hit counter code

අම්මා මිටි වුණොත් සීසර් කරන්නම වෙනවද?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

අද ලෝකයේ දියුණුවත් එක්ක දරුවෙක් බිහිකරන්න ක්‍රම කීයක් තියෙනවාද? 2ක්ද? නැහැ. 3ක් තියෙනවා. ප්‍රධාන මාතෘකාවට යන්න කලින් අපි ඒ ක්‍රම ගැන පොඩ්ඩක් කියවල ඉමු.

  1. සාමාන්‍ය දරු ප්‍රසූතිය (Normal Vaginal Delivery/Unassisted Vaginal Delivery)

මේ ක්‍රමය තමයි ඉස්සර ඉදන්ම එන සාමාන්‍ය ක්‍රමය. තවත් විදියකට කිව්වොත් දරුවෙක් බිහිකරන්න තියෙන පහසුම සහ අතුරු ආබාධ අඩුම ක්‍රමය. 

  1. වෛද්‍ය ආධාර සහිත දරු ප්‍රසූතිය (Assisted Vaginal Delivery)

මේ ක්‍රමයෙන් කරන්නෙ සාමාන්‍ය දරු ප්‍රසූතියට උදව්කරලා ප්‍රසූතිය පහසු කරන එක. ඒ සදහා උපකරණ, විටපිය කැපුමක් වගේ ආධාර යොදාගන්නවා. 

  1. සිසේරියන් සැත්කම් (Caesarean Section)

සුදුසු නිර්වින්දන තත්ව යටතේ උදරයේ කැපුමක් යොදලා බබාව එලියට ගන්න එක තමයි සිසේරියන් සැත්කමකින් කරන්නෙ.

ඔබ දරුවා බිහිකරන්නෙ මොන ක්‍රමයටද

මේක තමයි ඊලග ප්‍රශ්නෙ. මේ තීරණය ඔබට තනියම ගන්න පුලුවන් එකක් නෙමෙයි. ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් අරගෙන, ඔබේ සහකරුත් එකකත් කතා කරල ගන්න ඕනෙ ඉතාම වැදගත් තීරණයක්. 

දැන් අපි අද ලිපියේ මාතෘකාවට එමු. ඒ කියන්නෙ අම්මගෙ උස සහ සිසේරියන් සැත්කම් අතර තියෙන සම්බන්ධය මොකක්ද? උස අඩු අම්මෙක්ට සාමාන්‍ය දරු ප්‍රසූතියකට යන්න බැරිද? සාමාන්‍ය දරු ප්‍රසූතියෙදි බබා එන්නෙ අම්මගෙ ශ්‍රෝණි කුහරයට (pelvis) ඇතුල්වෙලා යෝනි මාර්ගයෙන්නෙ. ඒ ඉඩ බබාට ප්‍රමාණවත් නම් විතරයි අපිට නෝමල් යන්න පුලුවන් වෙන්නෙ.

අම්මගෙ උසයි ශ්‍රෝණි කුහරයේ ප්‍රමාණයයි අතර තියෙන සම්බන්ධය මොකක්ද?

 සාමන්‍යයෙන් අම්මගෙ උස සෙන්ටිමීටර් 152ට වඩා අඩුනම් ඇයගේ ශ්‍රෝණි කුහරය සාමාන්‍ය දරු ප්‍රසූතියකට ප්‍රමාණවත් නැති එකක් කියලා තමයි සලකන්නෙ. 

එතකොට උස සෙන්ටිමීටර් 152ට අඩුයිනම් අනිවාර්යයෙන් සීසර් එකකට යන්න ඕනෙද?

නැහැ. මේ තීරණය ගන්නකොට අම්මගෙ උස විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් පරික්ෂා කරල බලනවා. අම්මගෙ ශ්‍රෝණි කුහරයේ දිග, පළල (pelvic assessment) බලනවා. මේක කරන්නෙ පළපුරුදු වෛද්‍යවරයෙක්. ඊට අමතරව බබාගෙ බරත් බලනවා. ඒක ස්කෑන් එකකින් කරන්න පුලුවන්. මේ ඔක්කොම ටික බලලා ඉවරවෙලා තමයි බබා නෝමල් ගන්නවද සීසර් කරනවද කියල තීරණය දෙන්නෙ. ඔබේ උස අඩුවුන පමණින් සීසර් කරන්නම ඕනෙ කියල නීතියක් නැහැ. ශ්‍රෝණි කුහරය බබාට එලියට එන්න ප්‍රමාණවත්නම් ඔබට සාමාන්‍ය දරු ප්‍රසූතියකට යන්න පුලුවන්.

ඒ වගේම ඔබේ උස සෙන්ටිමීටර් 152ට වැඩිවුනා කියල බබා නෝමල් ගන්න පුලුවන් කියලත් හරියටම කියන්න බැහැ. වෙනත් හේතුවක් හින්දා ඔබේ වෛද්‍යවරයා ඔබට සිසේරියන් සැත්කමක් නිර්දේශ කරන්න පුලුවන්. 

මම කලින් කිව්වා වගේ ඔබ දරුවා බිහිකරන ක්‍රමය ඔබට තනියම තීරණය කරන්න හැකියාවක් නැහැ. ගොඩක් කරුණු සලකලා බලලා තමයි ඒ තීරණය ගන්නෙ. අම්මගෙ උස කියන්නෙ එක සාධකයක් විතරයි. තව ඊට වඩා වැදගත් සාධක ගොඩක් තියෙනවා. 

වෛද්‍ය S. එදිරිසිංහ(MBBS (Rajarata)
(SLMC registration No:43303)
පේරාදෙණිය ශික්ෂණ රෝහල

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

දරුවාගේ සුව නින්ද බුද්ධි වර්ධනයට මනා රුකුලක්!

නින්ද කියන්නෙ හැමෝගෙම ජීවන රටාවල අත්‍යවශ්‍ය සහ ඉතාම වැදගත් කොටසක්. නීරෝගී පුද්ගලයෙක්...

Read More
බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට

අලුත් පැටියට බාලගිරි දෝෂය ද?

අලුතෙන් ගෙදරට ගෙනාපු පැටියා නවත්තන්නෙම නැතුව අඬනකොට අපේ අම්මලා නැන්දම්මලා කියන්නෙ බබාට...

Read More

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න...

Read More

Related Posts

Post-pregnancy

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න පුලුවන් උත්තරය තමයි ඔව් කියන එක. සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පස්සෙ මේ තත්වය අතිශය

Read More »
Pregnancy

ගර්භනී අම්මා කෙනෙක්ට ආහාර වේලක් දෙනවිට සැලකිලිමත් විය යුතු ම දේවල්

අපේ ලාංකික සංස්කෘතිය ඇතුළේ ගර්භනී මවකට හිමිවන්නේ සුවිශේෂී තැනක්. යාලුවෙක් හරි නෑදෑයෙක් හරි සමහර වෙලාවට වැඩිය නොදන්න කෙනෙක් වුණත් ගර්භනී වුණාම අපි කෑම එකක් හදලා

Read More »
Intimacy

යෝනි ශ්‍රාවවලින් ගැබ් ගැනීමෙන් තොර ලිංගික එක්වීමකට සුදුසු දින හඳුනාගන්නේ කොහොමද?

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් ඇසුරෙන් සරු දින හඳුනාගෙන, ඒවා මග හැර ලිංගික ව එකතු වීමෙන් ගැබ්

Read More »
Post-pregnancy

ප්‍රසූතියෙන් පසු බඩ අඩු කරගන්නා නිවැරදි ක්‍රම

දරු ප්‍රසූතියෙන් පස්සෙ හැම අම්මෙක්ම වදවෙන දෙයක් තමයි ආපහු තමන්ගෙ ශරීරය පරණ තත්වයටම ගන්නෙ කොහොමද කියන එක. බඩ අඩුකරගන්න එක තමයි ඒ අතරින් අමාරුම දේ.

Read More »