hit counter code

දරුවාට සමබල ආහාර වේලක් නොලැබුණොත්?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

වැඩෙන දරුවන්ට සමබල ආහාර වේලක් අත්‍යවශ්‍ය වෙන්නේ ඇයි?

ළපටි දරුවන් ඉක්මණින් වැඩෙනවා. පූර්ව ළමාවියේදි ඉතා වේගවත් ව කායික මානසික සංවර්ධනයක් සිදුවනවා. දරුවාගේ කායික සංවර්ධනය වේගවත් නිසා දරුවා අධිකව ක්‍රියාශීලි විය හැකියි. ඒ සමඟම දරුවාගේ මනසත් ඊට සමගාමීව ක්‍රියාත්මක වීමෙන් ඔහු/ඇය සමබල වර්ධනයක් පෙන්නුම් කරනවා. ඉතිං මේ සමබල වර්ධනයට රුකුලක් වශයෙන් සමබල ආහාර වේලක් දරුවාට අත්‍යවශ්‍යයි.

දරුවාගේ වර්ධනයට , ශක්ති ජනනයට සහ ගෙවීයන පටක අලුත් වැඩියාවට පිෂ්ඨය , ප්‍රෝටීන සහ මේදය නියමිත ප්‍රමාණ වලින් අවශ්‍ය වනවා. මේවා අපි මහා පෝෂක ලෙසින් හඳුන්වන්නෙ දරුවාට අත්‍යවශ්‍යම නිසා.

ලාංකිකයන් ලෙසින් අපේ ප්‍රධාන ආහාරය වන්නේ බත්. ඉතිං පිෂ්ඨය , හෙවත් කාබෝහයිඩ්‍රේට් නිතැනින්ම අපේ කෑමපතෙහි තිබෙනවා. මීට අමතරව අල වර්ග, පාන් ආදියෙත් පිෂ්ඨය අඩංගුයි. ප්‍රෝටීන අවශ්‍යතාවය බොහෝ සැපයෙන්නේ මාළු සහ මස් වලින්. මීට අමතරව දඹල වැනි රනිල කුලයේ ශාක වලින් ශාක ප්‍රෝටීන ලැබෙනවා. කජු, රටකජු, ආමන්ඩ්, මාළු අක්මා තෙල් ආදියෙන් හිතකර මේදය ලබාගන්න පුලුවන්. පිෂ්ඨයට සහ ප්‍රෝටීන වලට සාපේක්ෂව මේදය සුළුවෙන් දරුවාගේ ආහාරයට එක්කිරීම හිතකරයි. මන්ද යත්, අමතර පිෂ්ඨය සිරුරේ මේදය වශයෙන් ගබඩා විය හැකි නිසාවෙන්.

මීට අමතරව සුළු පෝෂක ලෙසින් විටමින් සහ ඛණිජ ලවණ අත්‍යවශ්‍යයි. විටමින් A, B සංකීර්ණය, C,D, E, K සහ කැල්සියම්, සින්ක්, මැග්නීසියම්, අයන්(‍යකඩ) සහ අයඩින් ආදිය ඉන් ප්‍රධානයි. සුළු පෝෂක කියා හැඳින්වූවත් මේවා දරුවාට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වෙනවා.

දරුවාට සමබල ආහාර වේලක් නොලැබුණොත්

උදාහරණයක් වශයෙන් දරුවාගේ ශක්තිය ලබාදෙන්නේ පිෂ්ඨයෙන්. නමුත් ශක්ති ජනන ක්‍රියාවලිය හොඳින් සිදුවීමට දරුවාගේ රුධිරයේ හිමොග්ලොබින් තිබිය යුතු වෙනවා. හිමොග්ලොබින් සෑදීමට යකඩ අත්‍යවශ්‍යයි. අපි ආහාරයට ගන්නා යකඩ අපේ ශරීරයට අවශෝෂණය වන්නට විටමින් C දායක වනවා.

දරුවාගේ ආහාරයේ යකඩ අඩංගු නොවේනම් දරුවා නීරක්තිය ( සාමාන්‍ය ව්‍යවහාරයෙන් නම් ලේ මදිවීම ) ට ගොදුරු වීමට සෑහෙන ඉඩ තිබෙනවා. නීරක්තියෙන් පෙළෙන දරුවාගේ වර්ධනය බාල වෙනවා. දරුවා නිතරම පණ නැති සොබාවයෙන් සහ අලස ලෙස කාලය ගත කරන ක්‍රියාශීලි නොවන දරුවෙකු බවට පත්වෙනවා. කායික සාමායෝජනය නොවන තැන දරුවාගේ මානසික වර්ධනයත් හීනවනවා.

මීට අමතර උදාහරණ වශයෙන් දරුවාගේ අස්ථි වර්ධනයට විටමින් D සහ කැල්සියම් ප්‍රධාන වශයෙන් අවශ්‍යයි. නැතහොත් අස්ථි දුර්වල වීම , රිකට්සියාව වැනි අස්ථි ආශ්‍රිත රෝග වලට දරුවා නිතැනින්ම ලක්වෙන්නට පුළුවන්.

නැවුම් එළවළු සහ පළතුරු, විශේෂයෙන්ම කහ පැහැති සහ කොළ පැහැති එළවළු වල විටමින් සහ ඛනිජ ලවණ අඩංගුයි. කතුරුමුරුංගා, මුරුංගා සහ කුඩා මාළු කැල්සියම් වලින් අනූනයි. දරුවාගේ ආහාරයට අයඩින් එක්කරගන්නට නම් ඔබට මුහුදු මාළු සහ ආහාර පිසීම සඳහා අයඩින් මිශ්‍ර ලුණු භාවිතා කිරීම තුළින් පුළුවන්. මීට අමතරව අලුත් එළවළු සහ පළතුරු වල අඩංගු ප්‍රතිඔක්සිකාරක අනාගතයේදි ඇතිවිය හැකි පිළිකාමය තත්ව වලින් දරුවා ආරක්ෂා කරනවා.

මීට අමතරව පෝෂ්‍ය පදාර්ථ නොවන නමුත් තන්තු සහ ජලය සමබර ආහාර වේලක අඩංගු විය යුතුයි.

තන්තු මගින් දරුවාගේ ආහාර ජීරණය සහ මළපහ පිටවීම පහසු කරනවා. ජලය සිරුරේ සමායෝජන ක්‍රියාවලිය පවත්වාගනිමින් දරුවා විජලනයෙන් ආරක්ෂා කරනවා.

දරුවාගේ වර්ධනය සඳහා සමබර ආහාර වේලක වැදගත්කම මින් ඔබට පැහැදිලි වනවා ඇති…

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Parenting

පුංචි පැටියට පෙර පාසලක් සොයනව ද ?

මල් පිපි ඵලබර වූ ගසක් සශ්‍රීයව පලබර වන්නේ  එහි මූල පද්ධතිය ශක්තිමත් නම් පමණි. දෙමාපින්ගේ  වටිනාම සම්පත වන්නේ දරුවන්ය. දරුවන්ගේ අනාගතය පැහැබර කිරීම දෙමාපියන්ගේ ප්‍රධාන

Read More »
Parenting

දරුවාට වෙනත් භාෂාවක් උගන්වන්නේ කොහොමද?

දරුවන්ට නිවසේ පාවිච්චි කරන භාෂාවට අමතරව වෙනත් භාෂාවක් උගන්වන්න පුලුවන්ද? ඒ සඳහා සුදුසුම කාලය මොකක්ද? අද ලිපිය ඒ ගැන.දරුවන්ට භාෂා කිහිපයක් ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා.

Read More »
Parenting

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ නීතිවේදිනියක විසින් ලබාදෙන සත්‍ය කතාවකි. ඉතා සංවේදී සිදුවීමක් බැවින් කතාවට සම්බන්ධ අයගේ නම

Read More »
Parenting

ප්‍රසූත වේදනා දැනෙන තුරු ම ගර්භනී බව නොදැන සිටි මවක්

ඒ සාමාන්‍ය දවසක්. සිල්ලර බඩු වෙළඳ සැලකට ගොස් සිටි කාන්තාවක් හදිසියේ අසනීප ගතියකට ලක් වුණේ නොසිතූ ලෙසට. ඉන්පසුව, ඇය ඒ අසල පිහිටි සුපිරි වෙළඳසැලක වැසිකිලිය

Read More »