hit counter code

දළදා මාළිගාවට දරුවෙක් පූජා කරන්නේ මෙහෙමයි

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

දළදා මාළිගාව ශ්‍රී ලාංකික බෞද්ධයින්ගේ මුදුන් මල්කඩක් වැනියි. කාන්තාවෝ ජීවිතයේ බොහෝ වැදගත් අවස්ථාවල දළදා වහන්සේ හා සම්බන්ධව විවිධ පූජා සිදු කරනවා. ඒ අතරින් ප්‍රධානම දෙය වන්නේ දළදා වහන්සේට දරුවන් පූජා කිරීමයි. මේ ඒ පිළිබඳ සටහනයි.

දළදා වහන්සේට දරුවන් පූජා කරන්නේ ඇයි? 

අනාදිමත් කාලයක පටන් බෞද්ධ බැතිමතුන් සිය ජීවිතය දෙවෙනි කොට ගෙන බුදුහිමි පළමු කොටගෙන සිය ජීවිතය බුදුන්ට පූජා කිරීමේ චාරිත්‍රයක් ඇති බව අප දන්නවා. ජීවමාන බුදුන් තරමට ම බෞද්ධයා ගෞරව කරන්නේ දළදා වහන්සේටයි. දරුවන් දෙමව්පියන්ට ඇති උතුම් ම වස්තුව නිසාම, දරුවන් දළදා වහන්සේට පූජා කිරීම එදා සිට සිදු කරගෙන එනවා. දරුවා නිදුක් – නිරෝගී – සුවපත් වනු පිණිස සුබාශිර්වාද ලබා ගැනීමයි මෙහි අරමුණ වන්නේ.

දරුවන් දළදා වහන්සේට පූජා කළ යුතු වන්නේ කුමන වයස් සීමාවකදී ද? 

සාමාන්‍යයෙන් දරුවකු සෙනග නිතර ගැවසෙන ස්ථානයකට රැගෙන යන්නේ ඉපදී මාස තුනක් ගත වීමෙන් පසුවයි. ඊට හේතුව දරුවාට විෂබීජවලින් කරදර ඇති වීමට හැකි වීමයි. දළදා වහන්සේට දරුවන් පූජා කිරීමේදී මාස තුනට වඩා වැඩි – අවුරුද්දට අඩු දරුවන් පූජා කිරීමයි සිදු වෙන්නේ. 

දළදා වහන්සේට දරුවන් පූජා කිරීමේදී දෙමව්පියන් සූදානම් විය යුත්තේ කෙසේද? 

දෙමව්පියන් දෙදෙනාගෙන් එක් අයෙක්ට හා දරුවාට පමණයි කරඬුව අසලට ම යාහැකි වන්නේ. සියලු දෙනා සුදුවතින් සැරසීම සුදුසුයි. මව සුදු අත්දිග බ්ලවුසයක් සහ සුදු දිග සායක් ඇඳීම සුදුසුයි. මව කලිසම් ඇඳගෙන යාමෙන් ඇයට දරුවා සමග යාමට අවසර ලැබෙන්නේ නැහැ.

දරුවාගේ හිස් වැසුම් පාවහන් සියල්ල ඉවත් කර සුදු පැහැ පහසු ඇඳුමක් අන්දවා සුදු රෙදි කඩක් මත තබා ගත යුතුයි.

මල්, කිරි ආහාර ආදී පූජා භාණ්ඩ අත්‍යවශ්‍ය වන්නේ නැහැ. ඒත් ඔබට සකසා ගත හැකි නම් වඩාත් සුදුසුයි.

පූජාවට පැය දෙකකට පෙර පැමිණීම සෑහෙනවා.

පූජාවට සම්බන්ධ වන්නේ කෙසේද? 

පාන්දර 5.30ට, උදේ 10ට සහ හවස 6ට සතියේ සෑම දිනකම පූජාවන් පැවැත්වෙනවා. 

එහෙත් සති අන්ත දිනවලදී සහ පෝය දිනවලදී සෙනග බහුල වීම ඔබටත් දරුවාටත් අපහසුයි. උදේ පූජාව සහ හවස පූජාවත් දරුවන් සඳහා නුසුදුසු වන්නේ පින්න වැනි ස්වභාවික කාරණා නිසායි. 

මේ සඳහා වඩාත් සුදුසු වන්නේ සතියේ දිනයක උදේ 10 පූජාවයි.

මේ දිනවල දී සනීපාරක්ෂක කටයුතු නිසි පරිදි කරගැනීමට අවශ්‍යවීම විනා වෙනත් විශේෂ දෙයක් නැහැ.

ඔබේ අරමුණ බෞද්ධයින් ලෙස පැරැණි චාරිත්‍ර එලෙසින් ම සිදු කරන්නට ද? එසේනම් මේ ලිපිය ඔබටයි.

ශ්‍රී දළදා මාළිගාවේ දේශීය කටයුතු කාර්‍යාංශයේ ලේකම් කේ. මීගහකුඹුර මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙනි.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

පුතාලට අඬන්න හොඳ නැද්ද?

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?” පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

Related Posts

Parenting

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය දරුවන්ගේ ශාරීරික වර්ධනයට සහ මානසික සංවර්ධනයට උපකාර වන විටමින් සහ ඛනිජ ලවණ බහුල

Read More »
Parenting

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය දරුවන්ගේ ශාරීරික වර්ධනයට සහ මානසික සංවර්ධනයට උපකාර වන විටමින් සහ ඛනිජ ලවණ බහුල

Read More »
Parenting

පිළිකා නසා දරුවන්ගේ මළබද්ධය වළකන ගිතෙල් ගැන දැනගනිමු.

සියවස් ගණනාවක් පුරා ඉන්දියානු ආහාරවල ප්‍රධාන අමුද්‍රව්‍යක් ලෙස ගිතෙල් හඳුනාගත හැකියි. මේදයෙන් වෙන් වන තෙක් බටර් රත් කිරීමෙන් එය සාදන අතර එමඟින් විවිධ අරමුණු සඳහා

Read More »
Parenting

සිරීපාදයෙන් ආ පාචනයේ ඇත්ත කතාව

මේ දවස්වල හැමෝම බයෙන් ඉන්නෙ ශ්‍රී පාදයේ වන්දනාකරුවන්ගෙන් වාර්තා වුනු ලිස්ටීරියා කියන රෝගය ගැන.ලංකාවෙ අපිට එතරම් හුරුපුරුදු රෝගයක් නොවන නිසා ඔබ මේ නම අහලත් නැතිවෙන්න

Read More »