hit counter code

නිතර කලබල කරන දඟමල්ල පාලනය කරන්න රාජකීය පවුලෙන් හොඳ විසඳුමක්

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

පොඩ්ඩෝ කියන්නේ කොහොමත් දඟවැඩ කරන අය වුනාට, වැදගත් අවස්ථාවලදී ඔබේ පොඩ්ඩාගේ දඟ වැඩ නිසා ඔබ අපහසුතාවයට පත්වන අවස්ථා ඕනෑ තරම් ඇති එ මෙන්ම නිවසින් පිටතදී දඟ වැඩ කරන පොඩිත්තාව පාලනය කරගැනීම බොහොමයක් දෙමව්පියන්ට අපහසු කටයුත්තක් වෙලා. ඔබත් ඒ පිළිබඳව සිතමින් සිටින මවක් නම් ඔබට මේ විසඳුම වැදගත් වේවි.

එංගලන්තයේ ජෝර්ජ් කුමාරයා මෑත කාලයේ සිය රාජකීය ජන්මයට වඩා සුරතල් බව නිසා වඩ වඩාත්ම ප්‍රසිද්ධියට පත්වුණා. කුඩා කල පටන්ම මාධ්‍ය අවධානයට ලක්ව වැඩෙන්නට සිදු වුණත් ඔහුගේ දඟ වැඩවල ඉවරයක් නැති බව ඔහුගේ දෙමාපියන්වන විලියම් කුමරු සහ කේට් කුමරිය නිතරම සිනහ මුසුව පවසන්නක්. නමුත් බොහෝ ප්‍රසිද්ධ උත්සව වලදී ජෝර්ජ්ව සංසුන්ව තබා ගැනීමට මේ දෙපලට හැකිවුණා.

gallery-1469210927-obama

බොහෝ විට මෙම රාජකීය දෙමාපියන් කුඩා කුමරාගේ උසට ගැලපෙන අයුරින් හිඳ කතා කරන අයුරු නිතර කැමරා කාචවල නිතර සටහන් වුණා. බටහිර මාධ්‍ය අවධානය සැනින් ලැබුණු අතර බොහෝ දෙනාගේ අවධානය ඒ වත යොමු වුණි.

ජනාධිපති Obama කුමාරයාගේ නිල නිවස වන Kensington Palace වෙත පැමිණි අවස්ථාවේදී මෙන්ම වෙනත් ප්‍රසිද්ධ උත්සව අවස්ථා වලදී ද රාජකීය යුවල මෙම ක්‍රමය යොදා ගන්නට යෙදුනු අයුරු දක්නට ලැබුණා.

ළමා මනෝ විශේෂඥයන් සහ හැසිරීම් රටා පිළිබඳ විශේෂඥයන් ඉතාමත් අගය කරන මෙම ක්‍රමය‍ හඳුන්වන්නේ  ‘active listening’ යනුවෙනි. ඔවුන් පවසන්නේ සිඟිත්තන් හටතමාව අගය කරන බවක් මෙන්ම හොඳින් වටහා ගන්නා බවද හැඟෙන බවයි.

මෙහිදී අනිවාර්යයෙන්ම සිඟිත්තාගේ ඇස් මට්ටමට සිටිය යුතු අතර ඇස් දෙක දෙස සෘජුව බලා කතා කල යුතුවේ. මින් දරුවාට පැහැදිලිව ඇසෙන්නට හේතුවන අතර හැඟීම් ප්‍රකාශ කිරීම මෙන්ම භාෂාව ප්‍රගුණ කරන ආකාරයද ඉගෙන ගනියි. දැඟලිල්ල මින් ඉබේම පාලනය වේ.

ඔබටත් ඔබේ පොඩ්ඩාව සන්සුන් ව තබාගැනීම ගැටළුවක් වුනා නම් අද සිටම මේ පුංචි උපක්‍රමය අත්හදා බලන්න ඔබට පුලුවන් !

-කල්හාරි-

SmartLady.lk වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

පුතාලට අඬන්න හොඳ නැද්ද?

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?” පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

Related Posts

Parenting

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය දරුවන්ගේ ශාරීරික වර්ධනයට සහ මානසික සංවර්ධනයට උපකාර වන විටමින් සහ ඛනිජ ලවණ බහුල

Read More »
Parenting

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය දරුවන්ගේ ශාරීරික වර්ධනයට සහ මානසික සංවර්ධනයට උපකාර වන විටමින් සහ ඛනිජ ලවණ බහුල

Read More »
Parenting

පිළිකා නසා දරුවන්ගේ මළබද්ධය වළකන ගිතෙල් ගැන දැනගනිමු.

සියවස් ගණනාවක් පුරා ඉන්දියානු ආහාරවල ප්‍රධාන අමුද්‍රව්‍යක් ලෙස ගිතෙල් හඳුනාගත හැකියි. මේදයෙන් වෙන් වන තෙක් බටර් රත් කිරීමෙන් එය සාදන අතර එමඟින් විවිධ අරමුණු සඳහා

Read More »
Parenting

සිරීපාදයෙන් ආ පාචනයේ ඇත්ත කතාව

මේ දවස්වල හැමෝම බයෙන් ඉන්නෙ ශ්‍රී පාදයේ වන්දනාකරුවන්ගෙන් වාර්තා වුනු ලිස්ටීරියා කියන රෝගය ගැන.ලංකාවෙ අපිට එතරම් හුරුපුරුදු රෝගයක් නොවන නිසා ඔබ මේ නම අහලත් නැතිවෙන්න

Read More »