hit counter code

සිරුරේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන තැම්බුම් හොද්දක් නිවැරදිව හදන්නෙ මෙහෙමයි

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

තැම්බුම් හොදි ආහාරයට ගැනීමෙන් ලැබෙන වාසි

මෙහි ගුණ ඉතාම අධිකයි. සියඹලා නිසා මළ බද්ධය අඩු වෙනවා. සුදුළූණු වල පිළිකා නැති කිරීම, පිත අඩු කිරීම, මළ බද්ධය නැති කිරීම, කොලෙස්ටරෝල් පාලනය,රුධිරයේ සීනි පාලනය,බැක්ටීරියා සහ වෛරස් වලට ඔරොත්තු දෙන ප්‍රතිශක්තිකරණ ඇති කිරීම, වේදනා නාශක ගුණ පවතිනවා.අනිත් කුළුබඩු වලත් බොහෝ ගුණ පවතිනවා. විශේෂයෙන්ම මෙහි ලවණ ගතිය අධික නිසා විජලනයෙන් ඔබව ආරක්ෂා කරනවා.

ආයුර්වේදයට අනුව තැම්බුම් හොද්ද ආහාරයට ගන්න ඕනෑ ඇයි?

  • මළ බද්ධය ඇති අවස්ථාවක
  • දරු ප්‍රසූතියකට පසු ශරීරයේ වෙහෙස සහ වේදනාව දුරු කිරීමට
  • තුවාල සුව වීම ඉක්මන් කිරීමට
  • ආහාර රුචිය වැඩි කිරීමට
  • ඔසප් වේදනා අඩු කිරීමට
  • උදරාබාධ වලට
  • බඩ පිපුමට සහ වමනයට
  • ශරීරය සිසිල් කිරීමට
  • බැක්ටීරියා සහ වෛරස් වලින් ආරක්ෂා වීමට
  • විජලනයෙන් ආරක්ෂා වීමට

නිවැරදිව තැම්බුම් හොද්දක් හදා ගන්න හැටි තමයි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඇට ඉවත් කළ සියඹලා ගුලියක්
  • සුදුළූණු ගෙඩි 2ක්
  • ගම්මිරිස් ඇට තේ හැඳි 2ක්
  • සිහින්ව ලියා ගත් රතු ළූණු
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • උළුහාල් තේ හැඳි 2ක්
  • කරපිංචා අහුරක්
  • කොත්තමල්ලි ඇට
  • සූදුරු තේ හැදි 2
  • මහදුරු තේ හැදි දෙකක්
  • ලුණු

සාදන ක්‍රමය

  • කොත්තමල්ලි, සුදුරු සහ මහදුරු කෑලි සිටින සේ කොටාගන්න.
  • එය පිරිසිදු රෙදි කඩක පොට්ටනියක් සේ සකසා ගන්න.
  • මෙය සහ අනිත් ද්‍රව්‍ය සියල්ල මැටි භාජනයකට දමා ගන්න.
  • වතුර කෝප්ප හතක් එකතු කරන්න
  • මඳ ගින්දරේ හින්දවා ගන්න
  • පොට්ටනිය ඉවත් කර ආහාරයට ගන්න
  • කෑමට වගේම බීමටත් පුලුවන්

අපේ පැරණි ආහාර රටා සහ ඖෂධ වල ගුණ සැබෑවටම දැනෙන කාලයක් අපි පසු කරමින් ඉන්නවා. ඒ නිසා ප්‍රතිශක්තිකරණය පවත්වා ගැනීම වගේ කාරණාවලට තැම්බුම් හොද්දෙනුත් විසඳුම් හොයා ගන්න ඔබට පුලුවන් වෙයි. කුඩා දරුවන්ට දෙනවා නම් විශේෂයෙන් ආයුර්වේද වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

දරුවාගේ සුව නින්ද බුද්ධි වර්ධනයට මනා රුකුලක්!

නින්ද කියන්නෙ හැමෝගෙම ජීවන රටාවල අත්‍යවශ්‍ය සහ ඉතාම වැදගත් කොටසක්. නීරෝගී පුද්ගලයෙක්...

Read More
බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට

අලුත් පැටියට බාලගිරි දෝෂය ද?

අලුතෙන් ගෙදරට ගෙනාපු පැටියා නවත්තන්නෙම නැතුව අඬනකොට අපේ අම්මලා නැන්දම්මලා කියන්නෙ බබාට...

Read More

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න...

Read More

Related Posts

Parenting

අලුත් අම්මා කෙනෙකුට ඔක්කොම එපා වෙන්නේ පසු ප්‍රසව විශාදය නිසා විය හැකියි

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරිනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) ජීවිතය තුළ ඉටු කරගත යුතු සිහින හැම යුවතියකටම තියෙනවා. දිලානිටත්

Read More »
Parenting

අලුත් බබෙක් ගේනකොට තාත්තාගේ සහයෝගය ගන්නෙ මෙහෙමයි

පළමුවැනි වතාවට පියපදවියට පිවිසෙන තාත්තා කෙනෙක් ඒ වගකීම ගැන හොඳින් දැනගෙන හිටියෙ නැත්නම් ඒ‍ නිසා වැඩියෙන් ම අපහසුවට පත්වෙන්න සිද්ධවෙන්නෙ බබාගෙ අම්මටයි. මවක් වීම කාන්තාවකට

Read More »
Parenting

දුර්ලභ රෝගයක් නිසා ප්‍රසූතියේදී දෙපා අහිමි වූ මව

ඔබ දරු ප්‍රසූතිය සඳහා රෝහලක සිටින විට ලබා ගන්නට යන මුළු අත්දැකීම ගැනම විවිධ දේවල් ඔබේ මනසට නැඟෙන්න පුලුවන්. ඔබ සහ ඔබේ කුඩා දරුවා ජීවිතයට 

Read More »
Parenting

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය දරුවන්ගේ ශාරීරික වර්ධනයට සහ මානසික සංවර්ධනයට උපකාර වන විටමින් සහ ඛනිජ ලවණ බහුල

Read More »