hit counter code

ඔබේ දරුවාගේ කිරි බෝතලයත් ප්ලාස්ටික් ද?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

පසුගිය දාක ලෝකය පුරා රටවල් 98කින් ප්ලාස්ටික් සාම්පල ලබාගෙන ඒවායෙහි BPA තිබේදැයි පරීක්ෂාවට බඳුන් කර තිබුණි. ඒවායින් 78%ක, එනම් සාම්පල 76ක ම මෙම බිස්ෆීනෝල් A නැතිනම් BPA අඩංගු වී තිබුණි.

මෙම පර්යේෂණයට ශ්‍රී ලංකාවෙන් සාම්පල 10ක් යොමු කර තිබුණු අතර ඉන් සාම්පල 03ක ම බිස්ෆීනෝල් A අඩංගු බව හෙළි කරගන්නා ලදී.

BPA යනු කුමක්ද?

BPA යනු bisphenol A හි කෙටි යෙදුමයි. මෙය කාර්මික රසායනික ද්‍රව්‍යයක් වන අතර 1950 ගණන්වල සිට ඇතැම් ප්ලාස්ටික් වර්ග සහ රේසීන් සෑදීම සඳහා භාවිතා කරන ලදී.

BPA දක්නට ලැබෙන්නේ මොනවාගේද?

BPA පොලිකාබනේට් ප්ලාස්ටික් සහ ඉපොක්සි රේසින් වල දක්නට ලැබේ. පොලිකාබනේට් ප්ලාස්ටික් බොහෝ විට භාවිතා කරන්නේ වතුර බෝතල් වැනි ආහාර පාන ගබඩා කරන බහාලුම් සකසන්නට ය.

ඉපොක්සි රේසින් ආහාර ටින්, බෝතල් මූඩි සහ ජල සැපයුම් මාර්ග වැනි ලෝහ නිෂ්පාදනවල ඇතුළත ආලේප කිරීමට භාවිතා කරයි. සමහර දන්ත වෛද්‍ය කටයුතු වලදී ද BPA අඩංගු ද්‍රව්‍ය භාවිතා කරනු දක්නට ලැබේ.

ඒ අනුව ළදරු කිරි බෝතල්, පිඟන්, කෝප්ප ආදියෙහි මේවා අන්තර්ගත විය හැකිය.

BPA අඩංගු භාජන භාවිතය දරුවන්ට බලපාන්නේ කෙසේද?

සමහර පර්යේෂණ පෙන්වා දී ඇත්තේ BPA අඩංගු බහාලුම් වලින් BPA ආහාර හෝ බීම වලට කාන්දු විය හැකි බවයි. කළලවල, ළදරුවන්ගේ සහ දරුවන්ගේ මොළයට සහ පුරස්ථි ග්‍රන්ථියට මෙමගින් අහිතකර බලපෑම් ඇතිවිය හැකිය . එය දරුවන්ගේ හැසිරීමට ද අහිතකර ලෙස බලපෑ හැකිය. සමහර පර්යේෂණ මගින් රුධිර පීඩනය වැඩිවීම, දෙවන වර්ගයේ දියවැඩියාව සහ හෘද වාහිනී රෝග සහ BPA අතර සම්බන්ධතාවක් ගොඩනැගිය හැකි බවට යෝජනා කරයි.

ලංකාවේ තත්ත්වය

ඇතැම් රටවල BPA අඩංගු ප්ලාස්ටික් තහනම් වුවත් දැනට ලංකාවේ එවන් තත්ත්වයක් නොමැත.

පෙර කී පර්යේෂණයේ BPA වලින් නිදහස් (BPA Free) යැයි සඳහන් ප්ලාස්ටික් භාණ්ඩවල පවා ප්ලාස්ටික් කිලෝ ග්‍රෑම් 1ක BPA මයික්‍රෝ ග්‍රෑම් 0.9ක ප්‍රමාණයක් අන්තර්ගත වී තිබුණි.

දෙමව්පියන් දරුවන්ගේ කිරි බෝතල්, පිඟන්, කෝප්ප ආදිය ගැනීමට පෙර BPA වලින් තොර ද බලන්නේ දරුවන්ගේ සුරක්ෂික්ෂිතතාව තහවුරු කර ගැනීමටයි. නමුත් මෙසේ ප්‍රමිතියකින් තොරව වෙළඳපොළේ ප්ලාස්ටික් බඩු තිබෙන නිසා ඒ සඳහා විකල්පයකට යාම වඩාත් සුදුසුයි.

මේ සඳහා ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද ?

ඒ අනුව හැකිතාක් වීදුරු , වර්ණ නොගන්වන ලද පෝසිලේන් මේ සඳහා විකල්ප ලෙස භාවිතා කරන්නට උපදෙස් ලබා දෙනවා.

තොරතුරු ලබාගත්තේ පරිසර යුක්ති කේන්ද්‍රයේ ව්‍යාපෘති කළමනාකරණ නිලධාරී චලනි රණසිංහ කළ රූපවාහිනී සාකච්ඡාවක් සහ අන්තර්ජාලය ඇසුරිනි.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

දරුවගේ ප්‍රතිශක්තය වැඩි කිරීමට කළ හැකි දේවල්

පොඩි දරුවෙක් ඉන්න අම්මලා තාත්‍තලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දරුවො නිතරම ලෙඩ...

Read More

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ...

Read More

කිරි දෙනකොට කොණ්ඩෙ යන්නෙ ඇයි?

බබා හම්බුනාට පස්සෙ එහෙමත් නැත්නම් කිරි දෙනකොට කොණ්ඩෙ යනඑක ඉතාම සුලබයි. මේකට...

Read More

Related Posts

Parenting

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ නීතිවේදිනියක විසින් ලබාදෙන සත්‍ය කතාවකි. ඉතා සංවේදී සිදුවීමක් බැවින් කතාවට සම්බන්ධ අයගේ නම

Read More »
Parenting

ප්‍රසූත වේදනා දැනෙන තුරු ම ගර්භනී බව නොදැන සිටි මවක්

ඒ සාමාන්‍ය දවසක්. සිල්ලර බඩු වෙළඳ සැලකට ගොස් සිටි කාන්තාවක් හදිසියේ අසනීප ගතියකට ලක් වුණේ නොසිතූ ලෙසට. ඉන්පසුව, ඇය ඒ අසල පිහිටි සුපිරි වෙළඳසැලක වැසිකිලිය

Read More »
Parenting

අම්මගෙ කේන්තිය පිට වෙන්නේ දරුවො පිටින් ද?

දෙමව්පියන්ගේ ඕනෑ ම හැසිරීමක් දරුවන්ට බලපානවා. කේන්තිය කියාත් වෙනසක් නැහැ. අම්මාගේ කේන්තිය වගේ ම තාත්තාගේ කේන්තියත් එහෙමයි. අපි අද කතා කරන්නේ අම්මාගේ කේන්තිය දරුවන්ට බලපාන

Read More »