hit counter code

පොත් කියවන දරුවෙක් හදමු

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

දරුවාව පොත් දීමට සුදුසු ම වයස දන්නවාද?

පොත් එක්ක තිබෙන සුන්දර බැඳීම කුඩා දරුවෙක්ගේ ජීවිතය වෙනස් මගකට ගෙන යාමට සමත් වෙනවා.මෙහිදී බොහෝ දෙමාපියන් මෙන්න මෙහෙම කියනවා.

”අනේ අපේ බබාට තවම මාස හයයි.එයාට මොන පොත් ද”

මෙය ඉතාමත්ම සාවද්‍ය සහ නොදන්නා බව නිසා සිදු කරන ප්‍රකාශයක් බැවින් ඔබේ දරුවාට පොත් කියවීමට ලබා දිය යුතු නිවැරදි වයස වගේම නිවැරදි ක්‍රම වේදය ගැන ද අප මනාව දැනුවත් වෙමු.

දරුවාට පොත් ලබා දීමට සුදුසු වයස කුමක්ද?

භාෂා විශාරදයන් සේම මේ පිළිබඳව පර්‍යේෂණයන්හි නියැලෙන්නන් පවසන්නේ මාස තුනේ සිට දරුවන්ට වර්ණවත් චිත්‍ර සහිත පොත් ලබා දීම කලහැකි බවයි.මේ සඳහා රෙදි වලින් නිර්මාණය කර තිබෙන ක්ලෝත් බුක්ස් තිබෙන අතර දරුවාගේ ඇඟිලි තුඩු වලින් මේ ලස්සන පින්තූර පොත් අල්ලාගන්නට,බාහිර වර්ණ සහ රූප ගැන උනන්දු වන වයස බැවින් ඒවාගේ රූප බලන්නට හොඳ ඉඩ කඩක් ලැබෙනවා.ඒ ඔස්සේ පරිකල්පන හැකියාව වර්ධනය වන අතර කතාන්දර නිරන්තරයෙන්ම මොළයට ව්‍යායාම් සැපයීමට සමත් වෙනවා.

පහත වගුව ඒ ඒ වයස් කණ්ඩය සඳහා සුදුසු පොත් පිළිබඳව පැහැදිළි  අදහසක් ඔබට ලබා දීමට සමත් වෙනවා.

වයස (මාස)සුදුසු පොත් වර්ගදෙමාපියන්ගේ අවධානය සඳහා
0-6 දක්වාරෙදි වලින් නිමවූ පොත්(ක්ලෝත් බුක්ස්)රබර් ආදී වතුර උරා නොගන්නා අමු ද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇති වතුරේ සෙල්ලම් කරන විට,නාන විට භාවිතා කල හැකි පොත්(බාත් බුක්ස්)මේ වයසේ දී දරුවන් ගේ පෙනීමේ හැකියාව වර්ධනය වෙමින් පවතින බව ඔබ දන්නවා.විවිධ වර්ණවත් සෙල්ලම් බඩු වගේම කොට් එකට ඉහලින් සංගීත රාවයක් සමග කැරකෙන උපකරණ ආදිය ලබා දෙන්නේ ඒ නිසයි.ඉතින් පොත් කියන්නෙත් තවත් එයින් එක උපකරණයක් පමණක් නෙවෙයි.මෙහිදී පොත්වල කතාවක් සහ අලංකාර චිත්‍ර ,පැදි ආදිය තිබෙන්නට පුලුවන්.අම්මා ට පුලුවන් දරුවා ගේ අතට මේ පොත් ලබා දෙන්නට වගේම ඒවාගේ වර්ණ චිත්‍ර නිරීක්ෂණය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්න.ඇල්ලීමට ,පොඩි කිරීමට අවස්ථාව දෙන්න.ඒ විතරක් නෙවෙයි එහි සඳහන් කතාව සෞම්‍යව කියා දෙන්න.මෙහිදී දරුවා ට මවගේ අවධනය හොඳින් ලැබෙනවා මෙන්ම සවන් දීමට මනා ලෙස හුරුවක් ඔහුට/ඇයට ලැබෙනවා.දරුවාගේ වාග් කෝෂය මෙයින් ශක්තිමත් වනවා.මාස හයක දරුවකු තවමත් කතා කරන්නේ නැතත් ඔබගේ සියලුම වචන දරුවාගේ මොලය විසින් ග්‍රහණය කරගනු ඇති.ඉතා ඉක්මනින් පැහදිලිව වචන උච්ඡාරණයට වගේම වචන රාශියක් මතක තබා ගැනීමේ හැකියාව,උත්තේජනය මෙයින් දරුවාට ලැබෙනවා. ඒ වගේම පොත් තෝරා ගැනීමේදී විව්ධ වර්ණයන්ගෙන් යුතුව තෝරා ගැනීම ගැන නිරතුරුව අවධානය යොමු කරන්න.
6-9බෝඩ් වලින් සාදන ලද බෝඩ් බුක්ස්,තරමක් ඝනකම් සහිත කොළවල මුද්‍රණය කල පොත්,සුපුරුදු බාත් බුක්ස්දැන් ඔයාගේ බබා පොත් අල්ලන්න,ඒවාගේ පින්තූර,විව්ධ චරිත හඳුනා ගැනීමට හොඳ හැකියාවක් තිබෙන වයසකයි ඉන්නෙ.පොත් වල නිතරම මොනවා හරි විශේෂ දෙයක් වෙනසක් තියෙනවා කියලා දැන් එයා දන්නවා.ඒ වගේම පිටු පෙරලන්න,ඉරන්න,හපන්න ,තුරුල් කරන් නිදා ගන්න මේ හැම දේකටම එයාට පොත් ඕන වෙනවා.ඒ වගේම එයාට දැන් තනිවම රූප බලන්නත්,ඔයා කියල දෙන කතාව රූප බලාගෙන ටික ටික තේරුම් ගන්නත් හැකියාව තියෙනවා.උත්සාහ කරනවා.
9-18බෝඩ් බුක්ස්,පිතූර කතා පොත්,සංගීත වාදනයක් සහිත ඕඩියෝ පික්ච බුක්ස්, ස්පර්ශක පොත්(ටච් බුක්ස්)තරමක  කුඩා කතාවක් ,පින්තූර ඇසුරින් තනිවම තේරුම් ගන්නට දැන් බබාට හොඳටම පුලුවන්.ඒ විතරක් නෙවෙයි වචන ගැට ගහමින් එයත් කතාව කියයි.එයාගෙ ම අලුත් කතා හදයි.සත්තු ඉන්න කතා,වාහන ආදියට විශේෂ කැමැත්තක් දක්වන්න තියෙන ඉඩකඩ මේ ව්‍යසේදී වැඩියි.ඒ විතරක් නෙවෙයි පැන්සල් ,පාට අරගෙන පොත් උඩ වගේම ඒ චරිත අඳින්නත් මේ වයසේ ක්‍රම ක්‍රමයෙන් උත්සාහ කරන ආකාරය බලන්න පුලුවන්.පොත් තෝරා ගැනීමේදී රිද්මායනුකූල වාක්‍ය හෝ කතාව සරල පද්‍ය වලින් ගායනා කරමින් කියන්නට පුලුවන් පොත් වලට මේ වයසේ බබාලා තවත් කැමතියි.ඒ වගේම ටච් බුක්ස් හරිම වැදගත්.විවිධ වෙනස් මතුපිට අත් දැකීමක් මේ නිසා දරුවන්ට ලැබෙනවා.
18-24පින්තූර කතා පොත් ,සංගීත පොත්,ස්පර්ශක පොත්(ටච් බුක්ස්),සලයිඩ් බුක්ස්දැන් තරමක් දිග කතා සහිත පින්තූර කතා තෝරා ගන්නට හැකියාව තියෙනවා.කතාව ඉක්මනින් ඉවර වෙනවාට අකමැති වෙන්නත් පුලුවන් නිසා අම්මා විදියට ඔයාටත් ඔයාගෙ නිර්මාණාත්මක කුසලතා අත් හදා බලමින් ඒ ඒ චරිත වලට අලුත් කතා හදන්නට ත් වේවි.සමහර විට එයාගෙ ප්‍රියතම පොත එක දිගටම කියවන්නත් වේවි.ඒ වගේම කතා තෝරා ගැනීමේදී දුක නොහිතෙන,විනෝදය ගෙන දෙන කතා තෝරා ගන්නත් මතක තියාගන්න.පුංචි යහපත් පුරුදු ගැන හැඟීමක් ඇති කරන්නට සුදුසු පොත් පවා මේ වයසට සුදුසුයි.මොකද එයා දැන් සමාජගත වන,පෙර පාසල් යන වයසට ඉතාමත්ම ආසන්න වෙමිනුයි සිටින්නේ.ස්ලයිඩ් බුක්ස් ආදිය නිසා තරමක සංකීර්න දේවල් තේරුම් ගැනීමේ හැකියාව ත් දරුවාට ලැබෙනවා.
24-36පින්තූර කතා පොත්ප්‍රබන්ධ සහ නිර් ප්‍රබන්ධ පොත්දැන් ඔබේ දරුවා ඉතාමත්ම හොඳින් පුහුණුව ලැබූ කියවන්නෙක්.සංකීර්ණ සංකල්ප ඉතාමත්ම පහසුවෙන් තෝරා බේරා තේරුම් ගැනීමට හැකියාව තියෙනවා.සෑම වර්ගයකම ශානරයන් නියෝජනය වන ලෙස ප්‍රබන්ධ ,නිර් ප්‍රබන්ධ පොත් දරුවාට ලබා දෙන්න.මතක තබා ගන්න.තවමත් ඔහුගේ/ඇයගේ ස්ටෝරි ටෙලර් ඔයා බව.මේ සියලුම දේවල් වලට ඔයාගේ ආදරණීය සහාය එයාට අවශ්‍ය වෙනවා.

චම්මි ඉරේෂා කරපුටුගල

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

පුතාලට අඬන්න හොඳ නැද්ද?

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?” පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

Related Posts

Parenting

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය දරුවන්ගේ ශාරීරික වර්ධනයට සහ මානසික සංවර්ධනයට උපකාර වන විටමින් සහ ඛනිජ ලවණ බහුල

Read More »
Parenting

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය දරුවන්ගේ ශාරීරික වර්ධනයට සහ මානසික සංවර්ධනයට උපකාර වන විටමින් සහ ඛනිජ ලවණ බහුල

Read More »
Parenting

පිළිකා නසා දරුවන්ගේ මළබද්ධය වළකන ගිතෙල් ගැන දැනගනිමු.

සියවස් ගණනාවක් පුරා ඉන්දියානු ආහාරවල ප්‍රධාන අමුද්‍රව්‍යක් ලෙස ගිතෙල් හඳුනාගත හැකියි. මේදයෙන් වෙන් වන තෙක් බටර් රත් කිරීමෙන් එය සාදන අතර එමඟින් විවිධ අරමුණු සඳහා

Read More »
Parenting

සිරීපාදයෙන් ආ පාචනයේ ඇත්ත කතාව

මේ දවස්වල හැමෝම බයෙන් ඉන්නෙ ශ්‍රී පාදයේ වන්දනාකරුවන්ගෙන් වාර්තා වුනු ලිස්ටීරියා කියන රෝගය ගැන.ලංකාවෙ අපිට එතරම් හුරුපුරුදු රෝගයක් නොවන නිසා ඔබ මේ නම අහලත් නැතිවෙන්න

Read More »