hit counter code

ගර්භනී අම්මාට මස් මාලු කන්න බැරි වීම භයානක ද?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

ගර්භනී සමය කියන්නෙ වෙනදාටත් වඩා ඔබ ගන්නා ආහාර ගැන, ඒවගෙ පෝෂණ ගුණය සහ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ කාලයක්. ඒ මොකද ඔබ ගන්න ආහාර වලින්ම තමයි ඔබේ කුසේ ඉන්න පැටියට පෝෂණය ලැබෙන්නෙත්. ඒ නිසා ඔබ සමබල ආහාර වේලක් ගන්න එක අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ. 

ඔබ නිර්මාංශ කෙනෙක් වීම දරුවට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. හැබැයි සියලුම පෝෂ්‍ය පදාර්ථ කිසිම අඩුවක් නැතුව ඔබටයි දරුවටයි දෙන්නටම ලැබෙන්න ඕනෙ. දැන් ඔබ කල්පනා කරනව ඇති මස් මාලු කන්නෙ නැතුව ඔක්කොම පෝෂ්‍ය පදාර්ථ ලබාගන්න පුලුවන් වෙයිද කියල. ඔව්. ලේසියෙන්ම පුලුවන්. ඒ කොහොමද කියල අපි බලමු.

නිර්මාංශ වීම එහෙමත් නැත්නම් සත්ව ආහාරවලින් තොර ආහාර වේලක් ගන්න අයට අඩුවෙන් ලැබෙන පෝෂ්‍ය පදාර්ථ කීපයක් තියෙනවා. ඒවා තමයි යකඩ, විටමින් B12, විටමින් D, කැල්සියම් සහ අයඩීන්. මේවා සත්ව ආහාරවල තමයි බ්හුලව අඩංගු වෙන්නෙ. ශාක ආහාරවලත් සුලු වශයෙන් තියෙනවා. නිර්මාංශ මවක් වෙන ඔබට කරන්න තියෙන්නෙ මේ පෝෂ්‍ය පදාර්ථ අඩංගු ආහාර අඩු නැතුව ඔබේ ආහාර වේලට එකතු කරගන්න එක විතරයි! 

යකඩ බහුල ආහාර 

  • ධාන්‍ය වර්ග (කඩල, මුං ඇට, කව්පි, සෝයා)
  • තද කොල පැහැති එලවලු (ගොටුකොල, නිවිති)
  • ඇට වර්ග (කජු, ආමන්ඩ්)

යකඩ බහුල ආහාර ගත්තට විතරක් ප්‍රමාණවත් වෙන්නෙ නෑ. ඒ ගන්න යකඩ අපේ ශරීරයට උරාගන්න බාධා වෙන දේවල් වලින් වලකින්නත් ඕනෙ. ප්‍රධාන ආහාර වේලක් ගන්න පැය දෙකකට කලින් සහ ආහාර වේල අරන් පැය දෙකක් යනකං තියෙන පැය හතරක් වගේ වෙලාව ඇතුලත තේ, කිරි, කෝපි කියන පාන වර්ග ගන්න එපා. ඒවගෙන් යකඩ අපේ ඇගට උරාගන්න එක අඩු කරනවා. ඒ වෙනුවට විටමින් C අඩංගු පලතුරු යුෂ වීදුරුවක් බොන්න. විටමින් C වලින් යකඩ අවශෝෂණය පහසු කරනවා. ගොටුකොල සලාද වගේ හදලා කනවානම් ඒකට දෙහි පොඩ්ඩක් මිරිකලා ගන්න. දෙහි කියන්නෙත් විටමින් C බහුල පලතුරක්. 

විටමින් B12 බහුල ආහාර 

  • සෝයා
  • යීස්ට් වලින් පදම්කල ආහාර (මාමයිට්, සීරියල් වර්ග)

විටමින් D ලබාගන්නෙ කොහොමද

වසර පුරාම හිරුඑලිය ලැබෙන රටක් විදියට ලංකාවෙ අපිට නම් නොමිලේම ඕනෙතරම් විටමින් D ලබාගන්න පුලුවන්. ඔබට කරන්න තියෙන්නෙ උදේ 11ත් හවස 3ත් අතර හිරුඑලියට නිරාවරණය වෙන එක විතරයි. විනාඩි 30ක් විතර මේ එලියට වෙලා හිටියා නම් ඇති. ඔබට හිරුඑලියට නිරාවරණය වෙන එක අපහසුයි නම් විටමින් D අඩංගු අතිරේකයක් ලබාගන්න එක සුදුසු වේව්. නමුත් ඊට කලින් වෛද්‍ය උපදෙස් ලබාගන්න අමතක කරන්න එපා. 

කැල්සියම් බහුල ආහාර 

  • තද කොල පැහැති කොල එලවලු
  • සෝයා 
  • ධාන්‍ය වර්ග 
  • දුඹුරු පාන්
  • තල 

ඔබ නිර්මාංශ නමුත් කිරි ආහාර ගන්න කෙනෙක් නම් කිරි වලින් ඔබට අවශ්‍ය කැල්සියම් නොඅඩුව ලබාගන්න පුලුවන්. 

අයඩීන් බහුල ආහාර 

ලංකාවෙ අපේ අයඩීන් ඌණතාව සම්බන්ධ ගැටලු අවම කරන්න රජයෙන්ම අරන් තියෙන ක්‍රියාමාර්ගයක් තමයි අපි පාවිච්චි කරන ලුණු වලට අයඩීන් එකතු කිරීම. නමුත් මේ අයඩීන් ආහාර වලට එකතු කරනකොට පරිස්සම් වෙන්න ඕනෙ. කෑම ලිපේ තියෙනකොට ලුණු එකතු කරන්න එපා. උණුසුම හින්දා ලුණු වල තියෙන අයඩීන් විනාශ වෙන්න පුලුවන්. ඒ හින්ද කෑම ලිපෙන් බාලා නිවුණට පස්සෙ අයඩීන් සහිත ලුණු එකතු කරගන්න.

වෛද්‍ය S. එදිරිසිංහ(MBBS (Rajarata)

(SLMC registration No:43303)

පේරාදෙණිය ශික්ෂණ රෝහල

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

පුතාලට අඬන්න හොඳ නැද්ද?

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?” පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

Related Posts

Pregnancy

ලංකාවේ රෝහල්වල භාවිතාවෙන ප්‍රසූත වේදනා අවම කරන ක්‍රම

දරුවෙක් හදනවා කියන්නෙ ලේසි දෙයක් නෙමෙයි. දරු ප්‍රසූතිය කියන්නෙත් වේදනාකාරී අවස්ථාවක්. ඒක අපි හැමෝම දන්න දෙයක්නෙ. නමුත් අද වෙනකොට වෛද්‍ය විද්‍යාවෙ දියුණුවත් එක්ක දරු ප්‍රසූතිය

Read More »
Pregnancy

කුසේදිම දරුවාගේ ජාන විකෘතිතා හඳුනාගන්න හැකි NIPT පරීක්ෂණය

NIPT පරීක්ෂණය (Non Invasive Prenatal Testing) දරුවෙක් කුසේ දරාගෙන ඉන්න අම්මෙක්ගෙ එකම බලාපොරොත්තුව තමයි ලස්සන නීරෝගී දරුවෙක් බිහිකරන එක. අපි කන බොන දේවල්වලින් පවා පරිස්සම්

Read More »
Intimacy

පොස්ටිනෝ ගත්තත් ප්‍රෙග්නන්ට් වෙනවද?

අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පස්සෙ ගැබ් ගැනීම වලක්වන්න පාවිච්චි කරන උපත් පාලන ක්‍රම ගැනයි අද අපි කතා කරන්න යන්නෙ. මේ ක්‍රම වඩාත්ම සුදුසු වෙන්නෙ ඔබ කිසිම

Read More »
Pregnancy

ගර්භනී සමයේ වමනයට ආයුර්වේද විසඳුම්

දරුවෙකු පිළිසිද ගත් විට කාන්තාවන්ට ඇතිවන උදෑසන අපහසුතා අතරින් ඔක්කාරය,වමනය ප්‍රධාන ස්ථානයක් ගන්නවා. අද අපි කතා කරන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඔබ මුහුණ දෙන උදෑසන

Read More »