hit counter code

ගර්භනී කාලෙදි ඩයට් කළොත් මොකද වෙන්නෙ?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

දරුවෙක් ලැබෙන්න ඉන්න ඔබ ගර්භණී කාලය තුල ඩයට් කිරීමවත්, එකම බරක් පවත්වාගෙන යාමවත්, බර අඩු කරගැනීමවත් සුදුසු වෙන්නෙ නැහැ. එමගින් ඔබේ කුසේ ඉන්න දරුවට අත්‍යවශ්‍ය පෝෂණය නොලැබෙන්න පුලුවන්. එහෙම වුනාට පස්සෙ දරුවගෙ වර්ධනය නිසියාකාරව සිදුවෙන්නෙ නැහැ. සරලවම කිව්වොත් ගර්භණී කාලයේ ඩයට් කරන්න යනඑක හොඳ දෙයක් නෙමෙයි.

ගර්භණී සමයේ මුල් සති කීපයෙදි ඔබේ බර අඩුවෙන එක සාමාන්‍යයෙන් ගැටලුවක් වෙන්නෙ නැහැ. මේ කාලෙදි උදේට ඇතිවන ඔක්කාරය, වමනය සහ කෑම අරුචිය නිසා බර අඩුවෙන්න පුලුවන්. නමුත් මේ ලක්ෂණ දරුණුවටම ඔබට තියෙනවානම් කිසිම දෙයක් කන්න බොන්න බැරිනම් වෛද්‍ය උපදෙස් ලබාගන්න එකත් අත්‍යවශ්‍යයි. ඔබේ ශරීරයට දුර්වල වෙන්න ඉඩ තියන්න එපා.

ඒ වගේම තමයි ගර්භණී කාලයේ අධික ලෙස ඔබේ බර වැඩිවෙන එකත් දරුවට වගේම ඔබටත් හානිදායකයි. දියවැඩියාව, අධික රුධිර පීඩනය, රුධිරය කැටිගැසීම සම්බන්ධ රෝගී තත්ව සහ සංකුලතා රාශියක් ඇතිවෙන්න පුලුවන්.

අඩු බර සහ අධි බර කියන දෙපැත්තම අවධානම්! අපි මේ විදියට අධි බර කියල සලකන්නෙ BMI අගය 30 හෝ 30ට වඩා වැඩිවුනාම. ගර්භණී වුනාට පස්සෙ බර අඩුකරගන්න හොඳ නැහැනෙ. ඒ නිසා ඔබට කලහැකි හොඳම දේ තමයි දරුවෙක් හදන්න කලින් ඔබේ උසට සරිලන බර සකස් කරගන්න එක. ඒ වගේම ගර්භණී කාලය තුල අනවශ්‍ය ලෙස බර වැඩිවෙන පුරුදු වලින් ඈත්වෙන එක. ගර්භණී කාලය තුල කොහොමත් අම්මගෙ බර වැඩිවෙනවනෙ. ඒ වැඩිවෙන්න ඕනෙ ප්‍රමාණය තීරණය වෙන්නෙ ඔබ ගර්භණී වෙන්න කලින් තිබුණු බර සහ BMI අගයත් එක්කයි. මේ සම්බන්ධ වැඩි විස්තර ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරීතුමියගෙන් ඔබට දැනගන්න පුලුවන්.

ගර්භණී කාලයේ අධි බර නිසා ඇතිවිය හැකි සංකූලතා

  1. අධික රුධිර පීඩනය සහ ඒ ආශ්‍රිත ගැටලු (Pre-Eclampsia)

ගර්භණී මව්වරුන් අතර සුලබ තත්වයක්. සාමාන්‍යයෙන් මව්වරු හතර දෙනෙක්ගෙන් එක්කෙනෙකුට වගේ මේ තත්වය එන්න පුලුවන්. රුධිර පීඩනය වැඩිවීමේ සිට වලිප්පුව දක්වා මේ ලක්ෂණ භයානක වෙන්න පුලුවන්.

  1. ගර්භණී කාලයේ දියවැඩියාව (Gestational Diabetes)

සාමාන්‍යයෙන් මේ තත්වය බබා ලැබුනම යථා තත්වයට පත්වෙනවා. නමුත් ඒ මව්වරුන්ට අනාගතයේදී දියවැඩියාව වැලදෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඒ වගේම තමයි කුසේ ඉන්න දරුවගෙ වර්ධනයේ අසාමාන්‍යතා, දරු ප්‍රසූතිය සම්බන්ධ ගැටලු වගේම උපදින දරුවටත් අනාගතයේදී දියවැඩියාව එන්න හැකියාවක් තියෙනවා.

ගර්භණී කාලයේ අනවශ්‍ය ලෙස බර වැඩිවීම වලක්වාගන්නේ කොහොමද?

දරුවෙක් හදන්න ඔබ සූදානම් නම් ඊට කලින් ඔබේ ශරීරය ඒ සදහා සූදානම් කරගන්නෙ කොහොමද කියල දැනුවත් වෙන්න. මේ සදහා විශේෂ සායන ඔබේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ පැවැත්වෙනවා. ඔබට නොමිලේම ඒවාට සහභාගි වෙලා විස්තර දැනගන්න පුලුවන්. එහෙමත් නැත්නම් ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවෙලා ඔබට ගර්භණී කාලය තුල කොච්චර බර වැඩිකරගන්න පුලුවන්ද කියල දැනගන්න.

සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු අනුගමනය කරන්න. එලවලු පලතුරු වැඩිපුර ආහාරයට ගන්න. කෘත්‍රිම ආහාර කිසිවක් ගන්න එපා. ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න. ගර්භණී මව්වරුන්ට ගැලපෙන ව්‍යායාමවල නිරත වෙන්න. කළලයට සති 12ක් වගේ පහුවුනාට පස්සෙ වෛද්‍ය උපදෙස් අරගෙන ව්‍යායාම පටන්ගන්න ඔබට පුලුවන්.

වෛද්‍ය S. එදිරිසිංහ(MBBS (Rajarata)
(SLMC registration No:43303)
පේරාදෙණිය ශික්ෂණ රෝහල

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

දරුවාගේ සුව නින්ද බුද්ධි වර්ධනයට මනා රුකුලක්!

නින්ද කියන්නෙ හැමෝගෙම ජීවන රටාවල අත්‍යවශ්‍ය සහ ඉතාම වැදගත් කොටසක්. නීරෝගී පුද්ගලයෙක්...

Read More
බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට

අලුත් පැටියට බාලගිරි දෝෂය ද?

අලුතෙන් ගෙදරට ගෙනාපු පැටියා නවත්තන්නෙම නැතුව අඬනකොට අපේ අම්මලා නැන්දම්මලා කියන්නෙ බබාට...

Read More

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න...

Read More

Related Posts

Post-pregnancy

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න පුලුවන් උත්තරය තමයි ඔව් කියන එක. සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පස්සෙ මේ තත්වය අතිශය

Read More »
Pregnancy

ගර්භනී අම්මා කෙනෙක්ට ආහාර වේලක් දෙනවිට සැලකිලිමත් විය යුතු ම දේවල්

අපේ ලාංකික සංස්කෘතිය ඇතුළේ ගර්භනී මවකට හිමිවන්නේ සුවිශේෂී තැනක්. යාලුවෙක් හරි නෑදෑයෙක් හරි සමහර වෙලාවට වැඩිය නොදන්න කෙනෙක් වුණත් ගර්භනී වුණාම අපි කෑම එකක් හදලා

Read More »
Intimacy

යෝනි ශ්‍රාවවලින් ගැබ් ගැනීමෙන් තොර ලිංගික එක්වීමකට සුදුසු දින හඳුනාගන්නේ කොහොමද?

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් ඇසුරෙන් සරු දින හඳුනාගෙන, ඒවා මග හැර ලිංගික ව එකතු වීමෙන් ගැබ්

Read More »
Post-pregnancy

ප්‍රසූතියෙන් පසු බඩ අඩු කරගන්නා නිවැරදි ක්‍රම

දරු ප්‍රසූතියෙන් පස්සෙ හැම අම්මෙක්ම වදවෙන දෙයක් තමයි ආපහු තමන්ගෙ ශරීරය පරණ තත්වයටම ගන්නෙ කොහොමද කියන එක. බඩ අඩුකරගන්න එක තමයි ඒ අතරින් අමාරුම දේ.

Read More »