hit counter code

මේ දිනවල දරුවන් අතර බහුල Hand, Foot and Mouth disease (අත් පා මුඛ රෝගය)

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Hand, Foot and Mouth disease (අත් පා මුඛ රෝගය) මේ දිනවල කුඩා දරුවන් අතර බහුලව ඇති වෙන රෝගයක් ලෙස හඳුනා ගැනේ. Coxsackievirus නම් වෛරසය ආසාදනය වීම නිසා ඇති වේ. පහසුවෙන් බෝවන සුලු රෝගයකි. පැපොල රෝගයට සමානකමක් දක්වයි

රෝග ලක්ෂණ මොනවාද?

  • අත්වල, පාදවල සහ මුඛයෙහි රතු ලප සහ වතුර පිරුණු සුදු බිබිලි ඇති වීම.
  • වැළමිටෙහි සහ තට්ටම්වලත් මේ බිබිලි සහ ලප ඇති විය හැක.
  • සිරුර කැසීම.
  • උණ.
  • උගුරේ සහ මුඛයේ වේදනාව.
  • ගිලින්නට අපහසු වීම.

වැළඳෙන්නේ කොහොමද?

ආසාදිත පුද්ගලයෙකුගේ සම ස්පර්ශ වීම මගින් පහසුවෙන් බෝ විය හැක.

නැවත නැවත වැළඳීමේ හැකියාවක් තිබේද?

පැපොල රෝගය මෙන් වැළඳීමෙන් පසු ප්‍රතිශක්තිකරණයක් සිරුර තුළ ඇතිවීමක් සිදු නොවේ. එම නිසා නැවත නැවත වැළඳෙන්නට හැකියාව තිබේ.

මේ රෝගය භයානක ද?

ජීවිත හානි වීමේ අවධානම ඉතා අඩු අතර කලාතුරකින් නියපොතු හැලෙන්නට ඉඩක් තිබේ.

රෝගය හැදුනොත් මොකද කරන්නේ?

  • නිශ්චිත ප්‍රතිකර්මයක් නොමැති වුවත් අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.
  • බොහෝ විට සින්ක් අඩංගු ආහාර ගැනීමට උපදෙස් ලබා දේ. පැළ මුං හොඳ සින්ක් ප්‍රභවයකි.
  • ආසාදිත දරුවන් පාසල්,පෙර පාසල් වැනි දරුවන් ගැවසෙන තැන්වලට නොයැවන්න.

රෝගය වළක්වා ගන්නේ කෙසේද?

ආසදිත අයගෙන් හැකිතාක් ඈත් වී සිටීම කළ යුතු යි. පොදු ස්ථානවල ගැවසීමේදී යහපත් සනීපාරක්ෂක පුරුදුවල යෙදීමට දරුවන් පුහුණු කළ යුතුය.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

දරුවගේ ප්‍රතිශක්තය වැඩි කිරීමට කළ හැකි දේවල්

පොඩි දරුවෙක් ඉන්න අම්මලා තාත්‍තලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දරුවො නිතරම ලෙඩ...

Read More

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ...

Read More

කිරි දෙනකොට කොණ්ඩෙ යන්නෙ ඇයි?

බබා හම්බුනාට පස්සෙ එහෙමත් නැත්නම් කිරි දෙනකොට කොණ්ඩෙ යනඑක ඉතාම සුලබයි. මේකට...

Read More

Related Posts

Parenting

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ නීතිවේදිනියක විසින් ලබාදෙන සත්‍ය කතාවකි. ඉතා සංවේදී සිදුවීමක් බැවින් කතාවට සම්බන්ධ අයගේ නම

Read More »
Parenting

ප්‍රසූත වේදනා දැනෙන තුරු ම ගර්භනී බව නොදැන සිටි මවක්

ඒ සාමාන්‍ය දවසක්. සිල්ලර බඩු වෙළඳ සැලකට ගොස් සිටි කාන්තාවක් හදිසියේ අසනීප ගතියකට ලක් වුණේ නොසිතූ ලෙසට. ඉන්පසුව, ඇය ඒ අසල පිහිටි සුපිරි වෙළඳසැලක වැසිකිලිය

Read More »
Parenting

අම්මගෙ කේන්තිය පිට වෙන්නේ දරුවො පිටින් ද?

දෙමව්පියන්ගේ ඕනෑ ම හැසිරීමක් දරුවන්ට බලපානවා. කේන්තිය කියාත් වෙනසක් නැහැ. අම්මාගේ කේන්තිය වගේ ම තාත්තාගේ කේන්තියත් එහෙමයි. අපි අද කතා කරන්නේ අම්මාගේ කේන්තිය දරුවන්ට බලපාන

Read More »