hit counter code

කුසේදිම දරුවාගේ ජාන විකෘතිතා හඳුනාගන්න හැකි NIPT පරීක්ෂණය

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

NIPT පරීක්ෂණය (Non Invasive Prenatal Testing)

දරුවෙක් කුසේ දරාගෙන ඉන්න අම්මෙක්ගෙ එකම බලාපොරොත්තුව තමයි ලස්සන නීරෝගී දරුවෙක් බිහිකරන එක. අපි කන බොන දේවල්වලින් පවා පරිස්සම් වෙන්නෙ ඒ නිසානෙ. ඒත් අපිට වලක්වන්න බැරි රෝගී තත්ව, ප්‍රධාන වශයෙන්ම ජාන විකෘති සම්බන්ධ තත්ව දරුවන්ට එන්න පුලුවන්. මේ වගේ තත්ව කළල අවස්ථාවේදිම හදුනාගන්න පුලුවන් ක්‍රමයක් තමයි NIPT – Non Invasive Prenatal Testing කියල කියන්නෙ. මේ පරීක්ෂණයෙන් හදුනාගන්න පුලුවන් ජාන විකෘති සම්බන්ධ තත්ව තමයි,

  1. Edward’s Syndrome 
  2. Patau’s Syndrome 
  3. Down’s Syndrome 

ගර්භණී කාලය තුල කරන මුල්ම ස්කෑන් පරීක්ෂණ වලින්, සති 11-14 අතර කාලයෙ කරන ස්කෑන් පරීක්ෂණයෙන් මේ ජාන විකෘති තත්ව හදුනාගන්න පුලුවන්. දරුවගෙ කොදු ඇට පේලිය නිරීක්ෂණය කරන එක තමයි කරන්නෙ. මේ ස්කෑන් පරීක්ෂණය හදුන්වන්නෙ Nuchal Translucency Scan කියන නමින්. නමුත් ස්කෑන් පරීක්ෂණ 100% ක්ම නිවැරැදි වෙන්නෙ නැහැනෙ. එතකොට මේ ස්කෑන් එකෙන් එහෙම ජාන විකෘති තත්වයක ලක්ෂණ පෙන්නුම් කරොත් ඒක යම්තාක් දුරකට තහවුරු කරගන්න තමයි NIPT වැදගත් වෙන්නෙ. නමුත් ජාන විකෘති තත්වයක් තියෙනවා කියල 100%ක්ම තහවුරු කරන්න මේ පරීක්ෂණයට හැකියාවක් නැහැ. ඒ සදහා Chorionic Villus Sampling/Amniocentesis වගේ කළලයෙන් තරල සාම්පල් අරගෙන කරන පරීක්ෂණයකට යන්න වෙනවා. 

මුල්ම ස්කෑන් පරීක්ෂණයෙන් ජාන විකෘතියක් ගැන මොනයම් හෝ සැකයක් තියෙනවානම් ඔබේ වෛද්‍යවරයත් සමග සාකච්ඡා කරලා තවදුරටත් පරීක්ෂණ කරනවද නැද්ද කියන එක ඔබට තීරණය කරන්න පුලුවන්.

NIPT පරීක්ෂණයෙන් දරුවාට හානියක් වෙනවාද?

නැහැ. කොහෙත්ම නැහැ. මේ පරීක්ෂණයෙන් ඔබටවත් දරුවාටවත් කිසිම හානියක් වෙන්නෙ නැහැ. ඔබට නිවුන් දරුවන් ලැබෙන්න ඉන්නවනම් ඒත් මේ පරීක්ෂණය කරන්න පුලුවන්. හැබැයි තුන් නිවුන්, සිව් නිවුන් හෝ පස් නිවුන් දරුවන් ලැබෙන්න ඉන්නවනම්  මේ පරීක්ෂණය ඔබට සුදුසු වෙන්නෙ නැහැ. 

පරීක්ෂණය සිදුකරන්නෙ කොහොමද? 

මවගේ රුධිර සාම්පලයක් ලබාගෙන තමයි පරීක්ෂණය කරන්නෙ. කලළ බන්ධයෙන් එහෙමත් නැත්නම් placenta එකෙන් නිකුත් කරන රුධිරයේ කළලයේ ජාන යම් ප්‍රමාණයක් තියෙනවා. එතකොට මවගේ රුධිරය මේ කළල බන්ධයෙන් එන රුධිරයත් එක්ක මිශ්‍ර වෙන නිසා අම්මගෙන් ගන්න සාම්පලයෙන් දරුවගෙ ජාන පරීක්ෂා කරන්න පුලුවන්.

ඔබට මෑතකදී රුධිර පාරවිලයනයක් සිදුකරල තියෙනවානම්, ඔබ පිළිකා රෝගියෙක් නම් සහ ඔබට යම් ජාන විකෘති තත්වයක් තියෙනවානම් පරීක්ෂණය කරන්න කලින් ඒ සම්බන්ධයෙන් ඔබේ වෛද්‍යවරයා දැනුවත් කරන්න අමතක කරන්න එපා . සමහරවිට ඔබට මේ පරීක්ෂණය නුසුදුසු වෙන්න ඉඩ තියෙනවා. 

NIPT පරීක්ෂණයේ ප්‍රතිඵල 

මේ පරීක්ෂණයෙන් වර්ග තුනක ප්‍රතිඵල ඔබට ලැබෙන්න පුලුවන්. 

  1. Low chance result

ඔබේ දරුවාට ජාන විකෘති තත්වයක් තියෙන්න ඉතාම අඩු හැකියාවක් තමයි තියෙන්නෙ. මේ වගේ අවස්ථා වලදී ගොඩක් වෙලාවට නැවත තහවුරු කිරීමේ පරීක්ෂණයක් ඒ කියන්නෙ Chorionic Villus Sampling/Amniocentesis වගේ පරීක්ෂණ නිර්දේශ කරන්නෙ නැහැ. 

නමුත් මේ වගේ ප්‍රතිඵලයක් එන අම්මලාගෙන් 1054කින් එක්කෙනෙකුට Down’s Syndrome තියෙන බබෙක් ලැබෙන්නත්, 930කින් එක්කෙනෙකුට Edward’s Syndrome තියෙන බබෙක් ලැබෙන්නත්, 4265කින් කෙනෙකුට Patau’s Syndrome තියෙන බබෙක් ලැබෙන්නත් හැකියාවක් තියෙනවා. 

  1. High Chance Result 

ඔබේ දරුවාට ජාන විකෘති තත්වයක් තියෙන්න යම් ඉඩකඩක් තියෙනවා. හැබැයි අනිවාර්යයෙන්ම තියෙනවා කියන්න මේ පරීක්ෂණයෙන් හැකියාවක් නැහැ. ඒ නිසා තහවුරු කරගන්න Chorionic Villus Sampling හෝ Amniocentesis වගේ පරීක්ෂණයකට යන්න වෙනවා. 

High Chance Result එකක් එන අම්මලා 100කින් 91කට Down’s Syndrome තියෙන බබෙක් ලැබෙන්නත්, 100කින් 84කට Edward’s Syndrome තියෙන බබෙක් ලැබෙන්නත්, 100කින් 87කට Patau’s Syndrome තියෙන බබෙක් ලැබෙන්නත් හැකියාවක් තියෙනවා.

  1. No Result 

ප්‍රමාණවත් සාම්පල් නැතිවුණාම සහ විවිධ තාක්ෂණික දෝෂ හින්දා කිසිම ප්‍රතිඵලයක් නොලැබෙන්න පුලුවන්. මේ වගේ අවස්ථා වලදී ආයෙම පරීක්ෂණයක් කරනවද එහෙමත් නැත්නම් කෙලින්ම ඊලග පරීක්ෂණයට යනවාද කියන එක ඔබට තීරණය කරන්න පුලුවන්.

ඔබ මතක තබාගතයුතු වැදගත්ම කාරණය තමයි NIPT කියන්නෙ Screening Test එකක් විතරමයි. ඒකෙ ප්‍රතිඵල 100%ක්ම නිවැරැදි වෙන්නෙ නැහැ! 

වෛද්‍ය S. එදිරිසිංහ(MBBS (Rajarata)
(SLMC registration No:43303)
පේරාදෙණිය ශික්ෂණ රෝහල

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Pregnancy

මාස තුන සපිරුණු ගර්භණී ඔබ මේ විටමින් වර්ග ගන්නවද ?

ගර්භණී කාලයේ මවකට ලැබෙන පෝෂණය අනුව තමයි දරුවාගේ වර්ධනය තීරණය වෙන්නෙ. නීරෝගී දරුවෙක් පතන ඔබ අනිවාර්යයෙන්ම ඔබේ පෝෂණය ගැන සැලකිලිමත් වෙන්නම ඕනෙ. ගර්භණී සමයේ එක

Read More »
Intimacy

ඔසප් අක්‍රමවත් වීමට හේතු

සාමාන්‍ය ඔසප් චක්‍රයක් කියන්නෙ දින 28 ක්. සමහර වෙලාවට මේ දින ගණන අඩු වැඩි වෙන්න පුලුවන්. අක්‍රමවත් ඔසප් චක්‍රයක් කියන්නෙ මේ දින ගණන දින 21ට

Read More »
Post-pregnancy

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න පුලුවන් උත්තරය තමයි ඔව් කියන එක. සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පස්සෙ මේ තත්වය අතිශය

Read More »
Pregnancy

ගර්භනී අම්මා කෙනෙක්ට ආහාර වේලක් දෙනවිට සැලකිලිමත් විය යුතු ම දේවල්

අපේ ලාංකික සංස්කෘතිය ඇතුළේ ගර්භනී මවකට හිමිවන්නේ සුවිශේෂී තැනක්. යාලුවෙක් හරි නෑදෑයෙක් හරි සමහර වෙලාවට වැඩිය නොදන්න කෙනෙක් වුණත් ගර්භනී වුණාම අපි කෑම එකක් හදලා

Read More »