hit counter code

කිරි වමනය වළක්වන්න ගුඩුස් යවන්නෙ මෙහෙමයි

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

අලුත උපන් බිලිඳෙක්ට තමන්ට දැනෙන දේවල් වචනවලින් කියන්න හැකියාවක් නැහැ. ඒ නිසා බිලිඳාගේ කුඩා හැසිරීමක් ගැන පවා මවුපියන් සිටින්නේ දැඩි අවදානයකින්. බොහෝ වෙලාවට මවු කිරි බිව්වාට පස්සේ බිලිඳාට ඇතිවෙන වමනය ගැන මවුවරුන් කලබල වෙනවා. බිලිඳු වයසෙදි දරුවාට ඇතිවෙන මේ කිරි වමනය ගැන ඇත්තටම බිය විය යුතු ද කියන ප්‍රශ්නය ගැන අපි කතා කරමු.

මොකක්ද මේ කිරි වමනය?

අලුත උපන් බබාට මාස හයක් යනතුරු දෙන්නේ මවුකිරි විතරයි. එයාට මුල් කාලයේදී නිවැරදි විදිහට මව් කිරි උරා බොන්න හුරුවක් නැහැ. ඒ වගේ ම සමහර අවස්ථා වලදී දරුවා කිරි උරාබොන්න උත්සහ කරන්නේ වැරදි  ඉරියව්වක සිටින අතරේ. මේ නිසාම බොහෝ වෙලාවට මව් කිරි උරා බොන අවස්ථාවේදී අවට වාතයත් දරුවාගේ ආහාර මාර්ගය ඔස්සේ ආමාශයට ඇතුල් වීම සිද්ධ වෙනවා. ආමාශයට ඇතුල්වෙන වාතය එහි ඉහළ  කොටසෙයි රැඳී තියෙන්නේ. ටිකෙන් ටික අමාශය පිරෙද්දි බිලිඳාගෙ සිරුර මේ පිරුණු වාතය ඇඟෙන් ඉවත් කරවන්න උත්සහ කරනවා. ඒ නිසා ආමාශයේ වැසී තිබෙන කපාට විවෘත වීමෙන් ආහාර මාර්ගය දිගේ ඉහළට මේ වාතය පැමිණෙනවා. මේ ආකාරයට ආමාශයේ පිරුණු වාතය එලියට යද්දි ඒත් එක්කම කිරි ස්වල්පයකුත් එළියට එන්න ඉඩ තියෙනවා. ඒ අවස්ථාවේදීයි දරුවාට කිරි වමනය ඇති වෙන්නේ.   කිරි බිවුවාට පස්සේ සමහර වෙලාවට ළපටියාගේ කටෙන් කිරි ස්වල්පයක් එළියට එනවා ඔබ දැක ඇති.  මෙය අලුත උපන් ළදරුවන්ගේ දකින්න පුළුවන් සාමාන්‍ය තත්ත්වයක්.

කිරි වමනය වළක්වා ගන්නට නම් කළ යුත්තේ කුමක් ද ? 

මේ වගේ සිදුවීමක් වළක්වාගන්න නම් කිරි දුන්නාට පස්සේ මව විසින් බිලිඳාට සාමාන්‍ය  කිරි වමනය ඇති කරවන්න ඕන. අපි ‘ ගුඩුස් යවනවා ‘ ( burping ) කියා හඳුන්වන්නේ මේ ක්‍රියාව. ගුඩුස් යැවීම මගින් සිද්ධ කරන්නේ ළදරුවාගේ කිරි උරන අවස්ථාවේදි ආමාශයේ එකතු වෙන වාතය  ඉවත් කරවීම. ඒ විදිහට වාතය ඉවත් වුණාට පසුව දරුවා කිරි වමනය කරාවි කියා බිය වෙන්න අවශ්‍ය වන්නේ නැහැ.

නිවැරදි ව burp කරන්නේ කොහොමද ? 

ගුඩුස් යැවීම සිද්ධ කරන්න ආකාර කිහිපයක් ම තියෙනවා – ( Burping Methods )

• පලමු ක්‍රමය

බිලිඳාව උරහිසට අරගෙන වඩා ගන්න. මේ වෙලාවේ බිලිඳාගෙ නිකට  මවගෙ උරහිසේ ගෑවෙන විදිහට තියෙන්න ඕනි. ඒ වගේ ම මවගෙ එක අතකින් දරුවාගෙ කොන්ද, හිස, බෙල්ල ඍජුව තියෙන විදිහට ආධාරයක් ලබා දෙන්න අවශ්‍යයි. මීලඟට දරුවාගේ බඩ ප්‍රදේශය මවගෙ ඇඟට තද වෙන විදිහට තබාගෙන විනාඩි කිහිපයක් කොන්දට සෙමෙන් තට්ටු කරන්න.

• දෙවන ක්‍රමය

එහෙම නැත්නම් මව පුටුවක ඉඳගෙන දරුවාව උකුල උඩ වාඩි කර ගන්න. මීලඟට දරුවාගේ බඩ එක අතකට තද වෙන විදිහට තියාගෙන අනෙක් අතෙන් සෙමින් කොන්දට තට්ටු කරන්න.


මේ විදිහට විනාඩි කිහිපයක් සිදු කරද්දී දරුවාට ගුඩුස් යාම සිද්ධ වෙනවා. ගුඩුස් යවලා සාමාන්‍ය ඔක්කාරය ඇති කෙරෙව්වාට පස්සේ දරුවාව නිදි කරවන්න පුලුවන්.

කිරි වමනයට බය වෙන්න ඕනෙ මොන වෙලාවට ද? 

සමහර අවස්ථාවලදී ආමාශයේ පිරෙන වාතය වැඩිපුර එක්‍ රැස් වීම නිසා හදිසියේම කිරි විශාල ප්‍රමාණයක් එක්කම වාතය පිටතට පැමිණෙන්න පුලුවන්. එවිට ළදරුවාගේ කටින් කිරි පිටතට විදින්න ඉඩ තියෙනවා. ( Projectile Vomiting ) මේ වගේ අවස්ථාවක් භයානක වෙන්න පුලුවන්. එයට හේතුව ආහාර මාර්ගය දිගේ පිටතට එන කිරි ළදරුවාගේ ස්වසන මාර්ගයට ඇතුල් වෙන්න පුළුවන් කමක් තිබීම. ඒ වගේ දෙයක් සිද්ධ වුණොත් එය දරුවාගේ ස්වසනයට බාධා ඇති කරවනවා.

අධික කිරි වමනයකදී කළ යුත්තේ කුමක්ද ? 

යම් අවස්ථාවකදි දරුවා කිරි ඈතට විදින විදිහට කිරි වමනය කරනවා නම්, හැකි ඉක්මනින් මෙන්න මේ ක්‍රියාමාර්ග ගන්න ඕනි.

බිලිඳාව ඔබ සිටින ඇඳේ පැත්‍තකට හරවන්න. දරුවාගෙ හිස ප්‍රදේශය පහළට සිටින විදිහට කකුල් දෙකම තරමක් ඉහළට ඔසවා පිරිසිදු රෙදි කඩකින් කටත් නාසයත් පිස දමන්න. ඉන් පසුව දරුවාගේ යටිපතුලට ඔබේ මහපට ඇඟිල්ලෙන් පීඩනයක් ලබා දී දරුවාව අඬවන්න. ඉන්පසු දරුවා ඉහලට වඩා ගන්න.

කිරි එලියට විදින ආකාරයට කිරි වමනය යාමකින් පස්සේ දරුවාගේ සමේ පැහැය වෙනස් වීමක් හෝ දරුවා  හුස්ම ගැනීමට අපහසුවක් දක්වනවා නම් හැකි ඉක්මනටම රෝහල වෙත ගෙන යාම වැදගත්.

මෙහිදී මතක තබාගතයුතු කාරණය තමයි, කිරි උරා බොන අවස්ථාවේදී ළදරුවාට ඇතිවෙන කිරි වමනයට බියවිය යුතු නැහැ. එය බොහොම සාමාන්‍ය තත්ත්වයක්. දරුවාට සාමාන්‍ය කිරි වමනය, එහෙම නැත්නම් ගුඩුස් යැවීම සිද්ධ වෙනවා කියන එකෙන් අදහස් වන්නේ දරුවාගේ ආහාර ජීර්ණ පද්ධතිය නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක වෙන බවයි. ඒ නිසා මවුකිරි ලබා දුන්නාට පසු දරුවාට ගුඩුස් යැවීමට උදව් කිරීම මවගේ වගකීමක්.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

Как рассчитывают позиции ведущих казино Пинко Казино

Сейчас участвовать в азартных играх с реальным выводом пользователи могут в удобном...

Read More

Каким образом составляют рейтинги топовых казино Пинко Казино

В настоящее время проводить сессии с выводом денег пользователи могут в удобном...

Read More

Statut n° 2021-502 en 26 févriér 2021 en rapport avec pour rehausser le avec constitution physique dans votre amitié sauf que votre simplification deux

Aisé Au sujet des rapport avec ses l’Emploi français de la biodiversité...

Read More

Related Posts

Breastfeeding

කිරි දෙනකොට කොණ්ඩෙ යන්නෙ ඇයි?

බබා හම්බුනාට පස්සෙ එහෙමත් නැත්නම් කිරි දෙනකොට කොණ්ඩෙ යනඑක ඉතාම සුලබයි. මේකට හේතුවෙන්නෙ රුධිරයේ තියෙන ඊස්ට්‍රජන් මට්ටම අඩුවෙන එක. අද අපි මේ ලිපියෙන් කතා කරන්නෙ

Read More »
බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට
Health

අලුත් පැටියට බාලගිරි දෝෂය ද?

අලුතෙන් ගෙදරට ගෙනාපු පැටියා නවත්තන්නෙම නැතුව අඬනකොට අපේ අම්මලා නැන්දම්මලා කියන්නෙ බබාට බාලගිරි දෝෂය කියලා. ඇත්තටම මේ බාලගිරි දෝෂය කියන්නෙ මොකක්ද? අතීතයේ සිට ලංකාවෙ තියෙන

Read More »
Infant

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර වූ තැන ලිකුච යුසින් අඹරා ගන්නේ.. ළපටින් ළදරුම වලිප්පු උනඳුට කොත්තමල්ලි තම්බා දෙන්නේ..

Read More »
Breastfeeding

කිරිදෙන අම්මාට ඩයට් කරන්න පුලුවන් ද?

ගර්භණී කාලය කියන්නෙ ශරීරයේ වෙනස්කම් ගොඩක් සිදුවෙන කාලයක්. මේ වෙනස්කම් අතර ප්‍රධානම දෙයක් තමයි බර වැඩිවීම. බබා ලැබුණට පස්සෙ කලින් හිටපු ගානටම බර අඩුකරගන්න එක

Read More »