hit counter code

ඔබට දරුවෙක් අවශ්‍ය ම ද?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

දරුවෙක් අවශ්‍යද නැද්ද කියලා තීරණය කිරීම ඉතාම සංකීර්ණ අවස්ථාවක්. ඒක ජීවිත කාලය පුරාවටම අත්විදීමට සිදුවන තීරණයක් (lifelong decision එකක්). ආසියානු රටක් ගත්තහම විශේෂයෙන්ම ලංකාව වගේ රටක ළමයා ඉපදෙන්න හීන දකින වෙලේ ඉදන්, ළමයා කුසේ ඉන්න කාලෙ ඉදන්, ළමයා එලියට ආවට පස්සෙ, ළමයා ලොකු කරලා ළමයව කසාද බන්දලා ඒ ළමයගෙ සම්පූර්ණ වගකීම්වලින් මිදෙන්න දෙමාපියන්ට බැහැ. ඒක නිසා, තමන්ට දරුවෙක් අවශ්‍යද නැද්ද කියලා තීරණය කිරීම හරිම serious decision එකක්. මොකද, දරුවා ඉපදුනු දවසෙ ඉදන් මැරෙනකම්ම ඒ දරැවගෙ වගකීම් වලින් නිදහස් වෙන්න දෙමාපියන්ට හැකියාවක් නැහැ. මොකද ලංකාවෙ සංස්කෘතිය හැදිලා තියෙන්නෙ ඒ විදියටයි.

ඉතින් , තමන්ට දරුවෙක් අවශ්‍යද ද නැද්ද කියලා තීරණය කිරීම අතිශය පෞද්ගලික කාරණාවක්. එය තමන්ගේ වගේම තමන්ගෙ සහකරු මත රඳා පවතින්නක්.

දරුවෙක් සෑදීම සම්බන්ධයෙන් තීරණය කිරීමට බලපාන සාධක මොනවද?

මේ සඳහා තමන්ගෙ පෞරුෂය, ආර්ථික, සාමාජීය මෙන්ම සෞඛ්‍ය වැනි වෙනත් විවිධ සාධක බලපානවා.

දරුවන් සෑදීම අවශ‍‍ය නෑ කියන තීරණයට එන්න බලපාන හේතු මොනවාද?

එකක් තමයි අධික මානසික ආතතිය. තමන්ට ජීවිතයේ මුහුණ දෙන්න සිදුවෙලා තියෙන ප්‍රශ්න නිසා ඇතිවන ආතතිය, ආර්ථික ගැටලු නිසා ඇතිවන ආතතිය, සමාජ ප්‍රශ්න නිසා ඇතිවන ආතතිය, තමන්ගේ පෞරුෂත්වය හා සම්බන්ධ සාධක කියන මේ සියල්ලත් සමගම බැඳුණු සාධක නිසා ඇතිවන ස්ට්‍රෙස්ස් එක දරාගන්න බැරි හින්දත් සමහර වෙලාවට දරුවෙක් අත්‍යවශ්‍යමත් නැ කියන අවස්ථාත් තියෙනවා.

තවත් ප්‍රධාන කරුණක් තමයි, දෙමාපියන්ට එකඟතාවයකට එන්න බැරිවීම. දරුවෙක් හදන්න තාත්තට ඕනෙ වුණාට අම්මාගෙ එකඟතාවයක් නෑ ඒකට. එහෙම නැත්තම් අම්මට දරුවෙක් හදන්න ඕනවුණාට තාත්තගෙ කැමැත්තක් නෑ ඒකට. ඒ කියන්නෙ දෙමාපියන් අතරෙ තියෙන මත ගැටුම් සහ ආරවුල්. ඒ දෙන්නා අතරෙ තියෙන personality issues, family issues ඒ දෙන්නගෙ රැකියාව ඉඳන් හැමදේම මේකට බලපාන්න පුලුවන්. වැඩ අධිකවීම, ආතතිය, ජානමය ප්‍රශ්න මේ හැමදේම මේ සදහා බලපාන්න පුලුවන්.

දරුවෙක් සෑදීමට සෞඛ්‍යමය ගැටලු බලපානවද?

ඔව්. සමහර අය දරුවෙක් සෑදීමට කැමති වුණත් මවගේ හෝ පියාගේ තිබෙන යම් කායික හේතු, සඵලතා හේතු නිසා ඔවුන්ට ඒ සදහා හැකියාවක් නොමැතිවන අවස්ථාවන් දැකගන්නට පුලුවන්.

ඒ වගේම තමයි, කායික හා මානසික ගැටලු. පරම්පරාවෙන් පරම්පරාවට එන තැලසීමියා රෝග තත්ව, Marfan syndrome, Myotonic dystrophy වගේ රෝග තත්ව. මානසික රෝග අතින් ගත්තම Schizophrenia, Bipolar affective disorder වගේ රෝග. ඒවා සාමාන්‍යයෙන් පරම්පරාවෙන් පරම්පරාවට යාමේ යම් හැකියාවක් තියෙන රෝග තත්ව. එතකොට මේ වගේ රෝගී තත්ව තියෙන අයත් තමන්ට දරුවෙක් අවශ්‍යද කියන කාරණාව සැලකිල්ලට ගනු ලබනවා.

දරුවෙක් හදන්න අවශ‍‍ය සියලුම සාධක සැපිරුණත්, තමන්ට දරුවෙක් අනවශ්‍යයි කියලා හිතන අයත් අපිට වර්තමානයෙදි දැකගන්නට පුලුවන් නේද?

ඔව්. අපිට එහෙම අවස්ථාත් දකින්නට පුලුවන්. ඒ කියන්නෙ තමන්ට දරුවෙක් අත්‍යවශ්‍යම නෑ කියලා සමහර අය දක්වන හේතු තියෙනවා. එකක් තමයි ආර්ථිකමය සාධක.ඒ කියන්නෙ දරුවෙක් නිර්මාණය කරලා මේ ලෝකයට බිහි කරලා වගකීම් අරගෙන ජීවත් කරවන්න තරම් තමන්ගේ ආර්ථික මට්ටම දරාගන්න බැහැ.

ඒ වගේම සමහර පුද්ගලයන්, දරුවෙක් සාදන්න අවශ්‍ය සියලුම සාධක සැපිරුනත් ඒ දරුවා වෙනුවෙන් කාලය වැය කරන්නට නොහැකිවීම නිසා සහ ඒ සදහා කැපවීමට නොහැකි වීම නිසාත් දරුවන් සෑදීම අනවශ්‍යයි කියන මතයෙ ඉන්නවා.

එක් දරුවෙක් හෝ දරුවන් කිහිප දෙනෙක් ඉන්න පවුල්වල තව දරුවෙක් සෑදීමට යම් මැලිකමක් දක්වනවා නේද?

ඔව්. එක ළමයෙක් ඉපදිලා ඊළග ළමයා හදන්න ගත්තහම ඒකෙන් ඇතිවෙන ස්ට්‍රෙස්ස් එක දෙගුණ තෙගුණවීමත්, ඒවා දැකීමත්, අනිත් අය විඳවනවා දැකීමත් නිසා ඒ වගේ අයත් දරුවන් අත්‍යවශ්‍යම නෑ කියන මතයට එළඹෙන්න පුලුවන්.

ඊට අමතරව මූලික ම කාරණයක් තමයි, මානසික ආතතිය. මං අර කලින් කියපු විදියට ම දරුවෙක් බිහිවුණාට පසු දීර්ඝ කාලයක් ඒ දරුවා හදා වඩා ගන්න දරන ඒ මහන්සිය කැපවීම සමහර අයෙකුට දරාගන්න බෑ. මේ ඇතිවන අධික ආතතිය සමහරෙකුට දරාගන්න අපහසුයි.

සතුට සදහා දරුවෙක් සිටීම අවශය්‍යයි නේද?

දරුවෙක් ලැබීම සතුට සඳහා බලපාන එකම කරුණ නෙමෙයි. සතුට සඳහා කරනු ලබන දේවල් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. තමන්ගෙ ජීවිතයේ තමන් ළඟා කරගන්න බලාපොරොත්තුවෙන ඉලක්ක, අරමුණු කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ඉතින්, ඒත් එක්කම ඔවුන්ගේ සැලසුම් ද වෙනස් වෙනවා. සමහරෙකුට දරුවෙක් ලැබීම ම එකම සතුට වන අවස්ථාවක තවකෙකුට දරුවෙක් ලැබීම ම නෙමෙයි එකම මග සතුට කියන එකට. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වනවා. කෙනෙකුට දරුවන් ලැබීම තමන්ට සතුටක් කියලා හිතෙන විට තව සමහරෙකුට එය බරක් කියලා හිතෙනවා සහ එවැනි අවස්තා අපි දැක තිබෙනවා. එහෙම අවස්තා ඔබත් දැක ඇති. ඉතින් දරුවෙක් ලැබීම ම එකම මග නෙමෙයි සතුටින් ජීවිතය ගත කරන්නට.

දරුවන් සෑදීම සදහා ගනු ලබන තීරණය තම සහකරු සමග ඔවුනට තිබෙන කායික, මානසික, සෞඛ‍ය්‍යමය හා සාමාජීය වශයෙන් ගනු ලබන අතිශය පෞද්ගලික කාරණාවක්.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Parenting

පුංචි පැටියට පෙර පාසලක් සොයනව ද ?

මල් පිපි ඵලබර වූ ගසක් සශ්‍රීයව පලබර වන්නේ  එහි මූල පද්ධතිය ශක්තිමත් නම් පමණි. දෙමාපින්ගේ  වටිනාම සම්පත වන්නේ දරුවන්ය. දරුවන්ගේ අනාගතය පැහැබර කිරීම දෙමාපියන්ගේ ප්‍රධාන

Read More »
Parenting

දරුවාට වෙනත් භාෂාවක් උගන්වන්නේ කොහොමද?

දරුවන්ට නිවසේ පාවිච්චි කරන භාෂාවට අමතරව වෙනත් භාෂාවක් උගන්වන්න පුලුවන්ද? ඒ සඳහා සුදුසුම කාලය මොකක්ද? අද ලිපිය ඒ ගැන.දරුවන්ට භාෂා කිහිපයක් ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා.

Read More »
Parenting

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ නීතිවේදිනියක විසින් ලබාදෙන සත්‍ය කතාවකි. ඉතා සංවේදී සිදුවීමක් බැවින් කතාවට සම්බන්ධ අයගේ නම

Read More »
Parenting

ප්‍රසූත වේදනා දැනෙන තුරු ම ගර්භනී බව නොදැන සිටි මවක්

ඒ සාමාන්‍ය දවසක්. සිල්ලර බඩු වෙළඳ සැලකට ගොස් සිටි කාන්තාවක් හදිසියේ අසනීප ගතියකට ලක් වුණේ නොසිතූ ලෙසට. ඉන්පසුව, ඇය ඒ අසල පිහිටි සුපිරි වෙළඳසැලක වැසිකිලිය

Read More »