hit counter code

ලංකාවේ රෝහල්වල භාවිතාවෙන ප්‍රසූත වේදනා අවම කරන ක්‍රම

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

දරුවෙක් හදනවා කියන්නෙ ලේසි දෙයක් නෙමෙයි. දරු ප්‍රසූතිය කියන්නෙත් වේදනාකාරී අවස්ථාවක්. ඒක අපි හැමෝම දන්න දෙයක්නෙ. නමුත් අද වෙනකොට වෛද්‍ය විද්‍යාවෙ දියුණුවත් එක්ක දරු ප්‍රසූතිය පහසු සහ වේදනාව අවම අත්දැකීමක් කරන්න ගොඩක් ක්‍රම හොයාගෙන තියෙනවා. අද අපි කතා කරන්න යන්නෙ ලංකාවෙ තියෙන ප්‍රසූත වේදනාව අවම කරන්න පාවිච්චි වෙන ක්‍රම ගැනයි. 

මේ ක්‍රම ගැන දැනගෙන හිටියම, ඔබට පුලුවන් වෛද්‍යවරයාත් එක්ක සාකච්ඡා කරලා ඔබට අවශ්‍ය ක්‍රමය පිලිබදව කලින්ම සැලසුම් කරන්න. 

1. ප්‍රසූතිය ගැන අවබෝධයක් ඇතිකර ගැනීම. (Self Help)

ප්‍රසූතිය ගැන එහිදී සිදුවන දේවල් ගැන යම් අවබෝධයක් තිබ්බොත් ඔබට අනවශ්‍ය ලෙස කලබල නොවී සන්සුන්ව සිටීමට හැකිවේවි. එතකොට වේදනාව පාලනය කරගන්නත් පහසු වේවි. 

• ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරීතුමියගෙන් හෝ ඔබේ වෛද්‍යවරයාගෙන් මේ සම්බන්ධව සියලුම විස්තර දැනගන්න පුලුවන්. 

• ඒ වගේම ගැඹුරින් හුස්ම ගැනීමේ සහ සන්සුන්ව සිටීමේ ක්‍රියාකාරකම්වල නිරතවෙන්න. (Breathing Exercises)

• එකම ඉරියව්වෙන් ඉන්න එපා. 

• අදාල රෝහලෙන් අවසර ලබාදෙනවානම් දරු ප්‍රසූතිය වෙලාවට ඔබත් එක්ක ඉන්න ඔබ කැමති කෙනෙක් එක්කගෙන යන්න.

• සහකරුට හෝ සහකාරියට ඔබේ උදරය, කොන්ද සම්භාහනය කරන්න ඉඩ දෙන්න. 

• මුල්ම අදියරවල ප්‍රසූත වේදනාව නම් උණු වතුරෙන් ස්නානය කිරීම, පැරසිටමෝල් වගේ දේවල්වලින් වේදනාව අවම කරගන්න පුලුවන්. 

2. Entonox

සූතිකාගාරයේදී වේදනාව එනකොට මාස්ක් එකක් අම්මලට දීලා ඒකට හුස්ම ගන්න කියනවා ඔබ සමහරවිට දැකලා ඇති. මේ ක්‍රමයෙන් කරන්නෙ ඔක්සිජන් සහ නයිට්‍රස් ඔක්සයිඩ් මිශ්‍රණයක් වේදනා නාශක විදියට ලබාදෙන එක. වේදනාව එන්න පටන්ගන්නකොටම මේ මාස්ක් එකට හුස්ම ගන්න කියලයි ඔබට උපදෙස් ලැබෙන්නෙ. මේ වායුව ක්‍රියාකාරී වෙන්න තත්පර 15-20ක් වගේ ගතවෙනවා. ප්‍රසූත වේදනාව සැලකිය යුතු තරමකට අඩු කරන්න මේ ඖෂධයට පුලුවන්. 

Entonox වලින් ඔබටවත් දරුවටවත් කිසිම අතු‍රු ආබාධ ඇතිවෙන්නෙ නැහැ. සමහර වෙලාවට නිදිමත ගතියක්, කරකැවිල්ලක් වගේ එන්න පුලුවන්. ඒ වෙලාවට Entonox නවත්තන්න විතරයි තියෙන්නෙ. 

3. එන්නත්

Entonox වලින් ඔබට අවශ්‍ය තරම් වේදනාව අඩුවෙන්නෙ නැත්නම් ඔබට වේදනා නාශක එන්නතක් ලබාගන්න පුලුවන්. Pethidine කියන එන්නත තමයි ලංකාවෙ බහුලව භාවිත වෙන්නෙ. අතට හෝ කලවාවල මස්පිඩුවලට තමයි මේ එන්නත ලබාදෙන්නෙ. මේ ඖෂධය ක්‍රියාකාරී වෙන්න විනාඩි 20ක් වගේ කාලයක් ගතවෙනවා. එන්නතක් අරගෙන පැය 2-4ක් වගේ කාලයක් ඔබට වේදනාව රහිතව ඉන්න පුලුවන්. ඒ නිසා ප්‍රසූතියේ අවසන් අදියරේ ඉන්න මවකට මේ එන්නත ලබාදෙන්නෙ නැහැ. 

අතුරු ආබාධ විදියට මවට අමතක වෙන සුලු ගතිය, නිදිබර ගතිය එන්න පුලුවන්. ඒ වගේම ප්‍රසූතියේ අවසාන අදියරවල ලබාදුන්නොත් දරුවාට ශ්වසන අපහසුතා, මව්කිරි ලබාගැනීමේ අපහසුතා එන්න පුලුවන්. ඒ වගේ දෙයක් වුනොත් අදාල ප්‍රති ඖෂධය එවෙලම දරුවට ලබාදෙන්න ඕනෙ. 

4. වේදනාව ඇතිකරන ස්නායු තාවකාලිකව අකර්මණ්‍ය කිරීමට ලබාදෙන එන්නත් (Epidural Anaesthesia)

මේ ක්‍රමයෙදි කරන්නෙ කොන්දට විශේෂ කැනියුලාවක් ඇතුල්කර ඒ මගින් වේදනා නාශක වරින්වර එන්නත් කිරීමයි. බොහොමයක් අවස්ථාවල මේ ක්‍රමයෙන් ප්‍රසූත වේදනාව 100%ක්ම නැතිකරන්න පුලුවන්. මේ වැඩේට පලපුරුදු නිර්වින්දන වෛද්‍යවරයෙක් අත්‍යවශ්‍යයි! ඒ වගේම මේ එන්නත් ලබාදෙන කාලය අතරතුර අනිවාර්යයෙන්ම දරුවගෙ හදවතේ ක්‍රියාකාරිත්වයත් නිරීක්ෂණය කරන්නම ඕනෙ. 

Epidural Anaesthesia හින්දා එන අතු‍රු ආබාධ තමයි කකුල්වල බර ගතිය, රුධිර පීඩනය අඩුවීම සහ ඉතාම කලාතුරකින් හිසරදය එන්න පුලුවන්. 

5. Water Birth

ලංකාවෙ රජයේ රෝහල්වල දකින්න නැතිවුනත් සමහර පෞද්ගලික රෝහල්වල මේ ක්‍රමය පාවිච්චි වෙනවා. දරුවා බිහිවෙන්නෙ නියමිත උෂ්ණත්වයක තියෙන පිරිසිදු ජල තටාකයක. මේ ක්‍රමයෙන් දරුවන් ප්‍රසූත කරන අම්මලට වේදනාව අවමයි කියලා පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. වේදනාව අඩුවෙන්න විද්‍යාත්මක හේතුව නම් තවම හොයාගෙන නැහැ. 

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර...

Read More

දුර්ලභ රෝගයක් නිසා ප්‍රසූතියේදී දෙපා අහිමි වූ මව

ඔබ දරු ප්‍රසූතිය සඳහා රෝහලක සිටින විට ලබා ගන්නට යන මුළු අත්දැකීම...

Read More

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර...

Read More

Related Posts

Pregnancy

කුසේදිම දරුවාගේ ජාන විකෘතිතා හඳුනාගන්න හැකි NIPT පරීක්ෂණය

NIPT පරීක්ෂණය (Non Invasive Prenatal Testing) දරුවෙක් කුසේ දරාගෙන ඉන්න අම්මෙක්ගෙ එකම බලාපොරොත්තුව තමයි ලස්සන නීරෝගී දරුවෙක් බිහිකරන එක. අපි කන බොන දේවල්වලින් පවා පරිස්සම්

Read More »
Intimacy

පොස්ටිනෝ ගත්තත් ප්‍රෙග්නන්ට් වෙනවද?

අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පස්සෙ ගැබ් ගැනීම වලක්වන්න පාවිච්චි කරන උපත් පාලන ක්‍රම ගැනයි අද අපි කතා කරන්න යන්නෙ. මේ ක්‍රම වඩාත්ම සුදුසු වෙන්නෙ ඔබ කිසිම

Read More »
Pregnancy

ගර්භනී සමයේ වමනයට ආයුර්වේද විසඳුම්

දරුවෙකු පිළිසිද ගත් විට කාන්තාවන්ට ඇතිවන උදෑසන අපහසුතා අතරින් ඔක්කාරය,වමනය ප්‍රධාන ස්ථානයක් ගන්නවා. අද අපි කතා කරන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඔබ මුහුණ දෙන උදෑසන

Read More »
Post-pregnancy

දරු ප්‍රසූතියෙන් පසු ලිහිල් වූ යෝනි මාර්ගය නැවත ශක්තිමත් කරගන්නේ මෙහෙමයි

දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවකගේ ශරීරයේ නොයෙකුත් වෙනස්කම් සිදුවෙනවා. නමුත් මේ වෙනස් කම් නිවැරැදි ව්‍යායාම , නිවැරැදි ආහාර පාලනය හා නිවැරැදි ඉරියව් මගින් නැවත පෙර ලෙසටම

Read More »