hit counter code

පෝෂණය සුරැකෙන්නට ආහාර පිසිමු

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

පුංචි පැටියා වෙනුවෙන් ආහාර හැදීමේදි වැදගත්ම කාරණාව තමයි ආහාරයේ පෝෂ්‍ය සංඝටක ආරක්ෂා කිරීම. සමහර විට අපි නොහිතා කරන දේවල් නිසා ආහාරවල වැදගත්ම පෝෂ්‍ය පදාර්ථ විනාශ වෙලා යන්න පුළුවන්. ඉතිං පෝෂණය සුරැකෙන්නට ආහාර පිසිමු.

ආහාර වල පෝෂ්‍ය සංඝටක විනාශ වෙන විධි!

වාතයට වැඩි වශයෙන් නිරාවරණය වීම.
එළවළු සහ පළතුරු ඉතා කුඩා කැබලි වලට කපලා තියෙද්දි වාතයට නිරාවරණය වෙන වර්ග ප්‍රමාණය ඉතා වැඩියි. එතකොට විශේෂයෙන් විටමින් C වාතයේ තියෙන ඔක්සිජන් එක්ක ක්‍රියා කරලා විනාශ වෙනවා.

ආලෝකයට නිරාවරණය වීම
විටමින් A,B2, B6, B12 සහ ෆෝලික් අම්ලය ආලෝකය හමුවේ විනාශ වෙනවා.

පරණ සහ වැඩිපුර ඉදුණු එළවළු සහ පළතුරු.
එය ඉතා සරල දෙයක්! ආහාර පරණ වෙද්දි සහ කල්ගත වෙද්දි පෝෂ්‍ය පදාර්ථ විනාශ වෙනවා.

ඉතිං දරුවා වෙනුවෙන් පිසින ආහාර වල පෝෂ්‍ය ගුණය රැකගන්නේ කොහොමද?

එළවළු පිසින්නට කලින් කපන්න.
ඒ කියන්නේ එළවළු කපලා පැයක් දෙකක් තිබෙන්නට හැරලා ඒවා පිසින්නට ගන්න එපා. ඔබ ආහාර පිසින්නට සූදානම් වූ වෙලාවට පමණක් අදාළ එළවළුව කපාගන්න.
ඔබට කැපූ එළවළු ශීතකරණයේ හෝ ගබඩා කර තබා ගැනීමට සිද්ධ වෙනවා යැයි සිතමු. එවිට හොඳින් තද කර වැසිය හැකි මූඩියක් සහිත භාජනයක ඒවා දමන්න.

පලතුරු කෑමට පෙර පමණක් කපන්න.
ඔබ දරුවාට යම් පළතුරක් කැවීමට සිතනවානම් කැවීමට සූදානම් වූ විට පමණක් පළතුරු කපා ගන්න.පළතුරු කපා තබා පසුව දරුවාට කවන්න එපා.

ඳුරු බඳුන් වල පිසූ ආහාර ගබඩා කර තබන්න.
ඔබට ආහාර පිසීමට හෝ පිසූ ආහාර දරුවාට කවන්නට පෙර පැය කිහිපයක් ඒවා තබාගත යුතුනම් ආලෝකය නොවැටෙන පරිදි අඳුරු භාජන වල ඒවා ගබඩා කරන්න. එවිට ආලෝකය හමුවේ පෝෂ්‍ය සංඝටක විනාශ වීම වැළකෙනවා ඇති.

නිතරම අලුත් එළවළු සහ පළතුරු මිලදී ගන්න, හැකිතාක් ඔබම වගාකරගන්නට බලන්න.
අලුත් එළවළු සහ පලතුරු පෝෂ්‍ය ගුණයෙන් ඉහළයි. ඒ වගේම ඔබ දරුවා වෙනුවෙන් ගෙවත්තේ එළවළු, සහ පලතුරු වගාකරගෙන ඇත්නම් කිසිම වස විසකින් තොර ආහාර වේලක් දරුවා වෙනුවෙන් සකසාගත හැකියි.

ආහාර හුමාලයෙන් තම්බා ගන්න.
පෝෂ්‍ය සංඝටක රැකෙන පරිදි ආහාර පිසින්න හොඳම විදිය තමයි ස්ටීම් කරගන්න එක. ඔබට මේ සඳහා ස්ටීමරයක් පහසුවෙන් භාවිතා කළ හැකියි. වතුරේ දියවෙන විටමින් ආරක්ෂා කරගන්න පහසුම විදිය තමයි ස්ටීම් කරගන්න එක. ඒ වගේම ප්‍රෙෂර් කුකර් එකකුත් මේ සඳහා යෝග්‍යයයි.

අනවශ්‍ය පරිදි වැඩිපුර ආහාර පිසින්නට එපා.
බොහෝ විටමින් වර්ග සහ ඛනිජ ලවණ අධි උෂ්ණත්වය යටතේ බොහෝ වේලාවක් පවතිද්දි විනාශ වෙනවා. එය මඟ හරවා ගැනීමට ඔබ ආහාර තැම්බුණ වහාම ලිපෙන් භාජනය ඉවත් කරන්න. හුමාලයෙන් තැම්බෙන්නට හරින්න.

ආහාර තම්බා ගැනීමට වතුර අඩුවෙන් භාවිතා කරන්න.
වතුරේ දියවෙන විටමින් වර්ග ආහාරයෙන් ඉවත්වීම මින් වලක්වා ගත හැකියි. හැකිතාක් හුමාලයෙන් තම්බා ගන්න.

ඉතා සිහින් සහ කුඩාවට එළවළු පළතුරු කපන්නට එපා!
එවිට ආහාර වල නිරාවරණය වන සමස්ත පෘෂ්ඨ වර්ගඵලය වැඩිවනවා. එමඟින් පෝෂ්‍ය සංඝටක පහසුවෙන් ඉවත් වන්නට පුළුවන්. තරමක ප්‍රමාණයට පමණක් ආහාර කපාගන්න. පලා ආදී කොළ වර්ග ඉතා සිහින්ව ලියා පිසින්නට එපා.

දරුවා සඳහා ආහාර තලපයක් සාදාගැනීමේදි මත් ගාගන්න.
කිසිවිටෙක බ්ලෙන්ඩරයෙන් ආහාර පොඩිකරගන්න එපා. එවිට ආහාර වල අඩංගු තන්තු විනාශ වෙනවා. එසේම හැකි සෑමවිටම දරුවා වෙනුවෙන් පලතුරු, පලතුරු වශයෙන්ම කැවීමට උත්සාහ කරන්න. යුෂ සෑදීමේදි පලතුරු වල තන්තු විනාශ වන නිසා එය වඩාත් හොඳයි.

සමබර ආහාර වේලක් ඔබේ දරුවාට ලබාදෙන්න.

ආහාරයෙන් පසුව දරුවාට උණුකර නිවාගත් පිරිසිදු වතුර පමණක් ලබාදෙන්න.

මෙමගින් ඔබට දරුවා වෙනුවෙන් පෝෂ්‍ය ගුණය උපරිමයෙන් රැකුණු ආහාර වේලක් ලබාදිය හැකියි…

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

දරුවගේ ප්‍රතිශක්තය වැඩි කිරීමට කළ හැකි දේවල්

පොඩි දරුවෙක් ඉන්න අම්මලා තාත්‍තලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දරුවො නිතරම ලෙඩ...

Read More

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ...

Read More

කිරි දෙනකොට කොණ්ඩෙ යන්නෙ ඇයි?

බබා හම්බුනාට පස්සෙ එහෙමත් නැත්නම් කිරි දෙනකොට කොණ්ඩෙ යනඑක ඉතාම සුලබයි. මේකට...

Read More

Related Posts

Parenting

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ නීතිවේදිනියක විසින් ලබාදෙන සත්‍ය කතාවකි. ඉතා සංවේදී සිදුවීමක් බැවින් කතාවට සම්බන්ධ අයගේ නම

Read More »
Parenting

ප්‍රසූත වේදනා දැනෙන තුරු ම ගර්භනී බව නොදැන සිටි මවක්

ඒ සාමාන්‍ය දවසක්. සිල්ලර බඩු වෙළඳ සැලකට ගොස් සිටි කාන්තාවක් හදිසියේ අසනීප ගතියකට ලක් වුණේ නොසිතූ ලෙසට. ඉන්පසුව, ඇය ඒ අසල පිහිටි සුපිරි වෙළඳසැලක වැසිකිලිය

Read More »
Parenting

අම්මගෙ කේන්තිය පිට වෙන්නේ දරුවො පිටින් ද?

දෙමව්පියන්ගේ ඕනෑ ම හැසිරීමක් දරුවන්ට බලපානවා. කේන්තිය කියාත් වෙනසක් නැහැ. අම්මාගේ කේන්තිය වගේ ම තාත්තාගේ කේන්තියත් එහෙමයි. අපි අද කතා කරන්නේ අම්මාගේ කේන්තිය දරුවන්ට බලපාන

Read More »