hit counter code

ආයුර්වේදයට අනුව කාන්තාවන්ට දරු ඵල ප්‍රමාද වීම සදහා බලපාන ප්‍රධාන හේතු.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

විවාහයෙන් අනතුරුව දරුවෙක් බලාපොරොත්තු වුණත් ඒ සිහිනය ප්‍රමාද වෙනවා නම් බොහෝ අය විවිධ ප්‍රතිකාර වලට යොමු වෙනවා. ආයුර්වේද ප්‍රතිකාර වලටත් ඒ අතර ඉහළ තැනක් පවතින බව නොරහසක්.ඉතින් ආයුර්වේදය අනුව මඳ සරු බවට හේතු ගැන කතා කරන්න අපි හිතුවා.

සාමාන්‍යයෙන් බටහිර වෛද්‍ය ක්‍රමය අනුව උපත් පාලනයෙන් වැළකී වසරක් පමණ උත්සාහ කළත් දරුවෙකු පිළිසිඳ නොගැනීම මඳ සරු භාවය ලෙස හැඳින්වූවත්, ආයුර්වේදයට අනුව දරු ඵල නොලැබීම හෙවත් වන්ධ්‍යාභාවය කියන්නේ දරුවෙකු සදහා උත්සාහ කරන අවශ්‍ය ඕනෑම වෙලාවක දරුවකු පිළිසිඳ නොගැනීමයි.

ආයුර්වේදයට අනුව මෙය පුළුල් මාතෘකාවක්.

ආයුර්වේදයට අනුව දරුවෙකු පිළිසිඳ ගන්න අවශ්‍ය සාධක

දරුවෙකු ලැබීමට සුදුසුම වයස

අවුරුදු 16- 40 අතර වයස සුදුසුයි කියලා තමයි කියවෙන්නේ.මෙතැනිනුත් අවුරුදු 21-30 අතර කාලය තමයි වඩාත්ම සුදුසු වෙන්නේ.දරුවෙක් හට ගන්න පිත් දෝෂය උපරිම විය යුතු අතර මේ කාලය තමයි එය උපරිමව පවතින කාලය.ආර්තව චක්‍රය හොඳින් ක්‍රියාත්මක වන කාලය.ඩිම්බ මෝරන එකත් හෝමෝන ක්‍රියාවලියත් නිසිලෙස පවතින්නේ මේ කාලයේ. ඔබ වයස 40 පහු කරලා නම් දරුවන් නොලැබීම හෙවත් වන්ධ්‍යාභාවය ඇති වෙන්න පුලුවන්.

සෘතු,ක්ෂේත්‍ර, අම්බු,බීජ යන කාරණා සම්පූර්ණ වීම

මේ පිලිබඳව සරලව අපි පැහැදිලි කර ගතහොත්,

සෘතුවට කාරණා දෙකක් බලපානවා.ඒ ඉහත දැක්වූ සුදුසුම වයස.අනිත් කාරණාව ඩිම්බ මෝචනය වෙන කාලය.

ඒ වගේම ආයුර්වේදයට අනුව සෘතු චක්‍රයට අදියර කීපයක් තියෙනවා. එහිදී රජස් කාලය ඔසප් සමය වෙනවා.එය අවසන් වී දින දහසයක් දක්වා කාලය කාන්තාවකගේ සෘතු කාලය හෙවත් සරු කාලය වෙනවා. ඒ කාලයේ ලිංගික එකතු වුවත් පිළිසිඳ ගැනීමක් නැතිනම් ඔබට ගැටලුවක් තිබෙන්නට පුලුවන්

මේ අනුව ආයුර්වේදයට අනුව කාන්තාවක් සුදුසු වයසේදී මාසයේ සරු දින වල ලිංගිකව එක් වීම දරුවෙක් පිළිසිද ගැනීමට බලපාන ප්‍රධාන කරුණක්, එසේ එක් වීමෙන්ද දරුවෙක් පිළිසිඳ නොගන්නව නම් කියවෙන්නේ ගැටලුවක් තිබිය හැකි බවයි.

ක්ෂේත්‍රය යනුවෙන් හඳුන්වන්නේ ස්ත්‍රී ප්‍රජනන පද්ධතියටයි.බීජයක් පැල වෙන්න හොඳ කාලගුණයක්, පෝෂණයක් අවශ්‍යවීමේ සංකල්පය තමයි මින් කියැවෙන්නේ.ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ ඇති නීරෝගී භාවය මත ඔබේ වන්ධ්‍යාභාවය තීරණය වෙනවා. යෝනි මාර්ගය, ඩිම්බ කෝෂය,පැලෝපීය නාල, ගර්භාෂ බිත්ති,ගර්භාෂය නීරෝගී විය යුතුමයි. පුරුෂ ප්‍රජනන පද්ධතියත් ක්ෂේත්‍රය ලෙස හඳුන්වන්න පුලුවන්.නමුත් කාන්තාවගේ නීරෝගී භාවයට වැඩි අවධානයක් යොමු වෙනවා. එනම් ඔබේ ගර්භාෂයේ නීරෝගී භාවයේ ගැටලුවක් ඇතිනම් එය දරුඵල ප්‍රමාද වීමට ප්‍රදාන හේතුවක්.

අම්බු ලෙස ආර්තව චක්‍රයට බලපාන හෝමෝනත් පෝෂක කොටස් හඳුන්වන්න පුලුවන්.අපි ගන්නා ආහාර වලින් ඇඟට උරා ගන්නා කොටස ආයුර්වේදයට අනුව රස ලෙස හඳුන්වනවා.ඒ කොටස අපේ ධාතු පෝෂණයට හේතු වෙනවා.

එනම් අපි ගන්නා ආහාර වලින් ධාතු පෝෂණය හරියට නොවීමත්, ඔබේ සිරුරේ පවතින හෝමෝන ගැටලුත් ඔබට දරුවන් ප්‍රමාද වීමට හෝ අහිමි වීමට හේතු වෙනවා.

බීජ කියන්නේ ඩිම්බ සහ ශුක්‍රාණු.ඒවා නීරෝගී මට්ටමේ නැති වීමත් දරුඵල ප්‍රමාදයට හෝ අහිමි වීමට බලපාන ප්‍රදාන හේතුවක්.

ඒ වගේම පහත ගැටලු ඔබ මඳසරු භාවයට පත් කරන්න පුලුවන්

  1. ආර්තව චක්‍රයේ අක්‍රමවත් භාවය සහ දෝෂ
  2. සරු කාලය ගැන අවබෝධයක් නැතිකම.අක්‍රමවත් ආර්තවයක් ඇති අයට මේ ගැටලුව බහුලව බලපානවා
  3. ප්‍රජනන පද්ධතියේ ඇති රෝග හෝ ප්‍රදාහ තත්ව. (එන්ඩොමෙට්‍රියසස්)
  4. යෝනි මාර්ගයේ ඇති ආම්ලික බව හෝ ආසාදන
  5. ගැබ්ගෙල ප්‍රදාහ සහ මස් දලු පැවතීම
  6. ඩිම්බ කෝෂ ප්‍රදාහ
  7. ශල්‍යකර්ම නිසා සිදු වූ සමහර හානි
  8. හෝමෝන ආශ්‍රිතව ඇතිවන ගැටලු
  9. පෝෂණයක් නැතිකම නිසා නීරෝගී බීජ හට නොගැනීම
  10. වැරදි ආහාර විහරණ.
  11. මානසික පීඩා
  12. ගැබ් ගැනීමට සහ ලිංගික ක්‍රියාවලට ඇති අකමැත්ත.
  13. සංසර්ග දෝෂ – වැරදි ඉරියව්
  14. සංසර්ගය නිමා වූ ගමන් යෝනි මාර්ගය සේදීම

මීට අමතරව සිරුරේ බර පාලනය කිරීමට අපහසු මට්ටමේ ආහාර පාලන ක්‍රම පවත්වාගෙන යාමත් ඔබට ඒ තරම් සුදුසු වෙන් නෑ.අධික වෙහෙසෙන ව්‍යායාම ගැලපෙන්නේ නෑ.

පුරුෂයන්ගේ වෘෂණ කෝෂ හෝ ශුක්‍රාණු වල ගැටලුවක් නිසා දරු ඵල ප්‍රමාද වෙනවා නම් මේ දේවල් ඔවුන්ට කළ හැකියි.
පුරුෂයන්ගේ වෘෂණ කෝෂ සිරුරෙන් පිටත පවතින නිසා ඔවුන්ගේ වන්ධ්‍යාභාවය වළක්වා ගන්න ආයුර්වේද වෙද්‍ය විද්‍යාවට අනුව මේ දේවල් යෝජනා වෙනවා.

  1. සිසිල් දිය ස්නානය කිරීම -වතුරේ බැහැලා නාන එක වඩා සුදුසුයි.
  2. කපු රෙද්දෙන් කළ තද නැති ඇඳුම් ඇඳීම
  3. ප්‍රමාණවත් නින්ද
  4. නයිලෝන් වැනි යට ඇඳුම් භාවිතයෙන් වැලකීම
  5. පුටුවල පැය ගණනක් එක දිගට වාඩි වී නොසිටීම
  6. මානසික ආතතිය
  7. නිතර උණුවතුර භාවිතයෙන් ඇඟ සේදීම

කාන්තාවන් තමන්ගේ ගර්භාෂයේ දෝෂ වලට ප්‍රතිකාර ගැනීමට අමතරව පහත දේවල් කිරීම වැදගත්.

මානසික ආතතියෙන් වැලකීම
ප්‍රමාණවත් නින්දක් ලැබීම
ආගමික වතාවත් කිරීම
ප්‍රාණ යම වැනි යෝග ව්‍යායාමයකට යොමු වීම
ජංගම දුරකථනය රාත්‍රියේ ඇඳට ගෙන යාමෙන් වැළකීම

විශේෂ සටහන්

මේ ලිපියේ අරමුණු වූයේ ඔබව අනවශ්‍ය පීඩාවට පත් කිරීම හෝ මේ ඇති කරුණු වලින් ඔබට යම් ගැටලුවක් ඇතිදැයි ස්වයං නිගමන වලට ඔබව යොමු කිරීම නොවේ.

මෙවන් ගැටලු ඔබ තුළ දක්නට ලැබෙනවා නම් වෘත්තීය ආයුර්වේද වෙද්‍යවරයෙක් හමුවී ඔබට ගැටලුවක් ඇති දැයි නිවැරදිව හඳුනා ගන්න. මෙවැනි ගැටලු ඔබටත් ඇතිනම් අවශ්‍ය ප්‍රතිකාර සදහා යොමු වීම වැදගත් යන කරුණ ඔබට ඒත්තු ගැන්වීමයි අපේ අරමුණ.

ඒවගේම මෙවැනි ගැටලු සදහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර තිබෙනවා. වෘත්තීය සුදුසුකම් සහිත ආයුර්වේද වෙද්‍යවරුන් යටතේ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගෙන ඔබේ කිරි සිහිනය සැබෑ කර ගන්න ඔබට පුලුවන්.

තොරතුරු සැපයීම – රුචිරා නිශ්ශංක
බී.ඒ.එම්.එස්(ගෞරව )කොළඹ විශ්ව විද්‍යලය
ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී(වැලිමඩ )

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

දරුවගේ ප්‍රතිශක්තය වැඩි කිරීමට කළ හැකි දේවල්

පොඩි දරුවෙක් ඉන්න අම්මලා තාත්‍තලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දරුවො නිතරම ලෙඩ...

Read More

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ...

Read More

කිරි දෙනකොට කොණ්ඩෙ යන්නෙ ඇයි?

බබා හම්බුනාට පස්සෙ එහෙමත් නැත්නම් කිරි දෙනකොට කොණ්ඩෙ යනඑක ඉතාම සුලබයි. මේකට...

Read More

Related Posts

Post-pregnancy

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න පුලුවන් උත්තරය තමයි ඔව් කියන එක. සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පස්සෙ මේ තත්වය අතිශය

Read More »
Pregnancy

ගර්භනී අම්මා කෙනෙක්ට ආහාර වේලක් දෙනවිට සැලකිලිමත් විය යුතු ම දේවල්

අපේ ලාංකික සංස්කෘතිය ඇතුළේ ගර්භනී මවකට හිමිවන්නේ සුවිශේෂී තැනක්. යාලුවෙක් හරි නෑදෑයෙක් හරි සමහර වෙලාවට වැඩිය නොදන්න කෙනෙක් වුණත් ගර්භනී වුණාම අපි කෑම එකක් හදලා

Read More »
Intimacy

යෝනි ශ්‍රාවවලින් ගැබ් ගැනීමෙන් තොර ලිංගික එක්වීමකට සුදුසු දින හඳුනාගන්නේ කොහොමද?

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් ඇසුරෙන් සරු දින හඳුනාගෙන, ඒවා මග හැර ලිංගික ව එකතු වීමෙන් ගැබ්

Read More »
Post-pregnancy

ප්‍රසූතියෙන් පසු බඩ අඩු කරගන්නා නිවැරදි ක්‍රම

දරු ප්‍රසූතියෙන් පස්සෙ හැම අම්මෙක්ම වදවෙන දෙයක් තමයි ආපහු තමන්ගෙ ශරීරය පරණ තත්වයටම ගන්නෙ කොහොමද කියන එක. බඩ අඩුකරගන්න එක තමයි ඒ අතරින් අමාරුම දේ.

Read More »