hit counter code

ගර්භණී කාලය තුළ කෑමවලින් විතරක් කැල්සියම් ගන්න බැරි ද?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

ගැබිණි සමය කියන්නේ හරිම විශේෂිත කාල පරිච්ඡේදයක්. ඒ කාලය පසු කරන ඕනෑම කෙනෙක් තමන්ගේ සෞඛ්‍යය ගැන සැළකිලිමත්. විශේෂයෙන් ම පෝෂණය ගැන. ඒ තමන්ට ත් වඩා තමන්ගේ කුස තුළ වැඩෙන දරු පැටියාගේ නිරෝගීකම ගැන හිතන නිසා. නමුත් ගැබිණි මාතාවක් තම පෝෂණය ගැන අවධානය යොමු කළ යුත්තේ එය දරු ගැබෙහි නිරෝගීකම ට ඍජුවම බලපාන නිසා පමණක් ම නොවෙයි. එය ඇයගේ ජීවිතයටත් තදින්ම බලපාන කරුණක් නිසා.


අපි එහෙම කියන්නෙ ඇයි?


ගර්භණී කාලය තුළත් ඊට පසු මව්කිරි දෙන කාලය තුළත් දරුවා ගේ පෝෂණ අවශ්‍යතා සියල්ලම සැපිරෙන්නේ මව හරහායි.දරු ගැබෙහි හෝ දරුවාගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට එදිනෙදා ඔබ ලබා ගන්නා ආහාර සහ පෝෂණය ප්‍රමාණවත් නොවේ නම් ඒ අඩුපාඩුව සම්පුර්ණ කරගැනීමට ඔබගේ සිරුරේ ගබඩා කර ඇති පෝෂණ සංචිත භාවිතා කිරීමට තරම් හැකියාවක් ඔබේ දරු ගැබට හෝ දරුවාට තිබෙනවා. නමුත් මෙහිදී ඔබට යම් හානියක් සිදුවෙනවා. ඒ මෙලෙස භාවිතා කරන පෝෂණ සංචිත ඔබේ සිරුරේ මතු අවශ්‍යතා සඳහා වෙන්කර ඇති ඒවා නිසා. මේ හේතුවෙන් අනාගතයේදී යම් පෝෂණ ඌණතාවලට මුහුණ දීමට ඔබට සිදුවිය හැකියි. මේ අතුරු ආබාධය වළක්වා ගැනීමට නම් ගර්භණී වීමට පෙර සිටම හොඳ පෝෂණයක් පවත්වා ගැනීමට ඔබ උනන්දු විය යුතුයි. මන්ද එය ඔබේ දරුවාගේ මෙන්ම ඔබගේ ද මනා සෞඛ්‍යයට බලපාන බැවින්.


කැල්සියම් පෙති බොන්නේ ඇයි?


ඔබ මින් පෙර දරුවෙකු පිළිසිඳ ගත් අයෙක් නම් හෝ මේ වනවිට දරු ගැබක් දරණ අයෙක් නම්, ගර්භණී භාවයේ දෙවන ත්‍රෛමාසිකයේ සිට දිනපතා කැල්සියම් පෙත්තක් ලබාගත යුතු බව ඔබ දන්නවා. නිවැරදි ව කිව්වොත් කැල්සියම් පමණක් නොවෙයි ෆෝලික් ඇසිඩ් සහ යකඩ පෙති ද ලබා ගත යුතු වෙනවා. ගර්භණී සමය තුළ කැල්සියම් අවශ්‍යතාවය ප්‍රමාණාත්මක ව කිවහොත් දිනකට ග්‍රෑම් 1.5 -2 ත් අතර ප්‍රමාණයක්. මෙලෙස ලබා ගන්නා කැල්සියම් දරුවාගේ අස්ථි වර්ධනයට, පේශී ක්‍රියාකාරීත්වය හොඳින් සිදුවීමට, ස්නායු ආවේග නිවැරදි ව ගමන් කිරීමට මෙන්ම හෘත් පේශි සංකෝචනයට හා ලිහිල් වීමට භාවිතා වෙනවා. මීට අමතර ව ගැබිණි මව ට ගර්භණී කාලයේ අධි රුධිර පීඩන තත්වය (Pregnancy Induced Hypertension – PIH ) වැළඳීමට අවදානම ඉහළ නම් නිවැරදි ප්‍රමාණවලින් කැල්සියම් ලබා ගැනීම මගින් PIH සහ එහි භයානක තත්ව (pre eclampsia ) ඇති වීම වළක්වා ගත හැකි බව විද්‍යාත්මක පර්‍යේෂණවලින් ඔප්පු වී තිබෙනවා.


කෑමවලින් විතරක් කැල්සියම් ගන්න බැරි ද?


පුළුවන්, කැල්සියම් අනූන ආහාර වර්ග නිසි ප්‍රමාණවලින් කෑම වේලට එකතු කර ගැනීම මගින් මෙම කැල්සියම් අවශ්‍යතාවය සපුරා ගත හැකියි. නමුත් පෝෂණ ඌණතා ඇති වීමේ වැඩි අවදානමක් ඇති, PIH ඇතිවීම සඳහා අවදානම් සාධක ඇති ශ්‍රී ලංකාව වැනි රටවල ගර්භණී මාතාවන්ට කැල්සියම් අතිරේක ලබා දීම ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිර්දේශ කර තිබෙනවා. එම නිර්දේශ අනුව කැල්සියම් පෙති ලබා ගත්තත් ඔබගේ කෑම වේලට කැල්සියම් සහිත ආහාර එකතු කර ගැනීම ඉතා වැදගත්. කිරි නිශ්පාදන, කුඩා මාළු, කැල්සියම් අනූන ආහාර වර්ග ලෙස සැළකෙනවා.


කැල්සියම් පෙති නිවැරදි ව ලබා ගන්නේ කොහොමද ?


ගැබිණි සමයේ සති 12 පසු වුන පසු කැල්සියම් පෙත්තක් දිනපතා රාත්‍රී කාලයට ගැනීම යි කළ යුත්තේ. රාත්‍රී කාලයේ දී ගන්නා ලෙස උපදෙස් දෙන්නේ කැල්සියම් සහ යකඩ යන දෙවර්ගය එකවර ගැනීම නුසුදුසු නිසා. එකවර ගැනීමෙන් කැල්සියම් නිසා යකඩ අවශෝෂණය ට බාධා ඇති වෙනවා. එම නිසා යකඩ, විටමින් සී සහ ෆෝලික් ඇසිඩ් පෙති උදේ කාලයේත් කැල්සියම් පෙත්ත රාත්‍රී කාලයේත් ලබාගත යුතු වෙනවා.


සති 12 ට පෙර කැල්සියම් ලබා ගැනීම නුසුදුසු දැයි කෙනෙක්ට ගැටළුවක් මතු වෙන්න පුළුවන්. ඔබේ කුස තුළ වැඩෙන දරුවාගේ අස්ථි ඇතිවීම,වර්ධනය හා කැල්සියම් තැන්පත් වීම ඇරඹෙන්නේ සති 10 න් පසුවයි. එමනිසා සති 12න් පසු කැල්සියම් ලබා ගැනීමට උපදෙස් දෙන්නේ ඊට පෙර නුසුදුසු නිසා නොවෙයි, කැල්සියම් අවශ්‍යතාවය පළමු ත්‍රෛමාසිකයේ අඩු නිසා.ගැබිණි සමයේ නිසි පෝෂණයක් ලබා ගැනීමෙන් නිරෝගී මවක් හා දරුවෙක් ලෝකයට බිහි කිරීමට ඔබට හැකි වේවි.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

දරුවාගේ සුව නින්ද බුද්ධි වර්ධනයට මනා රුකුලක්!

නින්ද කියන්නෙ හැමෝගෙම ජීවන රටාවල අත්‍යවශ්‍ය සහ ඉතාම වැදගත් කොටසක්. නීරෝගී පුද්ගලයෙක්...

Read More
බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට

අලුත් පැටියට බාලගිරි දෝෂය ද?

අලුතෙන් ගෙදරට ගෙනාපු පැටියා නවත්තන්නෙම නැතුව අඬනකොට අපේ අම්මලා නැන්දම්මලා කියන්නෙ බබාට...

Read More

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න...

Read More

Related Posts

Post-pregnancy

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න පුලුවන් උත්තරය තමයි ඔව් කියන එක. සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පස්සෙ මේ තත්වය අතිශය

Read More »
Pregnancy

ගර්භනී අම්මා කෙනෙක්ට ආහාර වේලක් දෙනවිට සැලකිලිමත් විය යුතු ම දේවල්

අපේ ලාංකික සංස්කෘතිය ඇතුළේ ගර්භනී මවකට හිමිවන්නේ සුවිශේෂී තැනක්. යාලුවෙක් හරි නෑදෑයෙක් හරි සමහර වෙලාවට වැඩිය නොදන්න කෙනෙක් වුණත් ගර්භනී වුණාම අපි කෑම එකක් හදලා

Read More »
Intimacy

යෝනි ශ්‍රාවවලින් ගැබ් ගැනීමෙන් තොර ලිංගික එක්වීමකට සුදුසු දින හඳුනාගන්නේ කොහොමද?

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් ඇසුරෙන් සරු දින හඳුනාගෙන, ඒවා මග හැර ලිංගික ව එකතු වීමෙන් ගැබ්

Read More »
Post-pregnancy

ප්‍රසූතියෙන් පසු බඩ අඩු කරගන්නා නිවැරදි ක්‍රම

දරු ප්‍රසූතියෙන් පස්සෙ හැම අම්මෙක්ම වදවෙන දෙයක් තමයි ආපහු තමන්ගෙ ශරීරය පරණ තත්වයටම ගන්නෙ කොහොමද කියන එක. බඩ අඩුකරගන්න එක තමයි ඒ අතරින් අමාරුම දේ.

Read More »