hit counter code

කුස තුල සිටින දරුවාගේ කන් ඇසෙනවා ද?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

සය මසක් සම්පූර්ණ වූ කුසට අත තබාගෙන රිද්මයට දරු නැලවිල්ලක් ගයමින් සුවපහසු උද්‍යාන අසුනේ හිදගත් අසෙනි කුස සෙමින් පිරිමදිමින් සිටියා. ඇගේ ගී හඬ නැවතුනු විට කුසේ වැඩෙන බිළිඳාගේ චලනයන් වෙනස් වූ බවක් ඇයට දැනුනා. දරුවා ගීතය අසාගෙන ඉන්නට ඇතැයි අසෙනිට සිතුනා.

ඇත්තටම මවුකුසේ දී පුංචි දරුවකුගේ කන් ඇසෙනවාද?

සාමාන්‍යයෙන් ශ්‍රවනය සඳහා කන තුළ වායු තරංග කම්පනය විය යුතු අප දන්නා කාරණාවක්. මව් කුසේ සිටින දරුවා සිටින්නේ දියරමය තරලයක ගිලෙමින් ඒ තරලයෙන් මුලුමනින්ම වැසීගෙනයි. එබැවින් දරුවාගේ කන් ඇතුළට වායු තරංග ගමන් කරන්නට හැකියාවක් නැහැ. එහෙත් පරීක්ෂණ මගින් කුසේදී දරුවාගේ කන් ඇහෙන බව තහවුරු කරගෙන තිබෙනවා. එය සිදුවන ආකාරය සියයට සියයක් ම සම්පූර්ණයෙන් තහවුරු වී නැතත් ඇතැම් විට ගර්භාෂයෙහි දරුවා වටා පිහිටා ඇති තරලය කම්පනය වීමෙන් ජල තරංග මගින් ඔහුට ශබ්ද හඳුනාගත හැකි වනවා විය හැකි බවත් එසේත් නැතිනම් දරුවාගේ සම මත හෝ හිස්කබල මත ඇතිවන කම්පන මගින් දරුවාට පිටස්තර ශබ්ද ශ්‍රවණය වනවා වන්නටත් පුළුවන් බව අනුමාන කෙරෙනවා.

●කුස තුළ සිටින දරුවා සමග කතා කිරීමේ දී

කියවීම සහ සංගීතය යන දෙකම මොළයේ නීරෝගී වර්ධනයක් සඳහා වැදගත්.
ගර්භනී කාලයේ සති 18 ක් පමණ වන විට, නූපන් දරුවාට මවගේ හෘද ස්පන්දනය වැනි සිරුරේ ශබ්ද ඇසීමට හැකියි. සති 27 සිට 29 දක්වා (මාස 6 සිට 7 දක්වා), ඔහුට මවගේ කටහඬ මෙන් මව් සිරුරෙන් පිටත ඇතැම් ශබ්ද ද ඇසීමට හැකියි. දරුවන් කුස තුළ වැඩෙන විට ක්‍රමයෙන් වැඩිහිටියෙකුට සමාන මට්ටමකින් ඇසීමටත් ඔවුන්ට හැකි වනවා. වෙනත් වචන වලින් කිවහොත්, මෙය ඔවුන් සඳහා කියවීම සහ ගායනා කිරීම ආරම්භ කිරීමට හොඳම කාලයක්.

●ඔබේ කුසතුල සිටින දරුවා ඔබේ කියවීම් වලට සහ සංගීතයට හඳුන්වා දීමට ඔබට හැකිය.

නිරෝගී මොළයේ වර්ධනය සඳහා මේ දෙකම වැදගත් වේ.
ගර්භනී සති 18 ක් පමණ වන විට, ඔබේ නූපන් දරුවාට ඔබේ හෘද ස්පන්දනය වැනි ඔබේ සිරුරේ ශබ්ද ඇසීමට හැකි වනු ඇත. සති 27 සිට 29 දක්වා (මාස 6 සිට 7 දක්වා), ඔවුන්ට ඔබේ කටහඬ මෙන් ඔබේ ශරීරයෙන් පිටත ඇතැම් ශබ්ද ඇසීමට හැකිය. ඔවුන් කුස කල දින සම්පූර්ණ වන විට, වැඩිහිටියෙකුට සමාන මට්ටමකින් ඇසීමට ඔවුන්ට හැකි වනු ඇත. වෙනත් වචන වලින් කිවහොත්, මෙය ඔවුන් සඳහා කියවීම සහ ගායනා කිරීම ආරම්භ කිරීමට හොඳ කාලයකි.

සැනසිලිදායක හා සහනදායක ශබ්ද

ගර්භාෂය තුළ දී ඇසීමේ හැකියාව දරුවාට නැවත නැවතත් ඇසෙන ඇතැම් ශබ්ද හඳුනා ගැනීමට උපකාර කරයි. ඔවුන් ඉපදුණු පසු, ඔවුන්ට කුස තුළදී ඇසුනු හුරුපුරුදු සංගීතය සහ සුපුරුදු කියවීම් වල ශබ්ද ද (මවගේ සහ පියාගේ කටහඬ ඇතුලුව) ඔවුන්ට සැනසිලිදායක බවක් දනවයි. නමුත් දරුවා ඉපදෙන තුරු ඔහුට කිසිවක් ඉගැන්විය නොහැකි බවත් මතක තබා ගන්න. මවට කළ හැකි උපරිමය වන්නේ ඇතැම් ගීත හෝ පොත් සමඟ ඔවුන්ව හුරු කරවීමයි. එබැවින්, ශබ්ද නඟා කියවීම හෝ ඔබේ කුස දෙසට හැරී ගායනා කිරීම වැදගත්.
මවක් සැහැල්ලුවෙන් හා සතුටින් සිටීම වැදගත්.
ළදරුවන් 1,000 න් 1 සිට 6 දක්වා ප්‍රමාණයකට ළමා ශ්‍රවණාබාධ ඇති බව සැලකිල්ලට ගැනීම වැදගත්. ශ්‍රවණ පරීක්ෂාව සියලුම අලුත උපන් බිළිඳුන් සඳහා නිර්දේශ කරන්නේ එබැවින්. එවිට ඔවුන්ට වයස මාස 6 වන විට ඉක්මන් මැදිහත්වීමක් හෝ ප්‍රතිකාරයක් ලබා ගත හැකිය.

කියවීමේ ප්‍රතිලාභ

දරුවාට ඇසෙන්නට කියවීමෙන් ඔවුන්ගේ ජීවිත කාලය පුරා වාසිදායක වන ප්‍රතිලාභ දරුවාට ලැබෙනවා. එය කලින් ආරම්භ කරන තරමට, ඔවුන්ගේ භාෂා කුසලතා ඉහළ නැංවීමට උදවු කළ හැකියි. ඔවුන් වයසින් වැඩෙන විට, පොත්, ඔවුන් ට පවසන කථා සහ ඒවායේ අඩංගු පින්තූර හඳුනා ගැනීමට ද පටන් ගනී.
එසේම කුසේ සිටින දරුවාට කතන්දර කියවීමෙන් දරුවා සමඟ දිනපතා බැඳීම සඳහා ඔබට විශේෂ කාලයක් ලැබේ. දරුවා ඉපදුනු පසුවත්, දරුවාගේ වයස කුමක් වුවත්, පොත් කියවීමේ පුරුද්දක් ඇති කර ගැනීමට නින්දට යන වේලාව හොඳ කාලයකි. එම අත්දැකීම පසු කාලෙක දරුවාටත් මවටත් දෙදෙනාටම අමතක නොවන අත්දැකීමක් බවට පත්වෙයි.

●කියවීමට අදාළ සන්ධිස්ථාන

පෙරළීම, තනිවම වාඩි වීම සහ ඇවිදීම වැනි චාලක ක්‍රියාකාරි සන්ධිස්ථාන කරා ඔබේ දරුවා ළඟා වන බව ඔබ දැනටමත් දන්නවා. නමුත් ඔබ කලින් ඔවුන්ට කියවීමට පටන් ගත් විට, ඔවුන්ද මුල් සාක්ෂරතා සහ තේරුම් ගැනීමේ සන්ධිස්ථාන කරා ළඟා වන බව ඔබ දැන සිටියාද? කුස තුළ සිටම කියවීමට සවන් දුන් දරුවකු ඔබට සිටිනවා නම් පසු කලෙක සොයා ගත හැකි කියවීම් ආශ්‍රිතව උපන් දරුවාගේ හැසිරීම් කිහිපයක් තිබෙනවා,

*ඉපදී මාස 3කින් පමණ, ඔවුන් මවගේ මුහුණේ ඉරියව්වලට සහ කටහඬට ප්‍රතිචාර දැක්වීමට පටන් ගනීවි, විශේෂයෙන්ම මව කියවන විට. ඔවුන්ට ඒ කියවන දේ ටිකක් තේරුම් ගැනීමට පවා හැකි වනු ඇති. ඔවුන් පොත් කෙරෙහි උනන්දුවක් දැක්වීමට පටන් ගනී, ඒවා ස්පර්ශ කිරීමට සහ ඔවුන්ගේ කටේ තැබීමට උත්සාහ කරයි.

*මාස 6ක් 12ක් පමණ වැඩෙන විට ඔහු පිටු අල්ලගෙන පොත් කටේ දාගන්නවා.මෙයට දුක් විය යුතු නැහැ, මෙය සැබවින්ම පෙන්නුම් කරන්නේ ඔහු ඒවා කෙරෙහි උනන්දුවක් දක්වන බවයි.

* 12 සිට 18 දක්වා, ඔවුන් වාඩි වී සිටින අතරතුර ඔවුන්ට පොතක් තබාගෙන තමන්ටම පිටු පෙරළීමට හැකි වනු ඇති. මෙම වයසේදී කියවීම අන්තර්ක්‍රියාකාරී වේ. ඔවුන් ඔවුන්ගේ පොත් රැගෙනවිත් කාට හෝ කියවීමට දෙන්නේ ඒ වයසේදී. කවුරුන් හෝ ප්‍රශ්න කරන විට ඔවුන්ට පොතේ ඇති පින්තූර පෙන්වා පිළිතුරු දෙන්නටත් හැකියි.

* 18 සිට මාස 24 දක්වා, ඔවුන්ට ඔවුන්ගේ පොත්වල සෑම පිටුවක්ම තමන් විසින්ම හැරවීමට හැකි වනවා. ඔවුන්ගේ ප්‍රියතම කථා කියවීමට මවට උදවු කිරීමට ද ඔවුන්ට හැකියි. ඔවුන් බාල සහෝදර සහෝදරියන්ට හෝ සෙල්ලම් බඩුවලට කතන්දර පොත් කියවීම පවා අසන්නට පුළුවන්.

●මතක තබා ගන්න

ඔබේ දරුවා ඉපදීමට පෙර සිටම ඔහු වෙත කියවීම සහ ගායනා කිරීම, ඔහු සමග කතා කිරීම ඔහුගේ බැඳීම් ගොඩනඟා ගැනීමට, ඔහුගේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට සහ ජීවිතයේ ඉදිරි කාලය සඳහා සතුටේ මූලාශ්‍රයක් ගොඩනැගීමට උපකාරී වනවා.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

දරුවාගේ සුව නින්ද බුද්ධි වර්ධනයට මනා රුකුලක්!

නින්ද කියන්නෙ හැමෝගෙම ජීවන රටාවල අත්‍යවශ්‍ය සහ ඉතාම වැදගත් කොටසක්. නීරෝගී පුද්ගලයෙක්...

Read More
බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට

අලුත් පැටියට බාලගිරි දෝෂය ද?

අලුතෙන් ගෙදරට ගෙනාපු පැටියා නවත්තන්නෙම නැතුව අඬනකොට අපේ අම්මලා නැන්දම්මලා කියන්නෙ බබාට...

Read More

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න...

Read More

Related Posts

Post-pregnancy

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න පුලුවන් උත්තරය තමයි ඔව් කියන එක. සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පස්සෙ මේ තත්වය අතිශය

Read More »
Pregnancy

ගර්භනී අම්මා කෙනෙක්ට ආහාර වේලක් දෙනවිට සැලකිලිමත් විය යුතු ම දේවල්

අපේ ලාංකික සංස්කෘතිය ඇතුළේ ගර්භනී මවකට හිමිවන්නේ සුවිශේෂී තැනක්. යාලුවෙක් හරි නෑදෑයෙක් හරි සමහර වෙලාවට වැඩිය නොදන්න කෙනෙක් වුණත් ගර්භනී වුණාම අපි කෑම එකක් හදලා

Read More »
Intimacy

යෝනි ශ්‍රාවවලින් ගැබ් ගැනීමෙන් තොර ලිංගික එක්වීමකට සුදුසු දින හඳුනාගන්නේ කොහොමද?

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් ඇසුරෙන් සරු දින හඳුනාගෙන, ඒවා මග හැර ලිංගික ව එකතු වීමෙන් ගැබ්

Read More »
Post-pregnancy

ප්‍රසූතියෙන් පසු බඩ අඩු කරගන්නා නිවැරදි ක්‍රම

දරු ප්‍රසූතියෙන් පස්සෙ හැම අම්මෙක්ම වදවෙන දෙයක් තමයි ආපහු තමන්ගෙ ශරීරය පරණ තත්වයටම ගන්නෙ කොහොමද කියන එක. බඩ අඩුකරගන්න එක තමයි ඒ අතරින් අමාරුම දේ.

Read More »