන්ට “සුබ රාත්‍රියක්” යැයි පවසා නින්දට යෑම වැනි චර්‍යා රටාවන් තිබෙන්නට පුලුවන්. 

නමුත් ගැටලුව වන්නේ මෙම චර්යාව සමග  දරුවා “නැවත තනිව සැනසී නින්දට වැටීම” කෙරෙහි අසමත් වීමයි. දරුවා නින්දට යන විට නිදා ගැනීමට උපකාර කිරීම සඳහා එකම රටාවකට පුරුදු වී සිටී නම්, මධ්‍යම රාත්‍රියේ නැවත නින්දට වැටීම සඳහාත් ඔහු එය බලාපොරොත්තු වීමට ඉගෙන ගන්නා අතර ඔබෙන් අවධානය අවශ්‍ය වේ.

මේ තත්ත්වය වළක්වා ගන්නේ කෙසේද?

මේ සඳහා කළ හැකි දේවල් දෙකක් තිබෙනවා.

දරුවාට නිදිමත නමුත් තවමත් අවදියෙන් සිටින විට ඔහුව ඇඳේ හෝ තොටිල්ලේ තැබීමට පටන් ගන්න. ඔබ පුහුණු කරගෙන ආ නින්දට යාමේ රටාව සමඟින්  දරුවා නිදා ගැනීමට යන සෑම විටම නළවන්නට එපා.  එම රටාව කෙටි හා මිහිරි ලෙස පවත්වා ගන්න. දරුවාව නිදිමත සහිතව ම නමුත් නින්දට වැටීමට පෙර ඇඳෙහි හෝ තොටිල්ලේ තබන්න. මුලදී බොහෝ විට අඬමින් සහ ඔබට ම ඇලී සිටීමෙන් විරෝධය පළ කරනු ඇත. නමුත් ඔබ සෑම විනාඩි 15කට වරක් දරුවාව පරීක්ෂා කරමින් සිටිනවා නම්, රාත්‍රී කිහිපයකින් පසු ඔහු නින්දට යන විට ඉක්මනින් නිදා ගැනීමට පටන් ගනී.

දරුවාට නිදා ගැනීමට “ඔබ වෙනුවට වෙනත් විකල්පයක්” දෙන්න. මෙම සැනසිලිදායක දෙය සූප්පුවක්, ටෙඩි බෙයාර් කෙනෙක් හෝ බ්ලැන්කට්ටුවක් විය හැකිය. ක්‍රමයෙන් එය දරුවාට රාත්‍රියේ ඔබව අවශ්‍ය වීමේ සිට ටෙඩි බෙයාර්ව අවශ්‍ය වීම දක්වා මාරු වෙනු ඇත. අවසානයේදී දරුවාට නැවත නින්දට වැටීමට කිසිවෙකු හෝ කිසිවක් අවශ්‍ය නොවනු ඇත.

බේබි සෙන්ටර් වෙබ් අඩවියේ ලිපියක් ඇසුරිනි.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර...

Read More

දුර්ලභ රෝගයක් නිසා ප්‍රසූතියේදී දෙපා අහිමි වූ මව

ඔබ දරු ප්‍රසූතිය සඳහා රෝහලක සිටින විට ලබා ගන්නට යන මුළු අත්දැකීම...

Read More

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර...

Read More

Related Posts

Nutrition

බබාගෙ බර ඉක්මනින් වැඩි කරන සීරියල් එකක් ගෙදර හදමු

බබාලගෙ බර වැඩි කරගන්න අම්මලා නොකරන දෙයක් නෑ. කෑම කවන එක යුද්ධයක් බවට පත් වෙන්නේ පවා ඒකයි. නියමිත ක්‍රියාකාරකම් කරනවා නම් බරෙහි කුඩා වෙනස්කම් නොසැලකිය

Read More »
Nutrition

කෑමට හොර පොඩිත්තන්ගෙ කෑම රුචිය වැඩි කරන්නේ මෙහෙමයි

ලොව පුරා අම්මලට තියෙන ලොකුම යුද්ධය තමයි බබාලට කෑම කවන යුද්ධය. අම්මා කෙනෙක් වෙන්න කලින් කෙතරම් පොත පත දැනුම ලබා කෑම කැවීම ගැන දැනුම ලබා

Read More »