hit counter code

ප්‍රසූතියෙන් පසු බඩ අඩු කරගන්නා නිවැරදි ක්‍රම

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

දරු ප්‍රසූතියෙන් පස්සෙ හැම අම්මෙක්ම වදවෙන දෙයක් තමයි ආපහු තමන්ගෙ ශරීරය පරණ තත්වයටම ගන්නෙ කොහොමද කියන එක. බඩ අඩුකරගන්න එක තමයි ඒ අතරින් අමාරුම දේ. ඉතින් අද අපි කතාකරන්න යන්නෙ දරු ප්‍රසූතියෙන් පස්සෙ බඩ අඩුකරගන්න අපිට කරන්න පුලුවන් දේවල් ගැන.

බඩ අඩුකරගන්න එක කරන්න පුලුවන් දෙයක්ද?

All You Need To Know About Postpartum Belly Or 'Mom Belly' | HerZindagi

අනිවාර්යයෙන්ම පුලුවන්. ඔබේ කැපවීම අත්‍යවශ්‍යයි. ඒ වගේම තවත් සාධක කීපයක් බලපානවා. අපි විස්තරාත්මකව ඒ දේවල් ගැන කතා කරමු.

මේ වැඩේට කොච්චර කල් යනවද?

සාමාන්‍යයෙන් මේ වැඩේට මාස කිහිපයක් ගතවේවි. දවසින් දෙකෙන් ප්‍රතිඵල ගන්න නම් හැකියාවක් නැහැ. ඉවසීම සහ කැපවීම අනිවාර්යයෙන්ම ඕනෙ.
ඊලගට ඔබට එන ගැටලුව තමයි මේ ව්‍යායාම පටන්ගන්න පුලුවන් කවදටද කියන එක. දරු ප්‍රසූතියෙන් මාස 6ක් ගියාට පස්සෙ ඔබට පටන්ගන්න පුලුවන්. ඒත් ඊට කලින් වෛද්‍යවරයෙක් හමුවෙන එක වඩාත් සුදුසුයි. මොකද ඔබ දරු ප්‍රසූතියේදී යම් සංකූලතා වලට මුහුණ දුන්න කෙනෙක්නම් මේ මාස 6 කියන කාලය වෙනස්වෙනවා.
විද්‍යාත්මකව තහවුරු වෙලා තියෙන විදියට දරු ප්‍රසූතියකින් මාස 6ත් අවුරුද්දත් අතර කාලය තමයි ව්‍යායාම වලින් බර අඩුකරගන්න සුදුසුම කාලය වෙන්නෙ.
දැන් අපි බලමු බඩ අඩු කරගන්න අපිට කරන්න පුලුවන් දේවල් මොනවාද කියලා.

Post Baby Body: 6 Months Postpartum - A Healthy Slice of Life

ව්‍යායාම

මේ ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. බඩ අඩුකරගන්න කරන්න ඕනෙ වැදගත්ම දේ තමයි ව්‍යායාම.මේ අතරින් ගොඩක්ම සාර්ථක ව්‍යායාමයක් තමයි vacuum exercises කියන්නෙ. Youtube එකෙන් මේ ගැන වැඩි විස්තර ඔබට දැනගන්න පුලුවන්. ඒ වගේම සුදුසුකම්ලත් ව්‍යායාම උපදේශකවරයකුගෙන් උපදෙස් ලබාගන්නත් පුලුවන්.

සමබල ආහාර වේලක්

ඊලග වැදගත්ම කාරණය. බබාට කිරි දෙන්න ඕනෙ, දෙන්නෙක්ට කන්න ඕනෙ කියලා පිටි සහිත ආහාර ගොඩක් ගත්තොත් ඔබේ ඉලක්කය කරා යන්න වෙන්නෙම නැහැ. ගන්න ආහාර ප්‍රමාණය ගැන නෙමෙයි ආහාරවල පෝෂණය ගැන සැලකිලිමත් වෙන්න.

Radio Frequency Therapy

බඩ අඩුකරගන්න කරන්න පුලුවන් අතුරු ආබාධ රහිත වේදනා රහිත ප්‍රතිකාර ක්‍රමයක්. උදරය එල්ලා වැටීමට මේ ප්‍රතිකාරය ඉතාම සුදුසුයි. සිසේරියන් සැත්කමකින් දරුවෙක් බිහිකරපු අම්මෙක්ට වුනත් මේ ක්‍රමයෙන් සාර්ථක ප්‍රතිඵල ගන්න පුලුවන්.

Massage - Body Sculpting | Body RF Treatment - Indigo Body Balance

දරුවාට මව්කිරි දීම

මව්කිරි දෙන එකෙන් මවගේ ශරීරයේ තියෙන අනවශ්‍ය මේදය දහනය වෙනවා. මේක විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙන කාරණයක්.

බඩ අඩුකරගන්න නම් ඔබ මේ දේවල්වලින් වැළකෙන්නත් ඕනෙ.

  1. කරන දේ හරියට කරන්න. ව්‍යායාම කරන එක, සමබල ආහාර වේල අනිවාර්යයෙන් හැමදාම අනුගමනය කරන්න.
  2. උදරයේ සම වියලීමට දෙන්න එපා. හොද මොයිස්චරයිසර් එකක් ආලේප කරලා දවසට දෙපාරක් වගේ උදරය සම්භාහනය කරන්න.
  3. උදරය තද වෙන බෙල්ට් වර්ග වෛද්‍ය උපදෙස් නොමැතිව පාවිච්චි කරන්න එපා.
Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

දරුවාගේ සුව නින්ද බුද්ධි වර්ධනයට මනා රුකුලක්!

නින්ද කියන්නෙ හැමෝගෙම ජීවන රටාවල අත්‍යවශ්‍ය සහ ඉතාම වැදගත් කොටසක්. නීරෝගී පුද්ගලයෙක්...

Read More
බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට

අලුත් පැටියට බාලගිරි දෝෂය ද?

අලුතෙන් ගෙදරට ගෙනාපු පැටියා නවත්තන්නෙම නැතුව අඬනකොට අපේ අම්මලා නැන්දම්මලා කියන්නෙ බබාට...

Read More

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න...

Read More

Related Posts

Post-pregnancy

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න පුලුවන් උත්තරය තමයි ඔව් කියන එක. සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පස්සෙ මේ තත්වය අතිශය

Read More »
Pregnancy

ගර්භනී අම්මා කෙනෙක්ට ආහාර වේලක් දෙනවිට සැලකිලිමත් විය යුතු ම දේවල්

අපේ ලාංකික සංස්කෘතිය ඇතුළේ ගර්භනී මවකට හිමිවන්නේ සුවිශේෂී තැනක්. යාලුවෙක් හරි නෑදෑයෙක් හරි සමහර වෙලාවට වැඩිය නොදන්න කෙනෙක් වුණත් ගර්භනී වුණාම අපි කෑම එකක් හදලා

Read More »
Intimacy

යෝනි ශ්‍රාවවලින් ගැබ් ගැනීමෙන් තොර ලිංගික එක්වීමකට සුදුසු දින හඳුනාගන්නේ කොහොමද?

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් ඇසුරෙන් සරු දින හඳුනාගෙන, ඒවා මග හැර ලිංගික ව එකතු වීමෙන් ගැබ්

Read More »
Pregnancy

ගර්භනී කාලෙදි ඩයට් කළොත් මොකද වෙන්නෙ?

දරුවෙක් ලැබෙන්න ඉන්න ඔබ ගර්භණී කාලය තුල ඩයට් කිරීමවත්, එකම බරක් පවත්වාගෙන යාමවත්, බර අඩු කරගැනීමවත් සුදුසු වෙන්නෙ නැහැ. එමගින් ඔබේ කුසේ ඉන්න දරුවට අත්‍යවශ්‍ය

Read More »