hit counter code

පියා විසින් ජීවත් වීමේ අයිතිය උදුරාගත් දරු දෙදෙනාගේ ඛේදවාචකය පිලිබඳ මනෝ විද්‍යාත්මක පැතිකඩ

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

මෑත කාලයේ කිහිප විටක් ම දරුවන්ගේ ද දිවි තොර කර මව හෝ පියා සිය දිවි හානි කරගන්නා සිදුවීම් බහුලව වාර්තා වුණා. නැවතත් මෙවන් සංවේදී පුවතක් ඊයෙ (6)වනදා අරනායක ප්‍රදේශයෙන් වාර්තා වුණේ ඉතාම අවාසනාවන්ත ලෙසින්. මේ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල බහුලව කතා වෙනවා. කුමන තත්ත්වයක් යටතේ වුවත් තම දරුවන්ගේ ජීවිත නැති කිරීම පිළිබඳ තීරණය දෙමව්පියන්ට ගත නොහැකි ය.

දෙමාපියන් ලෙස වර්තමානයේ දී මුහුණ දෙන්නට වෙන අභියෝග රාශියක් තිබෙනවා. නමුත් මෑතකාලීනව දෙමාපියන් කිහිප දෙනෙක් ම දරුවන්ගේ ජීවිත ද නැති කර සියදිවි හානි කරගැනීමේ ප්‍රවණතාවක් වාර්තා වෙනවා.

මෙම සිදුවීම අරණායක පොලිස් බල ප්‍රදේශයේ පොල්අඹේගොඩ ගොඩිගමුව වෙල්යාය මැද ඇති ඉපැරණි අම්බලම ඇති ස්ථානයේ දී සිදුවී තිබුණ බවත් වාර්තා වෙනවා. 33 හැවිරිදි පියා අවුරුදු 6 සහ 9 වයස් වල දරුවන් ද සමඟ දිවි තොර කරගෙන තිබුණා.

පියා එල්ලී සිටි ලණුව ආසන්නයේ තවත් ලණු දෙකක් වූ අතර එම ලණු කැඩී ගොස් තිබූ අතර මිය ගොස් ඇති දියණියගේ පාදය ආසන්යේ එක් ලණුවක් දැක ගැනීමට හැකි වුණා.

දරුවන්ගේ මවගේ පියා පවසන පරිදි දරුවන්ගේ මව සහ පියා අතර වූ ගැටුමක් මීට මුල් වී තිබෙනවා.

“මේ මිය ගිහින් මාගේ බෑනා සහ මාගේ දුවගේ එකම දරුවන් දෙදෙනා. දුවයි පුතායි. බෑනාගේ අම්මාගේ මහ ගෙවල් තියෙන්නේ ගිරිඋල්ලේ දැනට මාස දෙකට කලින් දරුවන් පාසල් ගිහින් හිටියේ අපේ ගෙදර අරණායක ගොඩිගමුවේ. බෑනා දරුවන් පාසල් වලින් අස් කරගෙන දුවත් එක්කම ගිරිඋල්ලට එක්ක ගියා. එහේ ඉන්නකොට දෙන්නා ආරවුලක් ඇති කරගෙන මාගේ දුව අපිට කතා කරලා කිවා කඩුවක් අරන් මං පස්සේ පන්නනවා මරන්න කියලා. දුව කතා කලේ හැංගිලා ඉදලා අපි ඊට පස්සේ ත්‍රීවිල් එකක් අරන් ගිහින් දුව ගොඩිගමුව ගෙදරට එක්ක ආවා. 05 වැනිදා උදේ අරණායක පොලිසියේ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් දැම්මා. ඒ පැමිණිල්ල විභාග කරන්න තිබුණේ 06 වැනිදා උදේ 10 ටයි. 05 වැනිදා හවස බෑනා දරුවන් දෙදෙනා බයිසිකලයෙන් ගොඩිගමුව අපේ ගෙදරට ආවා.

දරුවන් ඇවිත් කෑම බිම කලා අයිස් ඔනෑ කිවා මම කිවා ෆ්‍රිජ් එකේ ඇති කන්න කියලා ඒවාත් කලා සතුටින් හිටියා. හවස බෑනා යන්න ලෑස්ති වුනා දරුවන් දෙදෙනා එක්ක මම කිවා දරුවන් අරන් දැන් යන්න ඔනෑ නැහැ. හෙට නැවත එන්නත් ඔනෑනේ කියලා. දරුවන් පාසල් යවන්නත් ඕනෑ ඒ නිසා එක්ක යන්නම් කියලා කිවා. ඉතින් එයාගේ ළමයිනේ මට බල කරන්නත් බෑනේ. ඒ අනුව හවස 05 ට විතර එක්ක ගියා. රාත්‍රී 12.15 ට විතර කෝල් එකක් මට ආවා බෑනාගෙන්. බෑනා ගිය බයිසිකලයේ රේසර් ගියා බයිසිකලය දාලා පයින් යනවා කියලා. මම කිවා පයින් ගියාට කමක් නැහැ බොහෝම පරිස්සමින් ළමයි දෙන්නා එක්ක යන්න දරුවන්ට නිදිමතත් ඇති කියලා. උදේ එන්න කියලාත් කිවා. එහෙම ගිය පාර තමයි උදේ වෙන කොට මේ සිද්ධිය වෙලා තිබුණේ.”

මේ සම්බන්ධයෙන් තවමත් පරික්ෂණ සිදු කරමින් පවතිනවා.

මේ සිදුවීම පවුල් ආරවුලක්. මේ පියා මේ ගැටලුව විසඳා ගැනීමේ මාර්ගය ලෙස තෝරාගෙන ඇත්තේ දරුවන්ගේ ජීවිත ද නැති කොට තමනුත් දිවි හානි කර ගැනීමයි. සහ එහි මනෝ විද්‍යාත්මක පසුබිම ගැන මනෝ විද්‍යාඥ සමිතා ඇතුළුදොරආරච්චි මහත්මිය දක්වන්නේ මෙවැනි අදහසක්.

ඒ සිදුවීම සම්බන්ධයෙන් සලකා බලද්දී ඒ පුද්ගලයාට පවුල් ආරවුල සම්බන්ධ සිදුවීම දරා ගැනීමට ශක්තියක් තිබී නැති බව පැහැදිලියි. ඔහුට අවශ්‍ය වන්නට ඇත්තේ බිරිඳට රිදවීමටයි. එසේ වන්නට හේතුව ඔහු තුළ ඇති පෞරුෂ ආබාධයක් හේතු වන්නට ඇති. එවැනි තත්ව සහිත මිනිස්සු සමාජයේ ඕනෑ තරම් සිටිනවා. විශේෂයෙන්ම නව පරම්පරාවේ අයට ප්‍රශ්න දරා ගැනීමේ හැකියාව ඉතාම අඩුයි. ප්‍රශ්න විසඳා ගැනීමට විකල්ප පවතිනවා. නමුත් නව පරම්පරාවට පරිකල්පන හැකියාව ඉතාම අඩුයි. විනාශකාරි අවසානයක් හැරෙන්නට ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාවන් ඔවුන්‍ට පෙනෙන්නේ නෑ. ඒ වගේම ඔහුට පෞරුෂ ආබාධයක් ද තිබිය යුතුමයි. නමුත් මේ වැනි චරිත ස්වභාව තියෙන අය මිසක වෙනත් අය මේ වැනි කාරණා රැල්ලක් කරගැනීමට ඉඩක් නෑ. රණ්ඩු කර හෝ කාරණා පැහැදිලි කර දේවල් දිනාගන්නට ඉඩක් නැති කෙනෙක් මේ වගේ අවස්ථාවකට නැඹුරු විය හැකි ඉඩ වැඩි බවයි කියන්නට පුලුවන්. ජීවිතය තුළ අපිට ප්‍රශ්න එනවා. නමුත් ඒවා විසඳා ගැනීම තමයි කළ යුතු වෙන්නේ. තව කෙනෙකු මත යැපෙන්නට උත්සාහ නොකර තමන් ස්වාධීන වීමට තරුණ පරම්පරාව උත්සාහ කළ යුතුමයි.

ඇත්තට ම දෙමව්පියන් වශයෙන් අපට වගකීමක් තිබෙනවා. ඔබේ දරුවන්ට අභියෝග ජය ගැනීමටත්, ගැටලු නිසි පරිදි කළමනාකරණය කර ගැනීමටත් කුඩා කල සිටදීම කියා දෙන්න. මෙවන් අවාසනාවන්ත තත්ත්වයන් වළක්වා ගැනීමේ මූලික පියවර එය බවයි Babynmom.lk අපගේ පණිවිඩය වන්නෙ.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

පුතාලට අඬන්න හොඳ නැද්ද?

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?” පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

Related Posts

Parenting

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය දරුවන්ගේ ශාරීරික වර්ධනයට සහ මානසික සංවර්ධනයට උපකාර වන විටමින් සහ ඛනිජ ලවණ බහුල

Read More »
Parenting

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය දරුවන්ගේ ශාරීරික වර්ධනයට සහ මානසික සංවර්ධනයට උපකාර වන විටමින් සහ ඛනිජ ලවණ බහුල

Read More »
Parenting

පිළිකා නසා දරුවන්ගේ මළබද්ධය වළකන ගිතෙල් ගැන දැනගනිමු.

සියවස් ගණනාවක් පුරා ඉන්දියානු ආහාරවල ප්‍රධාන අමුද්‍රව්‍යක් ලෙස ගිතෙල් හඳුනාගත හැකියි. මේදයෙන් වෙන් වන තෙක් බටර් රත් කිරීමෙන් එය සාදන අතර එමඟින් විවිධ අරමුණු සඳහා

Read More »
Parenting

සිරීපාදයෙන් ආ පාචනයේ ඇත්ත කතාව

මේ දවස්වල හැමෝම බයෙන් ඉන්නෙ ශ්‍රී පාදයේ වන්දනාකරුවන්ගෙන් වාර්තා වුනු ලිස්ටීරියා කියන රෝගය ගැන.ලංකාවෙ අපිට එතරම් හුරුපුරුදු රෝගයක් නොවන නිසා ඔබ මේ නම අහලත් නැතිවෙන්න

Read More »