hit counter code

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද?

මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න පුලුවන් උත්තරය තමයි ඔව් කියන එක. සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පස්සෙ මේ තත්වය අතිශය සාමාන්‍යයයි. විශේෂයෙන්ම දරුවාව අඬු දාලා ගත්තනම්, එහෙමත් නැත්නම් ප්‍රසූතියේදී යෝනි මාර්ගයේ ඉරීමක් සිදුවෙලා මැහුම් වැඩියෙන් යොදන්න සිදුවුනා නම් සහ ඔබේ දරුවා බරින් වැඩිනම් මේ තත්වය ඉතාම සාමාන්‍යයි.

ඒ වගේම දරු ප්‍රසූතියේදී වේදනා නාශක විදියට Epidural/Spinal ලබාදුන්නා නම් ප්‍රසූතියෙන් පස්සෙ යම් වෙලාවක් යනතුරු ඔබට මුත්‍රා බර නොදැනෙන්න පුලුවන්. 

කිවිසීමෙදි මුත්‍රා පිටවීමට අමතරව තව එන්න පුලුවන් ලක්ෂණ මොනවාද?

• නිතරම මුත්‍රා පහකිරීමට අවශ්‍ය වීම

• මුත්‍රා බර නොදැනීම

• නොදැනුවත්ව මුත්‍ර පහවීම

• මුත්‍රා බර දැනුනත් වැසිකිළියට යාමට පෙර මුත්‍රා පිටවීම

• මුත්‍රා පහකිරීමේ අපහසුතා

මේ ලක්ෂණ එන්න හේතු වෙන්න මොකක්ද?

ගර්භණී කාලයේදී දරු ප්‍රසූතිය පහසු කිරීමට යෝනි මාර්ගය සහ ඒ ආශ්‍රිත මාංශපේශි (pelvic floor muscles )ඉහිල්වීමක් සිද්ධ වෙනවා. මේ නිසා මුත්‍රා, මුත්‍රාශයේ රඳවාගෙන සිටීම තරමක් අපහසු වෙන්න පුලුවන්. ඒ වගේම දරු ප්‍රසූතියෙදි ඇතිවෙන තෙරපුම නිසා මුත්‍රා මාර්ගයේ තියෙන ස්නායු ඉදිමෙන්න පුලුවන්. එතකොට මුත්‍රා බර දැනෙන එක අඩුවෙන්න යම් ඉඩකඩක් තියෙනවා. 

මේ සඳහා ඔබට කළහැකි දේවල් මොනවාද?

යෝනි මාර්ගය සහ මුත්‍රා මාර්ගය ආශ්‍රිත ප්‍රදේශයේ ඉදිමීමක් තියෙනවානම්, ඉදිමුම අඩුකරගන්න අයිස් පාවිච්චි කරන්න පුලුවන්. Ice pack එකක් පිරිසිදු තුවායක් ඔතලා යෝනි මාර්ගය අවට ප්‍රදේශයේ තබන්න. ඔබට නියමකළ වේදනා නාශක නිසියාකාරව ලබාගන්න. ඔබට මුත්‍රා පහකිරීමේ අපහසුතාවක් තියෙනවානම් වතුර කරාමය ඇරීම සහ මුත්‍රා මාර්ගයට ජලය වත්කිරීමෙන් යම් සහනයක් ලබාගන්න හැකිවේවි. මුත්‍රා පහකරන හැම අවස්ථාවේදීම වැසිකිළියේ නියමිත ලෙස වාඩිවෙන්න. බාගෙට වාඩිවෙලා මුත්‍රා කරන්න එපා. 

මුත්‍රා පිටකලාට පස්සෙ මේ ක්‍රමය (Double Voiding) අනුගමනය කරන්න. තත්පර කිහිපයක් (20-30) වැසිකිළි අසුනෙන් නැගිටලා, නැවත වාඩිවෙලා දෙවෙනි පාරටත් මුත්‍රා පිටකරන්න. ඒ වගේම මුත්‍රා බර දැනෙනවිට මුත්‍රා පහකරන්න. දරාගෙන ඉන්න එපා. 

ඒ වගේම pelvic floor muscle strengthening exercises වලට යොමුවෙන්නත් ඔබට පුලුවන්. දරු ප්‍රසූතියෙන් පස්සෙ සාමාන්‍ය විදියට මුත්‍රා පහකරපු ගමන් ඔබට මේ ව්‍යායාමවල නිරතවෙන්න පුලුවන්. 

ව්‍යායාම ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. 

1. Slow Exercises

මුලින්ම ඔබේ දණහිස් තරමක් ඈත්වෙන විදියට පහසුවෙන් වාඩිවෙන්න. ඉන්පසු මළපහ පිටවීම වළක්වාගන්න කරන ආකාරයට ගුද මාර්ගයේ මාංශපේශි තදකරන්න. ඒත් එක්කම මුත්‍ර පිටවීම වළක්වාගන්න කරන විදියට මුත්‍රා මාර්ගයේ මාංශපේශි තදකරන්න. මේ වෙලාවෙ කකුල්වල, උදරයේ සහ තට්ටම්වල මාංශපේශි පාවිච්චි කරන්න එපා. 

මේ විදියට තත්පර 10ක් වගේ මාංශපේශි තදකරගෙන ඉන්න උත්සාහ කරන්න. මුලින්ම ඔබට තත්පර 2-3කට වඩා එහෙම කරන්න අපහසුවේවි.නමුත් දිගටම උත්සාහ කරන්න. මේ ව්‍යායාමය ඔබට හැකිතරම් කරන්න. ව්‍යායාම දෙකක් අතරතුර තත්පර 5ක පමණ විවේකයක් ලබාගන්න අමතක කරන්න එපා. 

2. Fast Exercises 

කලින් ව්‍යායාමය ක්ෂණිකව කරන්න. මේ මගින් කිවිසීමෙදි මුත්‍රා පහවෙන එක පාලනය කරගන්න පුලුවන්.

දවසකට තත්පර 10 මාංශපේශි තදකිරීමේ ව්‍යායාම 10 වතාවක් සහ Fast Exercises 10 වතාවක් කරන්න පුලුවන් නම් ඉතාම හොඳයි.

වෛද්‍ය උපදෙස් ලබාගන්න අවශ්‍ය වෙන්න මොන වෙලාවටද?

දරු ප්‍රසූතියෙන් සති 4-6ත් අතර කාලයක් වනතුරුත් ඔබට මුත්‍රා පහකිරීමේ ගැටලු තිබෙනවානම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගන්න.

වෛද්‍ය S. එදිරිසිංහ(MBBS (Rajarata)
(SLMC registration No:43303)
පේරාදෙණිය ශික්ෂණ රෝහල

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Post-pregnancy

ප්‍රසූතියෙන් පසු බඩ අඩු කරගන්නා නිවැරදි ක්‍රම

දරු ප්‍රසූතියෙන් පස්සෙ හැම අම්මෙක්ම වදවෙන දෙයක් තමයි ආපහු තමන්ගෙ ශරීරය පරණ තත්වයටම ගන්නෙ කොහොමද කියන එක. බඩ අඩුකරගන්න එක තමයි ඒ අතරින් අමාරුම දේ.

Read More »
Post-pregnancy

දරු ප්‍රසූතියෙන් පසු ලිහිල් වූ යෝනි මාර්ගය නැවත ශක්තිමත් කරගන්නේ මෙහෙමයි

දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවකගේ ශරීරයේ නොයෙකුත් වෙනස්කම් සිදුවෙනවා. නමුත් මේ වෙනස් කම් නිවැරැදි ව්‍යායාම , නිවැරැදි ආහාර පාලනය හා නිවැරැදි ඉරියව් මගින් නැවත පෙර ලෙසටම

Read More »