hit counter code

Healthy foods

දරුවාට සමබල ආහාර වේලක් නොලැබුණොත්?

වැඩෙන දරුවන්ට සමබල ආහාර වේලක් අත්‍යවශ්‍ය වෙන්නේ ඇයි? ළපටි දරුවන් ඉක්මණින් වැඩෙනවා. පූර්ව ළමාවියේදි ඉතා වේගවත් ව කායික මානසික සංවර්ධනයක් සිදුවනවා. දරුවාගේ කායික සංවර්ධනය වේගවත් නිසා දරුවා අධිකව ක්‍රියාශීලි විය හැකියි. ඒ සමඟම දරුවාගේ මනසත් ඊට සමගාමීව ක්‍රියාත්මක වීමෙන් ඔහු/ඇය සමබල වර්ධනයක් පෙන්නුම් කරනවා. ඉතිං මේ සමබල වර්ධනයට රුකුලක් වශයෙන් සමබල ආහාර වේලක් දරුවාට අත්‍යවශ්‍යයි. …

දරුවාට සමබල ආහාර වේලක් නොලැබුණොත්? Read More »

පලතුරු නොකන බබාලට වෙනස් විදියකට පලතුරු කවමු.

සමහර බබාලා පලතුරු කන්න හරි ම අකමැතියි. සමහර බබාලා හැමදාම එක ම විදියට පලතුරු කන්න කැමති අකමැතියි. පලතුරු කන්න කැමති නැති බබාලටත්, පලතුරු කන්න ආස බබාලටත් වෙනස් රසකට වෙනස් විදියකට පලතුරු කවමු. කැරමල් සෝස් හදමු. අවශ්‍ය ද්‍රව්‍ය සීනි කෝප්ප බාගයක් බටර් කෝප්ප කාලක් එළකිරි කෝප්ප කාලක් හදන්නේ මෙහෙමයි කිරි ටික ඉතා අඩු ගින්දරේ ලිප තබන්න. …

පලතුරු නොකන බබාලට වෙනස් විදියකට පලතුරු කවමු. Read More »

පෝෂණය සුරැකෙන්නට ආහාර පිසිමු

පුංචි පැටියා වෙනුවෙන් ආහාර හැදීමේදි වැදගත්ම කාරණාව තමයි ආහාරයේ පෝෂ්‍ය සංඝටක ආරක්ෂා කිරීම. සමහර විට අපි නොහිතා කරන දේවල් නිසා ආහාරවල වැදගත්ම පෝෂ්‍ය පදාර්ථ විනාශ වෙලා යන්න පුළුවන්. ඉතිං පෝෂණය සුරැකෙන්නට ආහාර පිසිමු. ආහාර වල පෝෂ්‍ය සංඝටක විනාශ වෙන විධි! වාතයට වැඩි වශයෙන් නිරාවරණය වීම.එළවළු සහ පළතුරු ඉතා කුඩා කැබලි වලට කපලා තියෙද්දි වාතයට නිරාවරණය …

පෝෂණය සුරැකෙන්නට ආහාර පිසිමු Read More »

බබාට ඕන කෑම ගෙදරම වවමු ද?

දරුවාගෙ පෝෂණයට වුවමනා ආහාර කිසි වසක් විසක් නැතිව දෙන්න පුළුවන් නම් අම්මලාට ඒක කොච්චර සතුටක්ද? දරුවා සතුටින් කෑම කනවානම්, ආහාර සම්බන්ධ බෙදාහදාගැනීම් කෑම කන අතරෙදි ඉගෙනගන්නවානම් කොච්චර හොඳ ද? ඉතිං බබාලට කෑම කවන අම්මලා ඒ වෙනුවෙන් ගෙවත්ත සකසාගන්නෙ කොහොමද කියල අපි අද බලමු.. කුඩා කාලයේ ඉඳන්ම වයසට ගැලපෙන පරිදි ගන්නා සමබල ආහාර වේලක වැදගත්කම මිනිසාට …

බබාට ඕන කෑම ගෙදරම වවමු ද? Read More »

කෑමට හොර පොඩිත්තන්ගෙ කෑම රුචිය වැඩි කරන්නේ මෙහෙමයි

ලොව පුරා අම්මලට තියෙන ලොකුම යුද්ධය තමයි බබාලට කෑම කවන යුද්ධය. අම්මා කෙනෙක් වෙන්න කලින් කෙතරම් පොත පත දැනුම ලබා කෑම කැවීම ගැන දැනුම ලබා ගත්තත් දරුවාට ආහාර ලබා දීම ආරම්භ කළ පසු එය සැබෑම අභියෝගයක් වෙනවා.මේ අභියෝගය පහසුවෙන් ජයගන්නට කෑමට හොර පොඩිත්තන්ගෙ කෑම රුචිය වැඩි කරන ක්‍රම කිහිපයක් මේ ලිපියෙන් සාකච්ඡා කෙරෙනවා. ● හැඩය …

කෑමට හොර පොඩිත්තන්ගෙ කෑම රුචිය වැඩි කරන්නේ මෙහෙමයි Read More »

දරුවාගේ බර අඩු නම්?

අලුත උපන් දරුවෙකු කෙමෙන් වර්ධනය වන විට දරුවාගේ බර සෞඛ්‍ය සම්පන්න මට්ටමකින් පවත්වාගෙන යාම මවක් මුහුණදෙන අභියෝගයක්. දරුවා අලුත් ලෝකයට හුරු කරමින් රෝගවලින් ආරක්ෂා කරමින් වයසට නියමිත බර පවත්වාගෙන යාම එතරම් පහසු කටයුත්තක් නොවේ. ● දරුවෙක්ගේ බරෙන් කියැවෙන්නේ කුමක් ද? බර යනු දරුවාගේ වර්ධනය පිළිබඳ පිටතින් බලා මැනගත හැකියි ප්‍රධාන සාධකයයි. බර හොඳ මට්ටමක දිගින් …

දරුවාගේ බර අඩු නම්? Read More »

අම්මාගෙ දොළ දුක අනුව දරුවා ගැන ඉඟි කියන්න පුලුවන් ද?

ගර්භණී මවකට හැමෝම දක්වන්නෙ ගෞරවනීය ආදරයක්, සැලකිල්ලක්. මේ කාලයේදී ඇයගේ කටයුතු පහසු කරන්න උදව් කරනවා වගේම ඇය කැමති ආහාර පාන ලබාදෙන්නත් හැමදෙනාම උත්සාහ කරනවා. මෙහිදී ආහාර පාන වලට වැඩි ප්‍රමුඛත්වයක් ලබාදෙනවා අපට දැකගන්නට පුලුවන් . ඒ ගර්භනී කාන්තාවක් මේ කාලයේදී සමහර ආහාර පාන ගන්න දක්වන සුවිශේෂීයත්වය හේතුවෙනුයි. මෙය ව්‍යවහාරයේදී ‘ දොළදුක ‘ යනුවෙන් හඳුන්වනවා. මෙහි …

අම්මාගෙ දොළ දුක අනුව දරුවා ගැන ඉඟි කියන්න පුලුවන් ද? Read More »

ගර්භණී දියවැඩියාව (Gestational Diabetes) පිළිබඳව ඔබ දැනුවත්ද?

කොහොමද මේ තත්වය ඇතිවෙන්නේ? ගැබිණි සමයේදි ඇතිවන දියවැඩියාව ඉතා බරපතල ලෙස අවධානය යොමු කළ යුතු තත්ත්වයක්. මෙය ගැබිණි සමයට පෙර ඉතා නීරෝගීව සිටි කාන්තාවකට වුවත් වැළඳිය හැකියි. ගර්භණී දියවැඩියාව, එනම් Gestational diabetes වළක්වා ගැනීම නීරෝගී ගර්භ සමයකට වගේම නීරෝගි දරු උපතකටත් උදව් වෙනවා. බොහෝ විට ගර්භණී සමයේදි සිදුවන හෝමෝන වෙනස්කම් නිසාවෙන් මේ ගර්භණී දියවැඩියාව තත්වය …

ගර්භණී දියවැඩියාව (Gestational Diabetes) පිළිබඳව ඔබ දැනුවත්ද? Read More »

මව නිර්මාංශ (vegan/vegetarian) වීම කුසෙහි දරුවාට හානි කරද ?

ලොව පුරා සම්පූර්ණයෙන්ම නිර්මාංශ ආහාර රටාවක් අනුගමනය කරන පිරිස පෙරට වඩා වැඩි අගයක් ගන්නා බව සංඛ්‍යා ලේඛන මගින් පවා සනාථ වෙනවා. නිර්මාංශ (Vegan/Vegetarian) සංවිධාන බිහිවී ඒ ඔස්සේ විවිධ සැමරුම් උත්සව ආදියත් සංවිධානය වනවා. විවිධාකාර හේතු මත මිනිසුන් සත්ව ආහාර ප්‍රතික්ෂේප කරනවා. තනි පුද්ගලයෙකු වශයෙන් නිර්මාංශ වන අයකුට එයින් වන බලපෑම පිළිබඳව ප්‍රශ්නයක් නොමැති වුවත් මවක් …

මව නිර්මාංශ (vegan/vegetarian) වීම කුසෙහි දරුවාට හානි කරද ? Read More »

ප්‍රෙග්නන්ට් නම් අන්නාසි කන්න හොඳ ද ?

නහයට දැනුනු සුවඳ දිගේ පාර හොයාගෙන ගිය මනුෂි දැක්කේ මහගෙදර වත්තේ වැට මායිමේ අන්නාසි ගොල්ලෙ ඉඳන් කහපාටට හිනාවෙන අන්නාසි ගෙඩියක්. “හප්පේ ඒක දිලිසෙනව!” මනුෂිගේ කටට කෙළත් ඉනුවා. එහාගෙදර ලොකු මල්ලි කැත්තක් අරන් ගස් වල අතු පාහිනව මනුෂි දැක්කා.“මල්ලි !” ආගිය විස්තර ටිකක් කතාබහ කරලා මල්ලිට කියලා අන්නාසි ගෙඩියත් කඩාගෙන මනුෂි ගිහිල්ල කාමරේට එබෙද්දි සහන් තාම …

ප්‍රෙග්නන්ට් නම් අන්නාසි කන්න හොඳ ද ? Read More »