hit counter code

සීසර් කළාම දරු දුක නැද්ද?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

දරුදුක කියන්නෙ මොකක්ද?

දරු දුක, එහෙමත් නැත්නම් මව සහ අලුත උපන් දරුවා අතර ඇති බැඳීමට හේතු වෙන්නෙ මොලයේ සිදුවන රසායනික ප්‍රතික්‍රියාවක්. මේ ස‍ඳහා මූලික වෙන්නෙ මොලයේ හයිපොතැලමස කියන කොටසෙන් නිශ්පාදිත ඔක්සිටොසින් කියන හෝමෝනය. මේ හෝමෝනයේ ප්‍රධාන කාර්යය තමයි ගර්භාෂයේ සංකෝචන ඇතිකිරීම මගින් දරු ප්‍රසූතිය පහසු කරවීම. සාමාන්‍ය දරු ප්‍රසූතියක් වේගවත් කරන්න ලබාදෙන Synto කියන්නෙත් මේ ඔක්සිටොසින් ම තමයි. 

ඔක්සිටොක්සින්වල වෙනත් කාර්‍යභාරයන් මොනවද? 

මීට අමතරව බබෙක් ඉපදුනාට පස්සේ මව්කිරි ස්‍රාවය සිදුවෙන්නෙත් ඔක්සිටොසින් හින්දයි. ඒ විතරක් නෙමෙයි. අපේ හිතේ ආදරයක් ඇතිවුනාම, ලිංගික උද්දීපනයක් වුනාමත් මේ හෝමෝනය නිකුත්වෙනවා. ඒ හින්දම ඔක්සිටොසින් හෝමෝනයට සතුටු හෝමෝනය (Love/Cuddle Hormone) කියලත් කියනවා. 

අලුත උපන් බබෙක් අරන් තමන්ගෙ ගෙදරට ගියාම අම්මෙක්ට අහන්න වෙන දේවල් ඔබ දැකල ඇති. සමහරවිට අත්විඳලත් ඇති. ඒ අතරින් ගොඩක්ම හිත රිදෙන කතාවක් තමයි සීසර් කරපු අම්මල බබාට ආදරේ අඩුයි කියන එක. එහෙමත් නැත්නම් ඒ අම්මලට දරු දුක දැනෙන්නෙ නෑ කියන එක. මේ කතාව ඇත්තක්ද? අම්මයි බබයි අතර බැඳීම ඇතිවෙන්නෙ රසායනිකයක් හින්දා නං, ඒ රසායනිකය නිකුත්වෙන විදිය දරුවා බිහිකරන ක්‍රමයත් එක්ක වෙනස් වෙන්න පුළුවන් ද? අපි අද ලිපියෙන් මේ කතාවෙ ඇත්ත නැත්ත හොයල බලමු. 

මේ ගැන කරලා තියෙන විද්‍යාත්මක පර්‍යේෂණ තියෙනවාද ? 

මුලින්ම අපි මේ සම්බන්ධයෙන් තියෙන විද්‍යාත්මක කරුණු ටිකක් කියවමු. මේ කතාව ලංකාවෙ මිත්‍යා විශ්වාසයක් වගේ හිතුනට ලෝකෙ විද්‍යාඥයෝ ගොඩක් මේ කාරණේ ගැන සැලකියයුතු පර්‍යේෂණ ප්‍රමාණයක් කරල තියෙනවා.

ඇමරිකාවෙ යේල් විශ්වවිද්‍යාලයෙ පර්‍යේෂක කණ්ඩායමක් මාසයක් ඇතුලත දරුවන් බිහිකරපු අම්මලා 12 දෙනෙක් තෝරගෙන පරීක්ෂණයක් කරල තියෙනවා. ඒ මව්වරු කණ්ඩායමෙන් 6 දෙනෙක් සාමාන්‍ය විදියට දරුවා බිහිකල මව්වරු. අනිත් 6 දෙනා සීසර් සැත්කමකින් තමයි දරුවන් බිහිකරල තියෙන්නෙ. දරුවන් බිහිවෙලා හරියටම සති හතරකට පස්සේ, diaper මාරු කරද්දී  බබා අඬන වෙලාවට මේ මව්වරුන්ගේ මොලයේ ක්‍රියාකාරීත්වය බලන එක තමයි මේ පර්‍යේෂණයෙන් කරල තියෙන්නෙ. ඒ මොලයේ ස්කෑන් පරීක්ෂණයක් මඟින්. 

පර්‍යේෂණය ඉවර වුණාට පස්සෙ, සීසර් කරපු අම්මලට වඩා සාමාන්‍ය ප්‍රසූතියකින් බබාල ලැබුණු අම්මලගෙ මොලයේ සමහර කොටස්වල වැඩි ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරල තියෙනවා. මේ ප්‍රථිපලයෙන් පස්සේ පර්‍යේෂණය කරපු විද්‍යාඥයන්ගේ මතය වුණේ, “සාමාන්‍ය ප්‍රසූතියකදී ඔක්සිටොසින් හෝමෝනය නිකුත්වෙන වේගය සීසර් සැත්කමකින් පස්සේ නිකුත්වෙන වේගයට වඩා වැඩියි කියන එක. ඒ වේගයේ වෙනස හින්දා සාමාන්‍ය විදියට දරුවන් බිහිකරපු අම්මලා බබාලා ‍අඬන එකට වේගයෙන් ප්‍රතිචාර දක්වනව. ඒත් එහෙම ඉක්මනින් ප්‍රතිචාර දක්වනවා කියන එකෙන් ඔවුන් අනිත් අයට වඩා හොඳ මව්වරුන් කියලා කියවෙන්නෙ නෑ. හොඳ මවක් වීමට ඇයගේ ජීවිතයේ පලපුරුද්ද, තමන්ගේ සහකරුගෙන් ලැබෙන උදව්, සාමාජීය හා සංස්කෘතික සාධක වගේ දේවල් ගොඩක් බලපානව.” 

එතනින් නවත්තන්නෙ නැතුව මේ විද්‍යාඥ පිරිස පර්‍යේෂණය තවදුරටත් සති 3ක් ඉදිරියට කරගෙන ගිහින් තියෙනව. කාලය යන්න යන්න මේ මව්වරු කණ්ඩායම් දෙක අතර ඔක්සිටොසින් නිකුත්වෙන වේග වල වෙනස අඩුවෙලා තියෙනව. අන්තිමට ඒ වෙනස නොසලකා හරින්න පුලුවන් මට්ටමටම ඇවිල්ල තියෙනවා. ඒ කියන්නෙ බබා අඬන වෙලාවට කණ්ඩායම් දෙකේම ඔක්සිටොසින් නිකුත්වෙන වේගයන් සමාන වෙලා! 

දැන් මොකද හිතෙන්නෙ!

දැන් මේ ලිපිය කියවගෙන යනකොට ඔබට හිතෙනවනම් සීසර් එකකට ගියෙ අපරාදෙ! නෝමල් යන්න තිබ්බෙ වගේ දේවල්, ඔබ ඒ ගැන කොහෙත්ම වද වෙන්න ඕනෙ නැහැ. ඒ මොකද කියනවනම්, මේ ඔක්සිටොසින් නිකුත්වන වේග වල වෙනස තියෙන්නෙ දරු ප්‍රසූතියෙන් මාසයක් එක හමාරක් වගේ පොඩි කාලයක් විතරයි.බබාට මව්කිරි දෙන එක මගින් ඔක්සිටොසින් නිකුත්වෙන වේගය වැඩි කරගන්න ඔබට පුළුවන්. ඔක්සිටොසින් නිකුත්වෙන එක උද්දීපනය කරන හොඳම විදිය තමයි මව්කිරි දෙනඑක! ඒක විද්‍යාත්මකව තහවුරු වෙලා තියෙන කාරණයක්. 

අනික සීසර්/නෝමල් මොන ක්‍රමයෙන් දරුවා බිහිකලත් අන්තිමට අපි බලාපොරොත්තු වෙන්නෙ නීරෝගී මවක් හා නීරෝගී දරුවෙක් මේ ලෝකෙට දායාද කරන එක විතරමයි. උතුම් මව් පදවිය ලබන්න ඔබ වාසනාවන්ත වුනා කියන්නෙ, ඒකම කොච්චර ලොකු දෙයක්ද. කොයි විදියට දරුවා බිහිකළත් දරුවෙක් කෙරෙහි තියන වගකීමත් වගවීමත් වෙනසක් වෙන්නේ නෑ..

සම්පත් දායකත්වය –

S. එදිරිසිංහ – MBBS (Rajarata)
(SLMC registration No:43303)
පේරාදෙණිය ශික්ෂණ රෝහල

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

දරුවාගේ සුව නින්ද බුද්ධි වර්ධනයට මනා රුකුලක්!

නින්ද කියන්නෙ හැමෝගෙම ජීවන රටාවල අත්‍යවශ්‍ය සහ ඉතාම වැදගත් කොටසක්. නීරෝගී පුද්ගලයෙක්...

Read More
බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට

අලුත් පැටියට බාලගිරි දෝෂය ද?

අලුතෙන් ගෙදරට ගෙනාපු පැටියා නවත්තන්නෙම නැතුව අඬනකොට අපේ අම්මලා නැන්දම්මලා කියන්නෙ බබාට...

Read More

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න...

Read More

Related Posts

Parenting

අලුත් අම්මා කෙනෙකුට ඔක්කොම එපා වෙන්නේ පසු ප්‍රසව විශාදය නිසා විය හැකියි

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරිනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) ජීවිතය තුළ ඉටු කරගත යුතු සිහින හැම යුවතියකටම තියෙනවා. දිලානිටත්

Read More »
Parenting

අලුත් බබෙක් ගේනකොට තාත්තාගේ සහයෝගය ගන්නෙ මෙහෙමයි

පළමුවැනි වතාවට පියපදවියට පිවිසෙන තාත්තා කෙනෙක් ඒ වගකීම ගැන හොඳින් දැනගෙන හිටියෙ නැත්නම් ඒ‍ නිසා වැඩියෙන් ම අපහසුවට පත්වෙන්න සිද්ධවෙන්නෙ බබාගෙ අම්මටයි. මවක් වීම කාන්තාවකට

Read More »
Parenting

සිරුරේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන තැම්බුම් හොද්දක් නිවැරදිව හදන්නෙ මෙහෙමයි

තැම්බුම් හොදි ආහාරයට ගැනීමෙන් ලැබෙන වාසි මෙහි ගුණ ඉතාම අධිකයි. සියඹලා නිසා මළ බද්ධය අඩු වෙනවා. සුදුළූණු වල පිළිකා නැති කිරීම, පිත අඩු කිරීම, මළ

Read More »
Parenting

දුර්ලභ රෝගයක් නිසා ප්‍රසූතියේදී දෙපා අහිමි වූ මව

ඔබ දරු ප්‍රසූතිය සඳහා රෝහලක සිටින විට ලබා ගන්නට යන මුළු අත්දැකීම ගැනම විවිධ දේවල් ඔබේ මනසට නැඟෙන්න පුලුවන්. ඔබ සහ ඔබේ කුඩා දරුවා ජීවිතයට 

Read More »